එකිනෙකාගේ විවිධත්වය වටහාගත් සමාජයක,

ගෞරවණීය සහ පහසු ජීවිතයක් හිමි කරගැනීමේ මනුෂ්‍ය අයිතිවාසිකම වෙනුවෙන් පෙළ ගැසෙමු.

සන්නිවේදනය

සන්නිවේදනය

වාචිකව සන්නිවේදනය කිරීමට නොහැකි යන්නෙන් අදහස් කරනුයේ වටහා ගැනීමට සහ සිතීමට නොහැකි යන්න නොවේ. එසේම වාචික සන්නිවේදනය යනු එක සන්නිවේදනය ක්‍රමයක් වන අතර ඔටිසම් දරුවන්ට අප සහය දිය යුත්තේ ඕනෑම මාධ්‍යක් භාවිතා කර ඔවුන්ගේ සිතුවිලි සහ අදහස් ප්‍රකාශ කරගැනීමටය.

Learn More
සංවේදන

සංවේදන

ඔටිසම් පුද්ගලයිගේ ස්නායු විවිධත්වය හේතුවෙන්  අවට පරිසරය සම්බන්ධයෙන් ඇති සංවේදීතාවය අවම හෝ අධික විය හැකිය. එකී සංවේදන සංවේදීතාවයේ අසමබරතාවය සමබර කරගැනීමට සහ දරාගැනීමටත් එයින් අපහසුතාවයක් ඇති වීම අවම කරගැනීමටත් සහය ලබා දිය යුතුය. එසේම සමාජය ඒකී විවිධත්වය වටහා ගැනීමෙන් ඔටිසම් ප්‍රජාවට විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය සහය වඩාත් ප්‍රගතිගාමී ලෙස ලැබීමට හැකියාව ඇත.

Learn More
ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම් යනු කිසි විටෙක බලහත්කාරකම් නොවෙන ඔටිසම් දරුවන් කැමති ඔවුන්ගේ Play සහ ඔවුන් වඩාත් කැමති විෂයන්, වස්තූන් භාවිතා කර නිර්මාණය කර දෙන ක්‍රියාකාරකම්‍ ය. එසේම ඔටිසම් දරුවන්ගේ සංවේදන සංවේදීතාවය සමබර කරගැනීමටත්, මනස වඩාත් සන්සුන් කරගැනීමටත්, චාලක හැකියාවන් සංවර්ධන කර ගැනීමටත් Play Activities සහය වේ.

Learn More
විවිධත්වය

විවිධත්වය

සියලුම මනුශ්‍යයින්ගේ ස්නායු විවිධත්වයෙන් පිහිටා ඇත. එම නිසා අප සියළු දෙනාම මේ ලෝකය අත්විඳින්නේ එකිනෙකට වෙනස් ලෙසය. ඔටිසම් ප්‍රජාව ඔටිසම් නොවන ප්‍රජාවගෙන් වෙනස් වෙන්නේ ඔවුන්ගේ ස්නායු පිහිටීම බහුතර සාම්ප්‍රදායික ලෙසට පිහිටා නැති නිසාය. එය කිසිසේත්ම අසාමාන්‍යතාවයක් නොවේ. එය ඔවුන්ගේ අනන්‍යතාවය සනිටුහන් කරන විවිධත්වයකි. එහෙයින් විවිධත්වයෙන් යුතු දරුවන්ගේ අයිතිවාසිකම්ද සමාජයක් ලෙස අප සුරැකිය යුතු අතර අනාගත පරපුර යනු විවිධත්වයෙන් යුතු දරුවන්වද ඇතුළුව සියලුම දරුවන්ගේ නියෝජනයක් බව වටහා ගත යුතුය.

Learn More
එමලිගේ ලෝකය

එමලිගේ ලෝකය

එමලි ඔටිසම් අනන්‍යතාවය සමඟ ලංකාවේ උපත ලද දරුවෙකි. මෙකී මහ පොළොවට ඇයට ඇති හිමිකම සුරක්ෂිත කිරීමට සහ ඇයගේ විවිධත්වය පිළිගන්නා සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම මත ඇයගේ දෙමව්පියන් ” ඔටිසම්” පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. සෑම ඔටිසම් දරුවෙක්ටම ඔවුන්ගේ විවිධත්වය තුළ ජීවත් වීමට අයිතිවාසිකම හිමි විය යුතුය. එසේම සෑම දරුවෙක්ටම ලැබිය යුතු සහ ලැබෙන සියළුම වරප්‍රසාද ඔටිසම් දරුවන්ටද ලැබිය යුතුය. ඔවුන්ගේ හඬ නිහඩ වීමට නොව සමාජය පුරා පැහැදිලිව ඇසෙන්නට මනුශ්‍ය‍යත්වයේ දෑත් පෙරදැරි කරගෙන අප අපගේ සහය ලබා දිය යුතුය. එමලි ඇයගේ විවිධත්වය හරහා නියෝජනය කරන්නේ සමස්ත ඔටිසම් දරුවන්ගේ විවිධත්වයයි. ඇයගේ හඬ යනු සියළුම ඔටිසම් දරුවන්ගේ හඩයි.

Learn More
ඉතිහාසය

ඉතිහාසය

ඔටිසම් විවිධත්වයට ඉතා පැරණි ඉතිහාසයක් ඇත. මානවායාගේ සිටම විවිධත්වය ජාන හරහා වෙනස් වෙමින් පැමිණි අතරම මේ වන විට ලෝකයට ඔටිසම් යන විවිධත්වය අසාමාන්‍යතාවයක් නොවේ. ඔටිසම් ප්‍රජාව ඉතිහාසය තුළ තමන්ගේ පැවැත්ම සහ අයිතිවාසිකම් වෙනුවෙන් කළ අරගලයන් පිළිබදව නිවැරිදි දැනුම හරහා ඔටිසම් ප්‍රජාවගේ අයිතිවාසිකම් කොතරම් ප්‍රමුඛත්වයෙන් සළකනවාදැයි අප වටහාගත යුතුය.

Learn More
Gestalt Language Processing (GLP)

Gestalt Language Processing (GLP)

Gestalt Language Processing” යනු දරුවන් භාෂාව ඉගෙන ගන්නා විශේෂ ක්‍රමයකි.සාමාන්‍යයෙන් දරුවන් වචනෙන් වචනය භාෂාව ඉගෙන ගත්තද, Gestalt ක්‍රමය යටතේ දරුවා සමස්ත වාක්‍ය ඛණ්ඩ හෝ “කැබලි” මුලින්ම ඉගෙන ගනී. උදාහරණයක් ලෙස, “ඔයාට කුකියක් ඕනද?” වැනි සම්පූර්ණ වාක්‍යයක් ඔවුන් තනි ඒකකයක් ලෙස මතක තබා ගනී.මෙම ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, ඔවුන් අසා ඇති වාක්‍ය ඛණ්ඩ නැවත නැවත කීම (echolalia) ය. මෙය අරමුණක් නොමැතිව කරන පුනරුච්චාරණයක් නොව, සන්නිවේදනයේ ක්‍රමයකි.

Learn More

Latest Articles

එමලිට අවුරුදු හතක්

එමලිට අවුරුදු හත ලැබුවා පහු උන 24 වෙනිදා. උපන්දිනය කිව්වම එමලි ඒක තේරුම් ගන්නේ Happy Birthday කියලා ඉටිපන්දම නිවලා කෙක්...

Read More

එමලිගේ Milkshake beach

එමලිව අපි අරගෙන යන්නේ ගෙවල් වලට ටිකක් ලඟ බීච් එකකට. එමලි එතන්ට කියන්නේ ” Milkshake beach ” කියලා. ඒකට හේතුව...

Read More

මම්මාච්චිගේ ගෙදර

එමලි එයාගේ මම්මාච්චිගේ ගෙදරට යන්න ලෑස්ති වෙන්නේ ඉස්සර අපි පොඩි කාලේ අම්ම තාත්තා එක්ක ගමේ යනවා වගේ. මම්මාච්චි මහ දුරක...

Read More