එකිනෙකාගේ විවිධත්වය වටහාගත් සමාජයක,

ගෞරවණීය සහ පහසු ජීවිතයක් හිමි කරගැනීමේ මනුෂ්‍ය අයිතිවාසිකම වෙනුවෙන් පෙළ ගැසෙමු.

සන්නිවේදනය

සන්නිවේදනය

වාචිකව සන්නිවේදනය කිරීමට නොහැකි යන්නෙන් අදහස් කරනුයේ වටහා ගැනීමට සහ සිතීමට නොහැකි යන්න නොවේ. එසේම වාචික සන්නිවේදනය යනු එක සන්නිවේදනය ක්‍රමයක් වන අතර ඔටිසම් දරුවන්ට අප සහය දිය යුත්තේ ඕනෑම මාධ්‍යක් භාවිතා කර ඔවුන්ගේ සිතුවිලි සහ අදහස් ප්‍රකාශ කරගැනීමටය.

Learn More
සංවේදන

සංවේදන

ඔටිසම් පුද්ගලයිගේ ස්නායු විවිධත්වය හේතුවෙන්  අවට පරිසරය සම්බන්ධයෙන් ඇති සංවේදීතාවය අවම හෝ අධික විය හැකිය. එකී සංවේදන සංවේදීතාවයේ අසමබරතාවය සමබර කරගැනීමට සහ දරාගැනීමටත් එයින් අපහසුතාවයක් ඇති වීම අවම කරගැනීමටත් සහය ලබා දිය යුතුය. එසේම සමාජය ඒකී විවිධත්වය වටහා ගැනීමෙන් ඔටිසම් ප්‍රජාවට විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය සහය වඩාත් ප්‍රගතිගාමී ලෙස ලැබීමට හැකියාව ඇත.

Learn More
ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම් යනු කිසි විටෙක බලහත්කාරකම් නොවෙන ඔටිසම් දරුවන් කැමති ඔවුන්ගේ Play සහ ඔවුන් වඩාත් කැමති විෂයන්, වස්තූන් භාවිතා කර නිර්මාණය කර දෙන ක්‍රියාකාරකම්‍ ය. එසේම ඔටිසම් දරුවන්ගේ සංවේදන සංවේදීතාවය සමබර කරගැනීමටත්, මනස වඩාත් සන්සුන් කරගැනීමටත්, චාලක හැකියාවන් සංවර්ධන කර ගැනීමටත් Play Activities සහය වේ.

Learn More
විවිධත්වය

විවිධත්වය

සියලුම මනුශ්‍යයින්ගේ ස්නායු විවිධත්වයෙන් පිහිටා ඇත. එම නිසා අප සියළු දෙනාම මේ ලෝකය අත්විඳින්නේ එකිනෙකට වෙනස් ලෙසය. ඔටිසම් ප්‍රජාව ඔටිසම් නොවන ප්‍රජාවගෙන් වෙනස් වෙන්නේ ඔවුන්ගේ ස්නායු පිහිටීම බහුතර සාම්ප්‍රදායික ලෙසට පිහිටා නැති නිසාය. එය කිසිසේත්ම අසාමාන්‍යතාවයක් නොවේ. එය ඔවුන්ගේ අනන්‍යතාවය සනිටුහන් කරන විවිධත්වයකි. එහෙයින් විවිධත්වයෙන් යුතු දරුවන්ගේ අයිතිවාසිකම්ද සමාජයක් ලෙස අප සුරැකිය යුතු අතර අනාගත පරපුර යනු විවිධත්වයෙන් යුතු දරුවන්වද ඇතුළුව සියලුම දරුවන්ගේ නියෝජනයක් බව වටහා ගත යුතුය.

Learn More
අපේ කතාව

අපේ කතාව

එමලි ඔටිසම් අනන්‍යතාවය සමඟ ලංකාවේ උපත ලද දරුවෙකි. මෙකී මහ පොළොවට ඇයට ඇති හිමිකම සුරක්ෂිත කිරීමට සහ ඇයගේ විවිධත්වය පිළිගන්නා සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම මත ඇයගේ දෙමව්පියන් ” ඔටිසම්” පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. සෑම ඔටිසම් දරුවෙක්ටම ඔවුන්ගේ විවිධත්වය තුළ ජීවත් වීමට අයිතිවාසිකම හිමි විය යුතුය. එසේම සෑම දරුවෙක්ටම ලැබිය යුතු සහ ලැබෙන සියළුම වරප්‍රසාද ඔටිසම් දරුවන්ටද ලැබිය යුතුය. ඔවුන්ගේ හඬ නිහඩ වීමට නොව සමාජය පුරා පැහැදිලිව ඇසෙන්නට මනුශ්‍ය‍යත්වයේ දෑත් පෙරදැරි කරගෙන අප අපගේ සහය ලබා දිය යුතුය. එමලි ඇයගේ විවිධත්වය හරහා නියෝජනය කරන්නේ සමස්ත ඔටිසම් දරුවන්ගේ විවිධත්වයයි. ඇයගේ හඬ යනු සියළුම ඔටිසම් දරුවන්ගේ හඩයි.

Learn More
ඉතිහාසය

ඉතිහාසය

ඔටිසම් විවිධත්වයට ඉතා පැරණි ඉතිහාසයක් ඇත. මානවායාගේ සිටම විවිධත්වය ජාන හරහා වෙනස් වෙමින් පැමිණි අතරම මේ වන විට ලෝකයට ඔටිසම් යන විවිධත්වය අසාමාන්‍යතාවයක් නොවේ. ඔටිසම් ප්‍රජාව ඉතිහාසය තුළ තමන්ගේ පැවැත්ම සහ අයිතිවාසිකම් වෙනුවෙන් කළ අරගලයන් පිළිබදව නිවැරිදි දැනුම හරහා ඔටිසම් ප්‍රජාවගේ අයිතිවාසිකම් කොතරම් ප්‍රමුඛත්වයෙන් සළකනවාදැයි අප වටහාගත යුතුය.

Learn More

Latest Articles

ඔටිසම් සහ තාක්ශණය

Screen එක කියන්නේ Digital devices එකක්.එතකොට කොහොමද මේ Digital devices එකෙන් දරුවන් ඔටිසම් වෙන්නේ? Autism Spectrum Disorder කියන්නෙ ස්ක්‍රීන් එක...

Read More

ඔටිසම් බබාලට උගන්වන විදිය

Neurodivergent දරුවන්ට Neurotypical දරුවන් ඉගෙන ගන්න ක්‍රමවේදයන් යටතේ ඉගෙන ගන්න අසීරුයි. ඒ වගේම ලංකාවේ කිසිම දරුවෙක්ට මේ අධ්‍යාපන ක්‍රමවේදය පොඩ්ඩක්වත්...

Read More