ඔබගේ ඔටිසම් දරුවා නිරන්තරයෙන් අතක් කරකවන්නේ නම්, ඇඟිලි තුඩු එකිනෙකට තද කරන්නේ නං, ඇඟිලි නිරන්තරයෙන් හපන්නේ හෝ ශරීරය පද්දන්නේ නම්, Toys පේලියට තබන්නේ නම්, එකම හඬ හෝ වචනය රිපීට් කරන්නෙ නම් මේ ආකාරයේ නිරන්තරයෙන් නැවත නැවත සිදු කරන ක්‍රියා ස්ටිමින් (Stimming) ලෙස හදුන්වයි.

Vocal and auditory stimming 

ඒ කියන්නේ බබාලා කටින් නිකුත් කරනු ලබන ශබ්ධ

  • නොයෙක් ශබ්ධ නැවත නැවත මුවින් පිට කිරීම
  • මිමිණීම ( තාලයකට හෝ නැතිව) 
  • යම් වාක්‍ය නැවත නැවත කීම 
  • උස් හඩින් කෑ ගැසීම 

Auditory stimming 

ශ්‍රව්‍ය  කියන එක තමයි Auditory කියන එකේ තේරුම. එතකොට මේ Stimming එක කන හා ශබ්ධය කියන එකත් එක්ක සම්බන්ධයි.

  • මේසයට තට්ටු කිරීම
  • වෙනත් භාණ්ඩ වලට තට්ටු කිරීම
  • ඇඟිලි එකිනෙක ඇතිල්ලීම
  • උගුර යටින් නිකන් ගෙරවීම වගේ ශබ්ධ නැඟීම 

Olfactory or Taste stimming 

මෙක රසය හා සුවඳ කියන එක හා සම්බන්ධ Stimmig 

  • යම් භාණ්ඩ වල හෝ මිනිසුන්ගේ සුවද බැලීම
  • භාණ්ඩ ලෙව කෑම
  • ආහාර නොවන දෑ කටේ දා ගැනීම 

Visual stimming 

මේක දෘශය සංවේදනයේ ඇති ඌන හා අධි තත්වය නිසා කරන Stimming

  • යම් භාණ්ඩයක් දෙස එක එල්ලේ බලා සිටීම (සිවිලිං ෆෑන් එක දෙස හෝ යම් ආලෝකයක් දෙස බලා සිටීම) 
  • නොනවත්වා ඇස් පිල්ලම් ගැසීම 
  • ඇසි ඉදිරියේ ඇඟිලි එහා මෙහා කිරීම
  • විදුලි බුබුලු දැමීම හා නිවා දැමීම
  • දෙත් එකට ගැසීම 
  • ඇස් කැරකැවීම
  • යමක් දෙස ඇස් කොණින් බැලීම 
  • භාණ්ඩ හෝ සෙල්ලම් බඩු පේලියට තැබීම

Vestibular stimming

ශරීරයේ සමබරතාව හා සම්බන්ධ Stimming

*පැද්දීම 

*කැරකැවීම

*උඩ පැනීම,බප්ම් වීම 

*රවුමට කැරකැවීම 

*දිවීම 

Tactical stimming 

මේක ස්පර්ශය හා සම්බන්ධ Stimming 

  • ශරීරය අත ගෑම 
  • අත කැරකැවීම 
  • තට්ටු කිරීම 

හිස කෙස් සැපීම, කන් ඇල්ලීම්, ඇස පොඩි කිරීම, අතින්  ශරීරයේ යම් තැනකට තට්ටු කිරීම, තොල් සපාගෙන සිටීම යන යම් කිසි හැසිරීමක් ඔබ දකිනවා නම් එය නතර කිරීමට ඔබගේ  දරුවාට බල නොකරන්න, නොගසන්න, සැර නොකරන්න. දරුවා එසේ කරන්නේ එම දරුවාගේ මනසට ඉතා සීඝ්‍රයෙන් පැමිණෙන හැඟීම්, දැනීම් තෝරා බේරාගෙන මනස සන්සුන් කරගැනීමටයි. ඔටිසම් දරුවන්ගේ stimming ඔවුන්ට ඉතා වැදගත්ය. ඒ පිළිබඳව ඔබ අනිවාර්යයෙන් දැනුවත් විය යුතුමය.

හිතන්න ඔබ මිතුරු හමුවකට ගියා කියලා. එතන ඉන්නවා ඔබගෙ මිතුරන් බොහෝ දෙනෙක් කතා කරමින්, හයියෙන් හිනා වෙමින්. සමහරු කෑම කනවා. සමහරු බොනවා. තවත් සමහරු කණ්ඩායම් හැදිලා පරණ කතන්දර මතක් කරලා හිනා වෙනවා. එක පැත්තකින් හයියෙන් සිංදුවක් දාලා. ඒකට සමහරු නටනවා. මේ වගේ තැනකට ගියාම ඔබට පුලුවන් ඒ සද්ද, කෑම වල සුවද, එකිනෙකා ගේ දර්ශන සියල්ල පිළිවෙළට මොළයට ග්‍රහණය කර ගන්න. වටේ දකින ඇහෙන අප්‍රමාණ දේවල් අතර ඔබට පුලුවන් ඔබේ යහළුවෙකු සමඟ කතා කරන්න. ඔබගේ යහළුවා කියන දේට අවධානය දෙන්න. ඔටිසම් පුද්ගලයින්ට මේක ටිකක් අසීරු වෙන්න පුලුවන්. රූප, සද්ද, සුවඳ, ස්පර්ශය, හැඟීම් මේ හැම දේම එක්වර ඉතා වේගයෙන් මොළය හරහා ගමන් ගන්නවා. එක වර මේවා තෝරා බේරා ගන්න, දරාගන්න අපහසුයි. ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවෙක් නම් ඒකෙන් ඇති වෙන පීඩාව නිසා අත් දෙකෙන් කන් වසාගෙන අඩන්න පුලුවන් . එහෙමත් නැත්තන් මම අර කලින් කිව්වා වගේ අත කරකවන්න, ඇඟ පද්දන්න, ඇඟිලි හපන්න වගේ දෙයක් කරන්න පුලුවන්. ඒක තමයි Stimming ( ස්ටිමින් ) කියන්නේ. ඒක ඔටිසම් දරුවන් එයාලගෙ මනස සන්සුන් කරගන්න කරන උපක්‍රමයක් කිව්වොත් හරි.

අම්මා කෙනෙක්ට ඉන්නවා නං රෝද කැරකැවෙනවා එක දිගට බලන් ඉන්න ඔටිසම් බබෙක් හරි සෙල්ලම් කාර් එකක රෝදයක්, හරි ෆෑන් එකේ පෙති කරකැවෙන හැටි පැය ගාණක් එකම තැන ඉදන් බලන් ඉන්න රෝදයක් අරන් ඒකම කර කව කව ඉන්න බබෙක් ඒ ගැන කළබළ වෙන්න එපා. ඒ දරුවා එහෙම කරන්නේ එයාගේ මනස සන්සුන් කරගන්න.එයට සහය දීමට එවැනි ක්‍රියාකාරකම් කිරීමට අවශ්‍ය Fidgets toys දරුවාට ලබා දෙන්න.

ඔටිසම් දරුවන්ට හැඟීම් (Emotions) තෝරා බේරා ගැනීමට හා දරාගැනීමට අසීරු වෙන්නත් පුලුවන්. මනුශ්‍යයන් වන අප හැඟීම් වලට ඇති සංවේදීතාවයයි. සතුට, බිය, දුක, වේදනාව, කුතුහලය, උද්දාමය, අතීතකාමීත්වය, ආදරය, පුදුමය, ශුංගාරය, තෘප්තිය සහ තවත් බොහෝමයක් හැඟීම් වලට සංවේදීය. අපේ ඔටිසම් දරුවන්ට මේ සංවේදන තෝරා බේරා ගන්න සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම අසීරු වෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවන් වලදීත් Stimming හරහා එයාලා මනස සන්සුන් කරගන්න පුලුවන් .

ඔටිසම් අන්න්‍යතාවය සහිත තරුණ තරුණියන් ඔවුන්ගේ Stimming හරහා ඔවුන්ට ලැබෙන මානසික සහනය සහ සුවතාවය ගැන කළ ප්‍රකාශ කීපයකි මේ

  • ශරීරය පුරාම තදට බැඳලා තිබ්බ ලණුවක ගැටයක් ලිහුවම දැනෙනවා වගේ  පහසුවක් දැනෙනවා
  • මම ස්ටිම් කරේ නැත්තෙන් මට දැනෙන්නේ මාව පිච්චෙනවා වගේ 
  • හුස්ම ගොඩක් වෙලා තද කරන් ඉඳලා එක පාරට හුස්ම ටික එලියට නිදහස් කරාම දැනෙන සැහැල්ලුව
  • වළාකුළක් උඩ ඉන්නවා වගේ.හරියට මම ඉගිල්ලෙන්න හදනවා වගේ සැහැල්ලුයි
  • මගෙ පපුවේ තියලා තිබ්බ මහා බරක් අයින් කරා වගේ 
  • මට දැනෙනවා ආරක්ශිත බවක් සහ මගේ ශරීරය මනස සමඟ සම්බන්ධ උනා වගේ පරිපූර්ණ සතුටු හැඟීමක් 

මේ තමයි සෙල්ලම් කාර් එකක රෝදයක් කරකවන, ෆෑන් එකේ පෙති කරකැවෙන බලන් ඉන්න, අතක් එහා මෙහා පද්දන, ඇඟිල්ලක් කටේ දමාගෙන ඉන්න, කොණ්ඩේ අල්ලමින් සිටින ඔටිසම් දරුවන්ට ඒ මොහොතේ දැනෙන හැඟීම. එයාලා එයාලගෙ මනස සන්සුන් කරගන්න, පාලනය කරගන්න කරගන්න තමයි මේ ක්‍රියාකාරකම් කරන්නේ. එතකොට මේ ක්‍රියාවන් බලහත්කාරයෙන් එක පාර නතර කරාම මොකක්ද වෙන්නේ? එයාලගෙ මනස කළබල වෙනවා, පාලනය කරගන්න බැරි වෙනවා. එතකොට ඔටිසම් දරුවන් කලබලකාරී වෙන්න පුලුවන්. හඩා වැටෙන්න, තමන්ට හානියක් කරගන්න පුලුවන් . 

එසේම Happy stimming කියා දේකුත් ඇත. සතුට හා විනෝදය අධික වීමෙන් එය දරාගත නොහැකිව යම් යම් ක්‍රියාකාරකම් කිරීම. උදාහරණයක් උද්දාමයට පත් වූ විට හයියෙන් සිනා සෙමින් උඩ පැනීම, නිවස තුළ වේගයෙන් එහා මෙහා දිව යෑම, එකම ගීත කොටස සිනා සෙමින් නැවත නැවත කීම යනාදිය.

ඔබගේ ඔටිසම් දරුවාගේ ලෝකය අප දකින අප විඳිනා ලෝකයට හාත්පසින්ම වෙනස් බව ඔබට වැටහෙනවා නේද? ඔටිසම් දරුවාගේ අපට නුහුරු යම් යම් ක්‍රියාකාරකම් දුටු විට බියට පත් නොවන්න. ඒ ඇය  හෝ ඔහු Stimming කරනා ආකාරය විය හැකිය. Busy board (බිසී බෝර්ඩ්) යනුවෙන් ඔටිසම් බබාලට නිර්මාණය කරන ලද බෝඩ් වර්ග ඇත. ඒවා නිවසේදී ඔබට සාදා ගත හැකිය. ලී බෝඩ් එකක් ගෙන එහි යම් යම් දෑ සවි කර මේ බිසී බෝඩ් එක සාදා ගනී. සෙල්ලම් රෝද, දොරක අඟුලක්, ස්විචයක්, යතුරකින් ඇරීමට වැසීමට හැකි ඉබ්බෙක් වැනි ඔබගේ දරුවා කැමති දේවල් මේ බෝර්ඩ් එකේ සවි කරන්න. එවිට දරුවා එහි ඇති ක්‍රියාකාරකම් කිරීමට පෙළඹෙනු ඇත.

කරකවන්නට හැකි, ඔබන්නට හැකි, කෑලී ගලවා සවි කරන්නට පුලුවන් සෙල්ලම් බඩු ඔබගේ ඔටිසම් දරුවාට ලබා දෙන්න.

stimming යනු යම් ක්‍රියාකාරකමක් නැවත නැවත කිරීම සහ ශාරීරික චලන හා නිකුත් කරනු ලබන ශබ්ධයි. Repatriate behavior එකකි.