මේ ඉන්නේ සවිත්. අවුරුදු 18. Level 3 / Non – speaking ඔටිසම් තරුණයෙක්. සවිත් ඉන්නේ ඩුබායි වල. සවිත්ගේ අම්මා තමන්ගේ දරුවාගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරන අම්මෙක්. විශේශයෙන් ලංකාවේ ඔටිසම් විවිධත්වය ගැන තියන නිවැරිදි නොවෙන මත සහ අදහස් අපි නිවැරිදි කරන්නේ අපේ දරුවන්ගේ විවිධත්වය තවදුරටත් විනිශ්චයට ළක් වීම වළක්වන්න.

සවිත්ගේ අම්මා මට එවපු වීඩීයෝ ඇතුළේ මම දැක්කේ හැකිතාක් Comfortable විදියට තමන්ගේ අභියෝග කළමනාකරනය කරගෙන කුසලතා සමඟ ජිවිතයට මූණ දෙන දරුවෙක්ව. සවිත්ට හඩක් තියනවා. සවිත්ට ආදරය පිරුණු හදවතක් තියනවා.ලෝකය දකින සහ අත්විදින විවිධත්වය වෙනස් නොකර සවිත්ගේ දෙමව්පියන් තමන්ගේ පුතාට නිර්මාණය කරලා දීලා තියෙනවා ගෞරවනීය සහ ඔහුගේ විවිධත්වය පිළිගන්නා ඉඩක්.

මේ Journey එක සාමකාමී හා එකාකාරී රේඛාවක් දිගේ ගලාගෙන යන එකක් නෙමේ.අභියෝග සිය දහසක් මැද්දේ , තමන්ගේ දරුවගේ විවිධත්වය වටහා ගන්න අපහසු මිනිසුන් අතර මේ අම්මා දරුවා වෙනුවෙන් උත්සාහ ගන්නවා සමාජය දැනුවත් කරන්න. ඒකයි අපි මේ දෙමව්පියන් එකතු වෙලා කරමින් යන්නේ. අපිට අවශ්‍ය විනිශ්චයකින් තොරව අපේ දරුවන් වටහා ගැනීම සහ පිළිගැනීම.

මම සවිත්ගේ අම්මා පේජ් එකට දාන්න එවපු කෙටි සටහන පහළින් අමුණනවා.
“My 18-year-old son’s ASD diagnosis brings its own set of challenges. As a non-verbal child, communication is a daily struggle. Tantrums and refusal are his ways of expressing himself. His unique needs, like excessive hand-washing and sanitizer use, can be overwhelming. Despite the difficulties, I see a loving heart shining through. Managing his Challenges can be tough. What hurts most is seeing others struggle to understand him. As his mom, my heart aches witnessing his struggles, but I’ll continue to advocate, support, and love him unconditionally.”

මුල් සබැඳිය : Meet Savith (සවිත්)