රෝගීකම අපරාධයක් නෙවෙයි, දම්වැල් දාලා හිරකරන්න! 

“සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ සිදුවුණු ඒ අවාසනාවන්ත ඛේදවාචකයත් එක්ක සමාජ මාධ්‍යවල දකින්න ලැබුණු සමහර මත දැක්වීම් ඇත්තටම සමාජයක් විදියට අපි කොච්චර පසුගාමීද කියන එක තහවුරු කරනවා.
මානසික ආබාධ සහිත හෝ ඩිමෙන්ෂියා (Dementia) රෝගයෙන් පෙළෙන ඒ අසරණ වයෝවෘද්ධ අම්මලා තාත්තලාව දම්වැල්වලින් ගැටගහලා තියපු එක සමහරු හරිම සැහැල්ලුවෙන් සාධාරණීකරණය කරනවා දැක්කා.
“පාලනය කරන්න බැරි නිසා ගැටගහන්න වෙනවා”, “අංගොඩත් ඔහොම තමයි” කියලා කියන එක අතිශය වැරදි, අමානුෂික මතයක්!
ලෝකයේ දියුණු කිසිම රටක, මොනම තත්ත්වයක් යටතේවත් මානසික රෝගියෙක්ව දම්වැල් දාලා ගැටගැසීම සම්පූර්ණයෙන්ම තහනම්. උදාහරණයක් විදිහට කැනඩාව වැනි රටවල, රෝගියෙක්ව මෙහෙම සිරකර තැබීම දණ්ඩනීය වරදක්. කැනේඩියානු අයිතිවාසිකම් ප්රඥප්තිය යටතේ එය හැඳින්වෙන්නේ “කුරිරු සහ අමානුෂික සැලකීමක්” විදිහටයි. ලංකාවේ වුණත්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (අංගොඩ රෝහල) දැන් මේ වගේ දම්වැල් භාවිත කරන්නේ නැහැ.
රෝගියෙක් තමන්ට හෝ අන් අයට හානියක් කරගන්න හදන අතිශය හදිසි අවස්ථාවකදී වුණත්, වෛද්‍ය විද්‍යාවේදී භාවිත කරන්නේ “අවම සීමා කිරීමේ මූලධර්මය” (Least Restraint Principle). ඒ කියන්නේ වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ, තාවකාලිකව රෝගියා සන්සුන් කරන ඖෂධ (Chemical Restraints) හෝ තුවාල සිදුනොවන විශේෂිත මෘදු වෛද්‍ය පටි (Medical Straps) විතරයි. ඒකත් කරන්නේ අනතුර මඟහැරෙනකම් විතරයි. රෝගී වුණා කියලා මනුෂ්‍යත්වයට තියෙන අයිතිය, තමන්ගේ ආත්ම අභිමානය නැතිවෙන්නේ නැහැ.
අසරණ වයෝවෘද්ධ රෝගීන්ට දම්වැල් දාලා සත්තු වගේ සිරකරන එක නෙවෙයි විසඳුම. ඔවුන්ට අවශ්‍ය කරන්නේ ආදරය, දයාව, සහ නිසි වෛද්‍ය විද්‍යාත්මක රැකවරණය විතරයි. අමානුෂික දේවල් සාධාරණීකරණය කරන සමාජයකින් මිදිලා, රෝගීන් දිහා වඩාත් මානුෂීය සහ විද්‍යාත්මක ඇසකින් බලන්න දැන්වත් අපි පුරුදු වෙමු! 

https://www.facebook.com/

Cony