Autism සහිත දරුවෙකු ඇති දැඩි කරන සියලුම අමිමලාට ආදරෙන්….❤️

කොතරම් වෙහෙස වුවත් අද

කඩා වැටුනත් මෙ සිත

කෙතරමි හැඩුවත් ඇස් දෙක

නමුත් ආයෙමත්

නැගිට හෙට

සියල්ල මුල සිට කරන ඔබ

ඒ දහිරියට වචන නැත…..

 

යම් මතු දිනක දකිනට

පුංචිම හෝ එලියකට හීන මවන

ඒ දවස ඈත නැත ඇත්තමය….

 

කිසිදා නොසිතූ දේවල් ඉගෙන ගෙන

ඒ අමුතු ලෝකයට හැඩගැසෙන

ඔබේ ඒ දහිරියෙන් මග දකින

දිනෙක ඒ දරුවා දිනනු නියතය…..

 

මැදියමි රෑ , පාන්දර දෙකට

නිදිමරා වෙහෙසෙන

එකම එක තැනක් විය

ඒ ඔබෙ නිවස මිස වෙන කොහෙද

කෙතරමි වෙහෙසද

ඒ හැගුම

කවදා හෝ අවසන් වෙයිද

මේ‍ ගමන…..

 

කෑ ගසා බිම වැටී අඩන ඒ පොඩි හිත

උදවිවට උත්තර හොයන

කඩා වැටුනු ඔය හිත…..

 

කියා ගන්නට වචන නෙමැතිව අතරමංව

ඒ අත පය පහර දෙන විට ඔබට

තමාට තමා නැති කරන් වෙහෙසෙන

ඔය හිත පෑරෙන තරම……

 

රෝහලට , වෙලද සැලට , සාදයට

ගියත් ඔය කොයි තැනක

වියවුල් වී අසරන වූ ඒ පොඩි හිතට

සහයක් නැතූව පොර බදන

ඔබ විතරමය…..

 

ලැබිය යුතු දේ ලබා ගන්නට

දිනපතා වෙහෙසෙන ඔබට

ඇහුන්කමි නොදෙන බව දැන දැනම

සටන අත නොහරින හයිය

ඒ ඔබෙ සැටිය…..

 

දරැවාට ලෙඩක්ද අපලද

අනුන්ගේ ප්‍රශ්න නිමක් නැත

හරිම මූසලය පවිකාරය

ඔබට ඇනුමි පද එමටය

සියල්ල තනිවම උසුලන

ඔබට ඔබ පමනය….

 

ඔබ තරම් දරා ගත්

කෙනෙක් තවත් නැත

ඒ ශක්තියට සම වන කිසිත් නැත

ඔබ තනිවී නොමැත මිතුරිය

ඔබ සමග මාත් මෙතැනය

ඉතින් මෙ ගමන අපි ඇවිද යමු නොවෙද….

 

-නිසංසලා අබේසේන-

 

මුල් සබැඳිය : යම් මතු දිනක