අවුරුදු 3 දී ඔටිසම් තහවුරුව ලැබුන Ryan Woodard එක වචනයක් කතා කරේ නෑ. ඒත් භාශාව කියන්නේ සන්නිවේදනය කරගන්න එක ක්‍රමයක් විතරයි. Rayan ට තිබුනා සංගීතයට පුදුමාකාර ආසාවක්. එයාගේ Hyperfocus එක තිබ්බේ Music වලට. ලංකාවේ ඔටිසම් දරුවන්ට නං සිංදුවක් අහන්නවත් බහුතරයක් වෛද්‍යවරුන් හෝ තෙරපිවරුන් විසින් අවසර දෙන්නේ නෑ.දෙමාපියන්ට උපදෙස් දෙනවා සම්පූර්ණයෙන් මේ රසවින්දනයෙන් දරුවා ඈත් කරන්න. ඒත් බුද්ධිමත් දෙමාපියන් කවදාවත් තමන්ගේ දරුවන්ගේ ආසාවන් හා දක්ශතාවයන්ට බාධා කරන්නේ නෑ. ඒ වගේම තමයි Rayan ගේ දෙමාපියන් බය උනේ නෑ තමන්ගේ දරුවා සමහර දවස් වලට එකම සිංදුව ආයේ ආයේ සියවතාවක් උනත් අහන් ඉන්න පුරුද්දට. මේවා Repetitive behaviors කියලා නතර කරේ නෑ. ඒ වෙනුවට එයාලා කරේ තමන්ගේ පුතාට Music instruments ගෙනල්ලා දුන්න එක. වැඩි වැඩියෙන් ගීත CD ගෙනල්ලා දුන්න එක. Rayan ගිටාර් Play කරන්න වැඩි කැමැත්තක් දැක්වුවා. ඔහුගේ දෙමාපියන් වටහා ගත්තා Rayan සන්නිවේදනය කරගන්න උත්සාහා කරන්නේ සංගීතය හරහා කියලා. Rayan ගේ හිතේ තියන සෑම හැඟීමක්ම ඔහු සංගීතය එක්ක බෙදා ගත්තා.

කාලය ගෙවිලා ගියා. අවුරුදු නමය වෙනකොටත් Rayan වචන හරහා සන්නිවේදනය කරගත්තේ නැහැ. ඒත් ඒක ගැටළුවක් උනේ නෑ. හේතුව ඔහුට මාර්ගයක් තිබ්බා ලෝකය එක්ක සම්බන්ධ වෙන්න. ඒ තමයි සංගීතය.

අවුරුදු දහය ලැබුවා. රයන්ගේ මනසේ මෙතෙක් කාලයක් නැවත නැවත ඇහුම්කන් දුන්න හැම සිංදුවකම පද පේලී කොපි වෙලා තිබ්බා. රයන් කතා කරන්න පටන් ගත්තා ප්‍රථම වතාවට. ඒ ඔහු මනසේ කොපි කරගෙන තිබූ දහස් ගණන් සිංදු වල පද පේළී හරහා. ඔන්න ඒ විදියට තමයි රයන් කතා කරන්න ගත්තේ. අද වෙනකොට රයන්ට එයාගෙම කියලා Music band එකක් තියනවා වගේම එයා සිංදු කියනවා. හිතාගන්න පුළුවන් ද අවුරුදු 10 ක් වෙනකල් කතා නොකරපු ඔටිසම් දරුවා මේ වෙනකොට ලෝකයක් ඉස්සරහා වේදිකාව මත සිංදු කියනවා කියන එක. ඇත්තටම මේක අරුමයක් නෙමේ. මේක තමයි Neurodivergent මොළයක හැඩය. මේක තමයි ඔවුන්ගේ නිදහස ඔවුන්ට ලබා දුන්නම යන්න පුළුවන් දුර.

 

දෙමාපියන්ට තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් තියනවා අපූරූ ඉවක්. දැනීමක්. මේක තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් විතරක් තියන දැනීම. මෙන්න මේ දැනීම විස්වාස කරන්න. දරුවාට සහය දෙන්න සහ එයාගේ හීන හොයාගෙන යන්න එයාට උදව් කරන්න පුළුවන් එයාගේ දෙමාපියන් වෙන අපට විතරයි කියන සිතුවිල්ල කවදාවත් වරදින්නේ නෑ. ඒ නිසා දරුවන් ඔවුන්ට අයිති නැති අමුතු චරිත අස්සට ඔබන්න උත්සාහා කරන්න එපා. විශේශයෙන් Neurodivergent දරුවන් Neurotypical දරුවන් කරන්න යන්න එපා. කවදාවත් දරුවන්ගේ විවිධත්වය අවතක්සේරුවට ලක් කරන්න එපා.