මම ඩොක්ටර් Mark Bowers ට සෑහෙන්න කැමතියි සහ පුදුමාකාර විදියට ගෞරව කරනවා. Dr. Mark කියන්නේ ඔටිසම් දරුවන්ගේ විවිධත්වය පිළිඅරගෙන දරුවන්ට සහය දෙන ඩොක්ටර් කෙනෙක්. ඒ විතරක් නෙමේ ඔටිසම් ගැන කරන දැනුවත් කිරීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අති විශිෂ්ටයි.
ඩොක්ටර් Mark ටික් ටොක් lIve එනවා. ඇවිල්ලා දෙමාපියන් ,ගුරුවරුන් සහ ඕනේම කෙනෙක් ඔටිසම් දරුවන් ගැන , ඔටිසම් ගැන අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. මම Notification on කරලා තියෙන්නේ ඩොක්ටර් Live ආවම දැනගන්න. මොන තරම් වැඩ වල හිටියත් අනිවාර්යෙන් මම ඒ Live එකට සහභාගී වෙනවා. මේ ඩොක්ටර් කොයිතරම් සීරියස් විදියට ඔටිසම් ගැන දැනුවත් කරන සහ ඔටිසම් දරුවන් වෙනුවෙන් සේවය කරන කෙනෙක්ද කියනවා නං අහන එක ප්‍රශ්නයක්වත් මඟ හරින්නේ නෑ.මම එක Live එකකදි ඇහුවා ” Does monotropism influence sensory processing and overload?” කියලා. මම පේජ් එකේ ලිව්වා Monotropism ගැන. වෙබ්සයිට් එකෙත් තියනවා ඕනේම කෙනෙක්ට කියවන්න පුලුවන්. මෙන්න මේ Monotropism සහ Sensory අතර සම්බන්ධය ගැන මම මේ දවස් වල කියවනවා. Dr Mark ඒකට උත්තර විදියට කිව්වේ That’s a really interesting question. I need to look into it and get back to you with an answer.” කියලා. ඒ කියපු විදියටම ඊළඟ Live එකේදී ඩොක්ටර් ඒ ගැන පැහැදිලි කරා. ඒ ගැන මම ලියන්නම්. මෙන්න මේ වගේ හිතාගන්න බැරි විදියට අපිට සහය දෙන ඩොක්ටර් කෙනෙක්. දැන් මේ වීඩියෝ එකෙන් ඩොක්ටර් පැහැදිලි කරන්නේ පුදුමාකාර වැදගත් දෙයක්. ඔටිසම් දරුවාගේ විවිධත්වය වටහාගන්නේ නැතුව දරුවගේ දුර්වලතා ගැනම කියනවා නං අන්න ඒවා තෙරපි වල Red flag කියලා ඩොක්ටර් පැහැදිලි කරනවා.
මම වීඩීයෝ එකේ කියන ටික සරලව පහලින් ලියන්නම්.
” තෙරපි Session වලදී හෝ IEP meetings වලදී දරුවාගේ දුර්වලතාම හයිලට් කරනවා නං ඒක red flag එකක්.neurodivergent දරුවන් කියන්නේ Fix කරන්න අවශ්‍ය ව්‍යාපෘති නෙමේ.ඔවුන් සහය අවශ්‍ය මනුශ්‍යයින්. මොනවද අඩු කියන එකට ෆෝකස් කරන නෙමේ අවශ්‍ය.
උදා – ◈ ඔටිසම් දරුවන් පහසුවෙන් යහළුවන් ඇති කරගන්නේ නෑ
◈ එක තැන සන්සුන්ව ඉන්නේ නෑ
◈ විධාන දෙක තුනක් Follow කරන්න බෑ
ඒත් මේ Missing මොනවද කියන එක හයිලයිට් නොකර මොනවද දරුවන් තුළ තියෙන කුසලතා කියලා හඳුනගන්න.
උදා – ◈ ඔවුන් ඉතා නිර්මාණශීලී විය හැකියි
◈ එයාලා කැමති විශයකට, මාතෘකාවකට අධ්ක අවධානය යොමු කිරීම.
◈ ඔබලාව පුදුමකරවන සුළු ගැඹුරු හැඟීම් ඔවුන් තුලින් හදුනාගන්න පුලුවන්
නිතරම දරුවාගේ දුර්වලතා හෝ අඩුපාඩු ගැන කතා කරනකොට වෙන්නේ මොකක්ද? දරුවා විශ්වාස කරන්න ගන්නවා තමන් තුළ අඩුවක් , දුර්වලතාවයක් තියනවා කියලා.ඔවුන් බිඳුණු දරුවන් කියලා. ඒක තෙරපි නෙමේ.ඒක හානියක්.
අපි මොකක්ද කළ යුත්තේ? දරුවා දිහා බලන කෝණය වෙනස් කරන්න. හැම අභියෝගයක් පිටිපස්සෙම යම් කුසලතාවයක් තියනවා. ඒවා සංවර්ධනය කරන්න. පොඩි ජයග්‍රහණයක් උනත් සමරන්න. තෙරපි හරහා දරුවාව ශක්තිමත් කරනවා මිසක් ලැජ්ජාවට පත් කිරීම විය යුතු නෑ. ඔටිසම් දරුවන්ට පහසු ජීවිතයක් නිර්මාණය කරගන්න සහය ලබා දෙන්න ඕනේ. තමන්ට එකතු වෙන්න අපහසු රාමුවක් ඇතුලට දරුවාව පුහුණු කරන එක නෙමේ වෙන්න ඕනේ ” .
⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃⁃
ඔටිසම් දරුවන්ගේ සංවර්ධනය ඔටිසම් නොවන දරුවන්ගේ සංවර්ධනය එක්ක එකට සාපේක්ශව බලන එක අපි නතර කරන්න ඕනේ. හැම දරුවෙක්ගේම කුසලතා සහ අභියෝග වෙනස්. ඔටිසම් දරුවන්ව ඔටිසම් නොවන දරුවන් විදියට Fix කරන්න උත්සාහ ගන්නේ නැතුව නිවැරිදි සහය දෙන්න. මේ වගෙ අප්ඩේට් දැනුම නොමිලේ බෙදා දෙන වෛද්‍යවරුන් තෙරපිවරුන් ගොඩක් ලෝකේ ඉන්නවා. තෝරගන්න දරුවාගේ විවිධත්වය පිළිඅරගෙන සහය දෙන පුද්ගලයින්ව.
