අපේ ශලනි ඉරිදා දවසේ පොඩි මොහොතක මූණ දුන්න අභියෝග ගැන තමයි මේ පෝස්ට් එක ලියලා තියෙන්නෙ. මේකේ තියන සමහර කාරණා ගැන මම පොඩි දෙයක් කියන්නම ඕනේ. ජිත්ම park එකට ගියපු වෙලාවේ Lady කෙනෙක්ගේ නළල ඉඹින්න හෝ නිකන් සුවඳ බලන්න ගිහින්. ලංකාවේ වගේ ඔටිසම් දරුවන්ගේ ,තරුණයින්ගේ මේ වගේ හැසිරීම් මානසික ලෙඩ හෝ අසහනකාරී හැසිරීම් විදියට දකින්නේ නෑ දියුණු රටවල් වල. ඒකට හේතුව ඒ බහුතරයක් දෙනා දන්නවා මේ වගේ දේවල් කරන්නේ සංවේදන අවශ්‍යතා නිසා කියලා. මට මතකයි දවසක් KFC එකට ගියාම එමලි එක පාරට අපි ඉඳන් හිටපු මේසෙන් නැගිටලා වෙන මේසෙක හිටපු කෙනෙක්ගේ අතේ තිබ්බ ෆෝන් එක අරන් ඒකේ කවරේ බලලා එයාට දුන්නා. ඒ සිදුවීම ක්ෂණිකව සිද්ධ වුන නිසා අපිට වළක්වන්න බැරි උනා. එමලි එහෙම ෆෝන් කවරේ  බැලුවේ එමලිගේ තියන දෘශ්‍ය සංවේදන සංවේදීතා වෙනස නිසා.ඒ ෆෝන් කවරේ තිබ්බ පාට හෝ ඩිසයින් එක දිහා බලලා එමලි එයාගේ ස්නායු උත්තේජනය කරගත්තා. ඒ මිනිස්සු මේක හොඳ වෙලාවට දැක්කේ පොඩි දරුවෙක්ගේ ළමා හැසිරීමක් විදියට මිසක් නරක හැසිරීමක් විදියට නෙමේ.ඒ කොහොම උනත් අපි sorry කියලා එමලිව එතනින් අරන් ගියා.

ඒ වගේම තවත් දවසක අපි Kfc එකෙන් එළියට එන්න හදනකොට එමලි දොර ලග හිටපු කෙනෙක්ගේ කොකා කෝලා කප් එක එක පාරටම ගන්න ගියා. ඒකට හේතුව එමලිට ඒ කප් එකේ කොකා කෝලා කියලා ලොකුවට ප්‍රින්ට් කරලා තිබ්බ අකුරු වල හැඩ වලට ආස හිතිලා.එමලිට තේරෙන්නේ නෑ එයා මෙහෙම කරන එක හොඳ නෑ කියලා.ඒකට හේතුව සමාජ නීතී රීතීන් ගැන අවබෝධ කරගන්න තාම අපහසු නිසා. එදා අපි එයාට කොකා කෝලා කප් කීපයක්ම අරන් දුන්නා ගෙදර ගේන්න..ඉතිං මේ වගේ සංවේදන සංවේදීතා හැඩයන් වල විවිධත්වය නිසා ඔටිසම් දරුවන්ගේ ,පුද්ගලයින්ගේ හැසිරීම් විවිධාකාර වෙන්න පුලුවන්.ඒවා නරක හැසිරීම් නෙමේ.

අපේ ගෲප් එකේ ආදරණීය අම්මා කෙනෙක් මූණ දීලා තියන බරපතළ මානසික ගැටලුවක් ගැනත් ඉක්මනට ලියන්නම්. තමන්ගේ ඔටිසම් දියණිය පන්තියේ අනෙක් දරුවන්ව බදාගන්නවා සහ පන්තියේ ගුරුවරයාව බදාගෙන ආදරය පෙන්වනවා කියලා ඒ පන්තියේ අනෙක් දරුවන්ගේ ( ඔටිසම් නොවන) දෙමාපියන් මේ අම්මට කියලා තිබ්බේ දරුවගේ නොමනා හැසිරීම් නිසා තමන්ගේ දරුවන් හදාගන්න බැරි වෙනවා කියලා. ඇයි මේ ප්‍රතික්ශේප කිරීම සහ විනිශ්චයට දරුණු විදියට ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් මූණ දෙන්නේ? ලංකාවේ ඔටිසම් ගැන තියන දැනීම ඉතාමත් අවම නිසා සහ විවිධත්වය පිළිගන්න අපහසු නිසා.

හැම ඔටිසම් දරුවෙක්ටම පුද්ගලයෙක්ටම තියෙන්නේ එකම රාමුව ඇතුළේ තියන හැඩයක් නෙමේ.සහය විවිධාකාරයෙන් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම සමාජයේ අනෙකාගේ සහය සහ වටහා ගැනීම අවශ්‍ය වෙනවා.

ශලනි මේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න එක ගැන ඔයාට අප්‍රමාණව ස්තූතියි.  ඔයා මෙතෙක් මූණ දුන්න සහ ඉදිරියට මේ Journey එකේදී මූණ දෙන්නට සිද්ධ වෙන සියලුම අභියෝග පහසුවෙන් කළමනාකරණය කරගන්න අවශ්‍ය මානසික සහ ශාරීරික ශක්තිය ඔයාට ලැබෙන්න ඕනේ.මට දෙන්න පුලුවන් අසීමීත ආදරය එක්ක මම ඔයාව ආදරයෙන් වැළඳගන්නවා. ❤️

✳️ ———————————————– ✳️

ජිත්ම  පුතයි මමයි ඉරිදා දවස පුරාම කරපු දේවල්  ඔයාල  එක්ක  share කරන්න හිතුව.

හැබැයි මම මුහුණ  දීපු අභියෝග ටික  Record කර ගන්න  බැරුව ගිය නිසා ඒ ටික ලියන්නම්. ගේ ලග park එකට  ඇවිදින ගමන් එයාට  park කරල තියෙන car එකකට  නගින්න හිතුන මම ආපහු ගෙදර  ඇවිත් අපේ වාහනයෙන්  වටයක් ගිහිල්ල park ගියා. park එකේ එහාට මෙහාට දුවල  එතන ඇවිදින lady කෙනෙක්ගෙ නලල kiss(sniff) කරල අපි  super market ගියා.(kiss/ sniff කිරීම  block කරන්න හැදුවට බැරුව ගියා. හැබැයි lady ජිත්මට දෙපාරක් එයාගෙ නලල kiss/ sniff කරන්න දුන්න හිනා වෙවී) Super market park එකේ  මම වාහනයේ දොර  ඇරගෙන  බලාගෙන හිටිය එයා  එලියට  පැනල  දුවල යන එක වලක්වන්න. සමහර වෙලාවට  එයාට  පොඩි processing  time එකක් ඕනි ඛැහැල ඇවිදින්න. ( jithma is an eloper)ඒ දුවන විදියට Olympic ගියානම් කෙලින්ම gold medal 🏅.

එතැනින් එයාට  ඕන  දේවල්  අරගෙන,  විනාඩි 3,4 super market  බිම check කරල අපි ඊලගට  ගග දිගේ ඇවිදල යන්තම් ගෙදර ආව ඒ අතර park කරල තියෙන වාහන වලට නගින්නත්  උත්සාහ කලා. ගෙදර ඇවිල්ල Blanket එක යට මට ඉන්න තිබුණ  අමාරුව ඇරෙන්න වෙන කරදර තිබුණේ නෑ. Blanket  story එක වෙන post එකකින් කියන්නම්.oven එක ලග අනිමිස ලෝචන පූජාව දාගෙන හිටියට මොකද ඒව කෑවෙ නම් නෑ.

Einstein, Elon Musk autism වලට තියෙන  පිලිගැනීමට හා සමාන පිලිගැනීමක් දැනුවත්වීමක් Profound autism  දරැවන්ටත් තිබිය යුතුමයි.

✍️ Shalani Weerawardana

මුල් සබැඳිය : ජිත්ම පුතා ගේ එක දවසක්