Viktor Bevanda කියන්නේ අවුරුදු 14ක ඔටිසම් Artist කෙනෙක්. එයාගේ චිත්‍ර විශාල මිල ගණන් වලට විකිණෙනවා. කොහොමද මේ වගේ පොඩි වයසක ඔටිසම් දරුවෙක් තමන්ගේ දක්ශතාවය හොයාගෙන ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් බවට පත් වුනේ?

සර්බියාවේ ඉපදුන වික්ටර් වයස අවුරුදු දෙකේදී ඔටිසම් දරුවෙකු බවට හඳුනා ගත්තා.පසුව එයාගේ දෙමාපියන් ඇමරිකාවේ පදිංචියට යනවා. වික්ටර් Nonverbal දරුවෙක්. එතකොට කොහොමද වික්ටර් සන්නිවේදන කරන්නේ. එයාගේ චිත්‍ර හරහා තමයි එයා සන්නිවේදන කරන්නේ. වයස අවුරුදු පහ වගේ වයසේදී වික්ටර් ගේ දෙමාපියන් වටහා ගන්නවා තමන්ගේ ඔටිසම් දරුවා සුවිශේශයි කියන එක. එයාගේ චිත්‍ර වලට හැඟීම් තිබ්බා. පණ තිබ්බා. කතාවක් තිබ්බා. වික්ටර් එයාට වචනයෙන් ලෝකයට කියාගන්න බැරි කතාව කියන්නේ එයාගේ නිර්මාණ හරහා.

ඇයි ඔටිසම් දරුවන් විශේශයෙන් මේ ස්ක්‍රීන් එකට දැඩි කැමැත්තක් දක්වන්නේ? හේතුව තමයි එයාලගේ මානසික පීඩාව ස්ක්‍රීන් එකෙන් අවම කරන නිසා සහ ඒකෙන් එයාලට හරි පහසුවෙන් තමන්ව සමබර කරගෙන අනෙකා සමඟ සම්බන්ධ වෙන්න පුළුවන් නිසා. ඒ වගේම visuals හරහා දැනුම ලබා ගන්න පහසු නිසා.

Victor ගේ අම්මා එක්තරා සාකච්ඡාවකදී මෙහෙම කියනවා.

“මගේ දරුවා එයාගේ වයසේ අනික් දරුවන්ට වඩා වෙනස් කියන ඇත්ත මට දරාගන්න අමාරුයි. ඒත් අපි කිසිම වෙලාවක දරුවා අත් හැරියේ නෑ. අපි දරුවාට අවශ්‍ය දේ වටහා ගත්තා. වික්ටර්ට ජීවිත කාලය පුරා සහය අවශ්‍ය වෙනවා. ඒත් එයාගේ අනාගතය දැන් පැහැදිලියි.එයාගේ චිත්‍ර විසින් එයාට අනාගතයක් හදලා තියෙන්නෙ” .

වික්ටර් චිත්‍ර අදින්න මනස සන්සුන් කරගන්න පාවිච්චි කරන්නේ ස්ක්‍රීන් එක.සිංදුවක් එයාට ඇහෙන්න දාගෙන ඒක හෙමින් මුමුණ මුමුණා Victory මානසික සන්සුන්තාවයෙන් චිත්‍ර අදිනවා. එයාගේ සමහර චිත්‍ර ලංකාවේ මුදලින් ලක්ෂ 20 ඉක්මවනවා.

ඔබගේ දරුවාගේ අනාගතය දරුවාට පහසු හැඩයකට නිර්මාණය කර දීමට නම් ඔබගේ හදවතින් නොව බුද්ධියෙන් ප්‍රශ්ණ කළ යුතුය. දරුවා වෙනුවෙන් තීරණ ගැනීමට බිය විය යුතු නැත. දරුවාගේ කැමැත්ත හා අවශ්‍යතාවය මත දරුවාගේ අනාගතය නිර්මාණය කිරීමේ වගකීම තිබෙන්නේ ඔබටය. සෑම ඔටිසම් දරුවෙකු තුළම සිහිනයක් ඇත. එය මරා දමන්නේ සමාජය විසින් හෝ සමාජයේ හැඩය මත තීරණ ගන්නා පවුල විසිනි. එහෙත් උඩු ගං බලා පිහිනීමට ඔබ තීරණය කර ඇත් නම් ඔබගේ ඔටිසම් දරුවා හෙට දිනයේ ඔහුගේ / ඇයගේ සැබෑ වූ සිහිනය අද්දර හිඳ ආඩම්බරයෙන් සිනා සෙනු ඇත.