හදිස්සියේ ලියන පෝස්ට් එකක්
මේ දවස් වල ඇමරිකාවේ සහ ලෝකේ බහුතරයක් රටවල් වල ඉන්න ඔටිසම් ප්‍රජාව තමන්ගේ විවිධත්වයේ Dignity එක රැකගන්න සහ ඇමරිකාවේ Trump නිකුත් කරපු හරියට ඔප්පු වෙලා වත් නැති චෝදනාවට විරුද්ධව කතා කරනවා. කොහේ බැලුවත් ඊයේ ඉඳන් පේන්නේ Tylenol සහ Trump විතරයි.
මාස කීපයකට කලින් ඇමරිකාවේ Robert F. Kennedy, Jr ( head of the U.S. Department of Health and Human Services (HHS) Trump ගේ අවශ්‍යතාවය අනුව රිසර්ච් කණ්ඩායමක් පත් කරලා ඔටිසම් වලට මොකක්ද හේතුව කියලා හෙව්වා. මේ Project එකට විශාල මුදලක් වෙන් කෙරුනා. සැප්තැම්බර් 22 රිසර්ච් එකේ ප්‍රතිඵල Trump සහ HHS එක නිවේදනය කරා. එයාලා නිවේදනය කරේ
◉ ගර්භනීකාලයේ Acetaminophen (Tylenol) භාවිතා කිරීම ඔටිසම් තත්ත්වය දරුවන් අතර වැඩි වෙන්න හේතුවක්. ඒ නිසා හැකිතාක් ගර්භනීකාලයේ Tylenol පාවිච්චි නොකර ඉන්න කියලා නිවේදනය කරා.
◉ ඒ වගේම එයාලා ප්‍රමෝට් කරා Leucovorin. ඔටිසම් ලක්ෂණ අවම කරගන්න මේක දරුවන්ට දෙන්න කියලා කිව්වා.
◉ ඔටිසම් වර්ධනය වීම epidemic තත්ත්වයක් විදියට ඒ කියන්නේ වසංගත තත්ත්වයක් විදියට ඔවුන් හැඳින්වුවා.
◉ මේ අතරම එන්නත් ද දරුවන් ඔටිසම් වීමට බලපාන හේතුවක් වෙන්න පුලුවන් කියලා ඔවුන් කිව්වා.ඒකට ඔවුන් උදාහරණයකට ගත්තේ Amish ප්‍රජාව අතර ඔටිසම් නැහැ කියන එක.
මෙන්න මේවා තමයි Trump සහ HHS එක නිවේදනය කරේ. ඇයි දැන් මේක සෑහෙන්න විවේචනයට සහ ඔටිසම් ප්‍රජාවට එල්ල වුනු බරපතල අපහාසයක් විදියට ලෝකයේම කතා වෙන්නේ? එකක් මේක සම්පූර්ණයෙන්ම දේශපාලන හේතුවක් මත ඔටිසම් විවිධත්වය තමන්ගේ පටු අරමුණු සඳහා පාවිච්චි කිරීමක්.ඒ ගැන කතා කරන්න කලින් ඇයි මේ නිවේදනය කරපු දේවල් සහ විද්‍යාව අතර පරස්පරතාවයක් තියෙන්නෙ කියලා කතා කරන්න ඕනේ.
අවුරුදු ගාණක් පුරාවට Scientist ලා ඔටිසම් ගැන පර්යේශණ කරනවා. විශේෂයෙන් Environmental හෝ Non‐genetic risk factors ගැන පර්යේශණ කරමින් ඉන්නවා. ඒත් මේ වගේ හේතූ දක්වන්න ප්‍රබල සාක්ශි මත ඒ දේවල් ඔප්පු කරගන්න අපහසු වෙලා තියනවා. එයාලා ප්‍රශ්න කරනවා Trump සහ HHS එකෙන් මාස කීපයක් තුළ කරපු රිසර්ච් එකේ විනිවිද භාවය ගැන.
ඔටිසම් කියන්නේ සංකීර්ණ විවිධත්වයක් සහ Neurodevelopmental condition එකක්. හේතූ සාධක විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියන ජාන ප්‍රධාන වශයෙන් ප්‍රධාන හේතු සාධකය වෙන ( inherited හෝ de novo mutations) ඒත් එක්කම environmental හෝ ජාන නොවෙන හේතූ එකතු වී තියන ස්නායු විවිධත්වයක්. මේක තමයි අද දක්වා සිද්ධ වුන, වසර ගණනාවක ඉඳන් කරපු පර්යේශණ වලින් ඔටිසම් නිර්වචනය වෙන විදිය.
එතකොට පාරිසරික සාධක සහ ජාන නොවෙන හේතූන් ගැන අදටත් පර්යේශණ සිද්ධ වෙනවා. prenatal exposures, maternal health, nutrition, prenatal infections, maternal metabolic states, pollutants වගේ දේවල් ගැන අදටත් පර්යේශණ සිද්ධ වුනාට මේ සම්බන්ධව තහවුරුවකට එන්න තරම් සාක්ෂි නැහැ. උදාහරණයක් විදියට ගත්තම ගර්භනීකාලයේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම දරුවන් ඔටිසම් වීමට එක හේතුවක් වෙන්න පුලුවන් කියලා සමහර Studies වලින් කිව්වට ඒක තහවුරු කරන්න තරම් Evidence නෑ. ඇමරිකාවේ HHS වලින් මාස කීපයක් ඇතුළත කරපු රිසර්ච් එකෙත් තියෙන්නේ ඒ වගේම දෙයක්.ගර්භනීකාලයේ ඇති වන තද උණ, වේදනාව, Infection වගේ දේවල් වලට acetaminophen (Tylenol) ගැනීම neurodevelopment හැඩයට යම් දායකත්වයක් දක්වන්න පුලුවන් උනත් ඒක තහවුරු කරන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි නෑ.
එන්නත් ගැන කතා කරොත් කිසිම Credible evidence එකක් නෑ ළමා කාලයේ දරුවන් එන්නත් ලබා ගැනීම සහ ඔටිසම් අතර. විශේශයෙන් ට්‍රම්ප් කතා කරනවා Amish ප්‍රජාව එන්නත් ලබා ගන්නේ නෑ.ඒ නිසා ඔටිසම් නෑ කියලා.මේ කතාවේ කිසිම සත්‍යක් නෑ. හේතුව Amish ප්‍රජාව ඇතුළේ ඔටිසම් පුද්ගලයින් සහ දරුවන් හිටියත් එයාලගේ ආගමික විශ්වාසයන් සහ ඒ ප්‍රජාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී ඇතිවෙන ගැටළු මත ඔටිසම් තහවුරු කිරීම් කරගන්න එකේ අවමතාවයක් තියනවා. ඒ වගේම තමයි Amish ප්‍රජාව ඔටිසම් ගැන Advocate කරන්නේ ඉතාමත් අවමයෙන්. මෙන්න මේ නිසා මතු පිටින් බලලා ඒ ප්‍රජාව අතර ඔටිසම් නෑ කියලා කියන එක ජනාධිපති කෙනෙක් නොකළ යුතු දෙයක්. ඒත් Trump ඒක කරා. විශේශයෙන් Armish ප්‍රජාව අතර ඔටිසම් නෑ කියන මිථ්‍යාව නැති කරන්න නොයෙක් සමාජ දැනුවත් වීම් පහු ගිය කාලය පුරාම සිද්ධ වුනා. Lancaster වල තියන Amish Research සායනයේ Braxton Mitchell ඉතා ප්රගතිගාමී වැඩ පිළිවෙළක් හරහා සමාජය දැනුවත් කරා Amish ප්‍රජාව අතර ඔටිසම් විවිධත්වය ඇති පුද්ගලයින් සහ ප්‍රජාව ඉන්නවාය කියලා.
Leucovorin ගැන කතා කරොත් ” cerebral folate deficiency” කියන ඉතා දුර්ලභ metabolic ගැටලුවට FDA එකෙන් අනුමත කරලා තියනවා Leucovorin. එතනින් එහාට ඍජුවම ඔටිසම් වලට යම් ප්‍රතිකාරයක් විදියට වත් ඔටිසම් ලක්ශණ වලට ප්රථිකාරයක් විදියටවත් දෙන්න කියලා සඳහන් කරලා නෑ. මේ සියල්ලම misinformation විතරයි. ඒකයි ඇමරිකාවේ විතරක් නෙමේ බහුතරයක් රටවල් වල වෛද්‍යවරුන්, Autism advocate ලා ,ඔටිසම් ප්‍රජාව මේ වගේ ප්‍රබල සාක්ෂි නැතුව දේශපාලනික අරමුණක් මත ඔටිසම් ගැන නිරවද්‍ය නොවන මතයක් පළ කරපු Trump සහ HHS එකට විරුද්ධව නැඟී සිටින්නේ. මේකෙන් ඇති වෙන භයානක ප්‍රතිඵල අතර ප්‍රධානම එක වෙන්නේ ගර්භනීකාලයේ ඇති වෙන තද උණ, වේදනාවන් සහ Infection වලට acetaminophen (Tylenol) පාවිච්චි කරන එක නතර කරාම ඒකෙන් මව්වරුන්ට ඇති වෙන හානිය.උණට බෙහෙත් නොබී ඉඳලා උණ ගතිය අධික වුනාම ඒකෙන් කලලයට ඇති වෙන්න පුලුවන් හානිය. ඒ වගේම දරුවන්ට එන්නත් නොදී හිටියම යම් යම් රෝග ඉතා ඉක්මනින් වැළඳීමේ සහ එයින් දරුවන්ට ඇතිවෙන්න පුලුවන් හානිය.
♦️ ඇයි මේක කෙළින්ම දේශපාලන පටු අරමුණක් කියලා කියන්නේ.
එකක් තමයි Robert F. Kennedy, Jr කියන්නේ වසර ගණනාවක ඉඳන් එන්නත් වලට විරුද්ධව කතා කරපු සහ Anti- Vaccine Movement එක හරහා තමන්ගේ බලය ප්‍රචලිත කරගත්ත කෙනෙක්. කොහොම උනත් මිනිස්සුන්ට ඔටිසම් ගැන වඩාත් සරළව පේන හේතුවක් ලබා දීලා ඔටිසම් වළක්වා ගන්න මේ මේ දේවල් නතර කරන්න කිව්වම දීර්ඝ කාලීනව ඔටිසම් විවිධත්වයට ලබා දෙන සහය සහ ඒ සම්බන්ධව වැය කරන මුදල් වලට දෙන්න ඕනේ ප්‍රමුඛත්වය අවම වෙනවා.
ඉතිං මේ ඔටිසම් වලට දක්වපු හේතුව තුළ ශක්තිමත් විද්‍යාත්මක පදනමක් නෑ. තියෙන්නේ දේශපාලනික සහ හැඟීම්බරවීම මත ඉදිරිපත් කරපු මත කීපයක් විතරයි.

