අපේ රටේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙ හැටියට (Neurotypical / ඔටිසම් නොවන දරුවන්ට සැකසුණු ) 1️⃣ළමයාට අතින් point කර කර අකුරු පෙන්නනවා. ඒ අකුරු ළමයට කියල කියවගන්න උත්සහ කරනවා. මේ විදිහට ඊට පස්සෙ වචන වලට යනවා, ඊට පස්සෙ ඉස්පිලි පාපිලි කොම්බු තියෙන වචන වලට යනවා. අන්තිමට වචන එකතු වෙලා තියෙන වාක්ය කියවන්න ළමයට උගන්වනවා

2️⃣මේ අකුරු කියවීමට සමාන්තරවම ගුරුවරු සහ දෙමව්පියො අකුරු ලියවන්නත් පටන් ගන්නවා. අකුරු ලියල, වචන ලියල, අන්තිමට වාක්‍ය ලියවන එක තමයි කරන්නෙ.

➡️ මේ පිලිවෙලවල් දෙක කරල සාර්ථක වෙන දරුවෙක් තමයි අන්තිමට ඉගෙන ගන්න පුළුවන් ලමයෙක් කියල ලේබල් කරගෙන ඉස්සරහට අරන් යන්නෙ. ඔය පියවරවල් දෙකම හෝ එකක් හෝ අසාර්ථක වෙන හෝ ප්‍රමාද වෙන ළමයා එතනින් පසු “වැඩ බැරි” ලමයෙක් විදිහට ලේබල් කරල තියෙනවා.

🔄ඔටිසම් දරුවෙක් ගත්තොත් ඉහත සදහන් 1️⃣ සහ 2️⃣ කොටස් වල අභියෝග තිබීමට ඇති හැකියාව බොහෝ දුරට වැඩියි. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ගැන පමණක් අවබෝධය ඇති දෙමව්පියො සහ ගුරුවරු කරන්නෙ, 1️⃣ සහ 2️⃣ කොටස් සම්පූර්ණ වෙන තුරා ඔටිසම් දරුවාත් සමග එතනම නැවතෙනවා. දරුවාට මේ තියෙන්නෙ අභියෝගයක් කියල නොදැන, අකුරු ලියන්නත් කියවන්නත් ලමයට බල කරනවා, පීඩාවට පත් කරනවා, සමහරු එහෙම දරුවට බල කිරීමක් කරන්නෙත් නෑ, හැබැයි මොකුත් නොකර කාලය ගත කරනවා.

මේ හේතුව නිසා non-speaking /minimally speaking ඔටිසම් දරුවන් ලන්කාවෙ අසාධාරණයට පත්වෙනවා නේද?

“…. අකුරු හඩ නගා කියවීම හා අකුරු ලිවීම කියන්නෙ දරුවෙක් දක්ශ ද අදක්ශ ද යන්න තීරණය කරන නිර්ණායකයක් නොවේ. අකුරු යනු සන්නිවේදන ක්‍රමයක්. අකුරු හඩ නගා කියවන්න පුලුවන් වගේම අකුරු සිතින් කියවන්නත් පුළුවන් නේද? අකුරු අතින් ලියන්න පුලුවන් වගේම ටයිප් කරන්නත් පුළුවන් නේද? අකුරු එක එක ටයිප් කරන්න අමාරු නම් රූප හෝ වචන තියෙන කාඩ් මගින් අවශ්‍ය දේ ප්‍රකාශ කරන්න පුළුවන් නේද ? …”

මේ දේ තේරුම් ගත්ත දවසක මම හිතන්නෙ කතා නොකරන හෝ අඩුවෙන් කතා කරන ඔටිසම් දරුවන් දෙස අලුත් විදිහකින් බලන්න අපට පුළුවන් වේවි.

🎙️සාරාන්ශයක් කිව්වොත්, දරුවා non-speaking නම් “අකුරු කියවන්න බෑ ” කියන දේ ඔලුවෙන් අයින් කරන්න. දරුවට හිතෙන් කියවන්න පුලුවන්. දරුවා අකුරු වෙන වෙනම හෝ වචන chunks විදිහට හෝ , වචන පින්තූර මාර්ගයෙන් හෝ මොලයෙ කොපි කර ගන්නවා. ඒක සත්යයක් බව පිලිගන්න.

🎙️දරුවාට අකුරු ලියන්න අපහසු වගේ නම්, motor skills ගැන රමේශා ලියල තියෙන ලිපි හොයාගෙන කියවන්න. pre writing skills ගැන ලියල තියෙන ලිපි කියවන්න. ඒ සමගම ටයිප් කරල හරි අකුරු කාඩ් භාවිතයෙන් හරි පින්තූර වලින් හරි දරුවත් සමග සන්නිවේදන ක්‍රම පාවිච්චි කරන්න. අපි දරුවට ආමන්ත්‍රණය කිරීමේදීවාචිකව දරුවාට කතා කරන එක “අනේ වැඩක් නෑ” කියල නවත්වන්න එපා. දරුවන්ට අපි කතා කරන එක තේරෙනවා දරුවා ප්‍රතිචාර දැක්වුවත් නැතත්. දරුවන්ට මේ දේවල් එක පාරටම ඔලුවට යන්නෙ නෑ. කාලයක් යනකම් අපිට ඒ දේවල් උත්සහ කරන්න වෙනවා.

මේ සටහන ලියන්න හිතුනේ පහත පෝස්ට් එක දැකල. Tommy අවු 14 කතා නොකරන ඔටිසම් දරුවෙක්. එයා ප්‍රථම වතාවට එයාගෙ තාත්තා එක්ක text message වලින් සන්නිවේදනය කරල 😍

✍️ Nayana Hewage

මුල් සබැඳිය : Stories About Autism