Profound Autism ගැන ටිකක් කතා කරමු. සහය අධිකව අවශ්‍ය , පැය 24ම රැකබලාගෙන සහය ලබා දිය යුතු ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් ඉන්නවා. එතකොට ගොඩක් අය හිතනවා Level 3 කියලා බෙදා වෙන් කරන, ඔටිසම් ලක්ෂණ වැඩියෙන් තියන, සහයත් වැඩියෙන් අවශ්‍ය දරුවන්ටම තමයි Profound autistic කියලා කියන්නෙ කියලා. නැහැ. මේ හැඳින්වීමේ වෙනසක් තියනවා.
“The designation of profound autism is recommended to encourage the creation of policies and targeted research to address the urgent needs of this vulnerable group.”
“Autism is a heterogeneous condition with different presentations, needs, and outcomes.”
“More than 95% of autistic people live in low-income and middle-income countries, where services are scarce or non-existent.”
“Caregiver burden is high and largely unaddressed. Comprehensive support for families is essential.”
DSM 5 අනුව level 3 Autism පුද්ගලයෙක්ගේ විවිධත්වය.
- වාචික සන්නිවේදනය ඉතාමත් අවම හෝ වාචිකව සන්නිවේදනය නොකරන
- සරළ Instructions වටහා ගැනීමට නොහැකි වීම
- බොහෝ විට නමට ප්‍රතිචාර නොදැක්වීම
- Eye Contact පවත්වාගෙන යාම අවම වීම සහ සාම්ප්‍රදායික ලෙස Emotions නිරූපනය නොකිරීම
- Strong repetitive behaviors
- තමන්ගේ Routine හෝ pattern එකක ඉතා කුඩා වෙනසකට පවා මනස කලබල වීම
- එදිනෙදා ජිවිතයේ බොහෝමයක් සඳහා සහයක් අවශ්‍ය වේ.
- රැකබලාගැනීමක් නොමැතිව ජීවිතය ඉදිරියට ගෙන යාම අසීරූ වේ.
Lancet Commission journal එකට අනුව Profound Autism හඳුනාගැනීම.
- කලාතුරකින් යම් වචන කීපයක් කීම හෝ වාචික සන්නිවේදනය නොකරයි.
- අනෙකුත් සන්නිවේදන ක්‍රම ( රූප , device ) භාවිතා කිරීමට අසීරූ වේ.
- Intellectual Disability ( පැහැදිලි learning disability තත්ත්වයක් තිබීම)
- පැය 24 ම කෙනෙකුගේ රැකබලා ගැනීමක් අවශ්‍ය වෙනවා.
- අනතුරු, වෙලාව, පුද්ගලික අවශ්‍යතාවයන් වැනි මූලීක දැනීම / වටහා ගැනීමට අපහසුය.
- කුඩා වෙලාවකටවත් සහය නොමැතිව සිටිය නොහැක.
- ඉතා අධික සංවේදන සංවේදීතා අසමබරතාවයන් තිබීම
- Autistic Eloping ( සිටින ස්ථානයෙන් ක්ෂණිකව මනසට නැගෙන සිතුවිල්ලක් ඔස්සේ යෑම),තමන්ට තුවාල කරගැනීම.
- Epilepsy, gastrointestinal ගැටළු තිබිය හැක.
දැන් Level 3 ඔටිසම් සහ Profound ඔටිසම් අතර තියන ප්‍රධාන වෙනස තමයි පුද්ගලයාට අවශ්‍ය සහය.
රටක පවතින රජයෙන් Profound autism දරුවන්ට සහ පුද්ගලයින්ට ස්ථීරව සහය දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕනේ.අවාසනාවට ලංකාවේ එහෙම කිසිම වැඩපිළිවෙළක් නැහැ.කිසිම ඔටිසම් දරුවෙක්ට නිවැරිදි සහය ක්‍රමවේදයක් මේ රටේ නැහැ. ඔටිසම් දරුවන්ට ලැබිය යුතු සරල අයිතිවාසිකමක් වෙන Individual educational plan එකක් වත් කිසිම රජයකින් මෙතෙක් ලබා දීලා නැහැ. උදාහරණයක් විදියට සහය අධිකව අවශ්‍ය ඔටිසම් දරුවන්ට Functional සහ life-skills-based curriculum එකක් තියෙන්න ඕනේ. එහෙම එකක් ලංකාවේ නැහැ. ලංකාවේ මතුරන Inclusive education/ අන්තර්කරනය කියන අදහස පවා සම්පූර්ණයෙන්ම වැරදි විදියට භාවිතා වෙන්නේ. ඔටිසම් දරුවන් අන්තර්කරනය කරනවා කියන්නේ ඔටිසම් දරුවන්ට ඔටිසම් නොවෙන දරුවන් විදියට හැසිරෙන්න, අනුකරණය කරන්න පුහුණු කරන එක නෙමේ. ලංකාවේ සිද්ධ වෙන්නේ අන්න ඒක.
Uk වලට වඩා ලංකාවේ ඔටිසම් දරුවන්ට ලැබෙන පහසුකම් ඉතා හොඳයි කියලා කියපු දිලිනි විපුලගුන වගේ වෛද්‍යවරියන්ට විශේශයෙන් මම කියන්නම් කොහොමද ලංකාවේ Profound autism දරුවන්ට සහය ලබා දෙන්න තියෙන්න ඕනේ වැඩපිළිවෙළ කියලා.
• දරුවන්ව පාසල් සහ තෙරපි මධ්‍යස්ථාන වලට යෑමට ප්‍රවාහන පහසුකම් ලැබිය යුතුයි.
• වයස් සීමාවකින් තොරව සහය අධිකව අවශ්‍ය වෙන ඔටිසම් පුද්ගලයින්ගේ දින පතා අවශ්‍යතා සම්පූර්ණ කිරීමට home care services එකක් තිබිය යුතුයි.
• යම් කෙටි කාලයකට දෙමව්පියන්ට සහ පවුලේ අනෙක් සාමාජිකයින්ට සහය කාලයක් ලබා දීම.
• Behavioral support team එකක් හරහා තමන්ට හානි කරගැනීමට උත්සාහ ගන්නා දරුවන් සහ පුද්ගලයින්ට අවශ්‍ය සහය ලබා දීම.
• අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය equipment’s ලබා දීම.
• සෑම මසකම මූල්‍යම දීමනාවක් ලැබිය යුතුය.
• දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් නොමිළේ පැවැත්විය යුතුය.
• දෙමාපියන්ට සහ පවුලේ සමාජිකයින්ගේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වාගෙන යෑමට නොමිළේ උපදේශන වැඩසටහන් සහ Emotional support එක ලබා දීම
• බිම් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන්
• ඔටිසම් පිළිබඳව අප්ඩේට් සෞඛ්‍ය නිළධාරීන් සිටිය යුතුය.
• වාචික සන්නිවේදනය නොකරන , සංවේදන සංවේදීතාවයන් අසමබර දරුවන්ට වෛද්‍ය පහසුකම් ලබා දීමේදී විශේශ පහසුකම් රෝහල් වලින් ලබා දිය යුතුය.