Neurodiversity affirming therapy (NAT) කියන්නේ 1990 පටන් ගත්ත Movement එකක්. මේ වෙනකොට යුරෝපයේ බහුතරයක් තෙරපිවරුන් Follow කරන ක්‍රමය සහ පිළිගන්නේ NAT.

මේ Movement එක හරහා ගෙනාවේ සහ පිළිගන්නේ Neurodivergent / විවිධත්වය අන්න්‍යතාවය කර ගත්ත දරුවන්, පුද්ගලයින්  Fix කරන්න ඒ කියන්නේ හදන්න අවශ්‍ය බිඳුනු දෙයක් නෙමේ කියන එක. තවත් පැහැදිලි කරොත් හිතන්න මලක් ලස්සනට පිපෙන්න නං අපි පැළය හැදෙන්න අවශ්‍ය සාධක ලබා දෙනවා මිසක් අපිට බෑ නේද මලට බලහත්කාරයෙන් කිසි දෙයක් කරන්න. අන්න ඒ වගේ තමයි Neurodivergent දරුවන්ට සහය දෙනවා  සහ හදනවා  කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් ක්‍රම දෙකක්.

ඔටිසම් දරුවන් බිඳුනු වීදුරු කියලා සළකලා පැළැස්තර දාලා අලවන්න හදන එක අසාර්ථක වගේම දරුවන්ට කරන Abuse එකක් විදියට තමයි NAT කියන අදහසින් වැඩි දුරට කියන්නේ.

උදාහරණයක් විදියට අයි කන්ටැක් හදනවා කියන එක සම්පූර්ණයෙන්ම් ඔටිසම් දරුවන්ට කරන හිරිහැරයක් විදියට තමයි මේ වෙනකොට ලෝකය හඳුන්වන්නේ. මේක එහෙම හදන්න පුළුවන් දෙයක් නෙමේ. දරුවා එයාට කෙනෙක්ගේ ඍජු බැල්මක් ( Gaze) දරාගන්න පුළුවන් උනාම හෝ පහසු වුනාම කෙනෙක්ගේ ඇස් දිහා බලනවා. මේක ස්වාභාවිකව දරුවා තුළ ඇති වෙන දෙයක් මිසක හදන්න පුලුවන් දෙයක් නෙමේ. අපිට දරුවාට සහාය දෙන්න පිළිබදව Anxiety තත්ත්වය අවම කරලා වඩාත් පහසුවෙන් කෙනෙක් සමඟ අයි කන්ටැක් එක දරුවාට කැමති විදියට පවත්වාගෙන යන්න. ඒවගේම දරුවාට කෙනෙක් සමඟ අයි කන්ටැක් පවත්වාගෙන යන්න අසීරූනම් එය මඟ හරින්නත් පූර්ණ අයිතිවාසිකම තියනවා. 

ඒවගේම ඔටිසම් කියන අන්න්‍යතාවය ගැන NAT වලදී කතා කරනවා. එයාලා කියනවා මේ ඔටිසම් කියන එක අන්න්‍යතාවයක් මිසක ලේබල් කිරීමක් නෙමේ කියලා. ඒ වගේම එයාලා ප්‍රශ්න කරනවා ඔටිසම් පුද්ගලයෙක් තමන්ගේ ඔටිසම් අන්න්‍යතාවය පිළිගැනීමට වඩා සමාජය විසින් ඔටිසම් පුද්ගලයින්ගේ වෙනස්කම විහිළුවට ලක් කරමින් නොයෙක් නම් පට බැඳීම සදාචාරාත්මක වෙන්නේ කොහොමද කියලා.

එතකොට මේ NAT වල නැහැ පැය ගාණක් දරුවාව බලහත්කාරයෙන් ඇක්ටිවිටීස් වල යොමු කිරීම. පහත KEY POINTS හරහා මේක තවත් පැහැදිලි කරගමු.

1) Eye contact කියන්නේ කිසිසේත්ම බලහත්කාරයෙන් හදන්න අවශ්‍ය දෙයක් නොවේ.

2) Stimming හෝ Hand flapping කිසිම විටක නැවැත්වීම නොව් ඒවා කිරීමට නිදහස ලබා දිය යුතුය.දරුවා Emotions regulate කර ගන්නේ ඒ හරහා නිසා.

3) Communications යනු වචන පමණක් නොවේ.ඒ නිසා දරුවා Communicate කරගැනීමට පාවිච්චි කරන අංග චලන, මුහුනේ ඉරියව්, හැසිරීම, AAC device යන සියල්ලම Communication වලට අයිති වේ.

4) ඔටිසම් දරුවන්ට  Play කිරීමට හැඩයක් තිබිය යුතුයි යන්න ඕනේ ඔටිසම් දරුවන් තනියම සෙල්ලම් කිරීම වැළැක්විය යුතු යැයි යන්න නිවැරිදි නොවන අතර ඕනේම හැඩයක Play එකක් Play හැටියට සළකයි.

5) NAT තෙරපිවරුන් කිසිම විටක ඔටිසම් දරුවාව ඔටිසම් නොවන දරුවෙක් ලෙස පුහුනු කිරීමට නොව දරුවා මුහුණ දෙන අභියෝග හඳුනාගෙන ඒවාට පහසුවෙන් මුහුණ දීමට සහය දෙයි.

6)Adult Directed Play තෙරපි වෙනුවට Child- Led therapy භාවිතා කරයි. මෙහි අදහස දරුවා ඇක්ටිවිටි කළ යුත්තේ වැඩිහිටියන් විසින් නිර්මාණය කර දෙන හා ඔවුන් විසින් පාලනය කරමින් නොව දරුවාගේ ස්ව කැමැත්තෙන් බවයි. 

7) Autism red flag යනුවෙන් දෙයක් නැත. ඇත්තේ Autism Traits එසේත් නැත්නම් ඔටිසම් ලක්ශණ පමණි. භාවිතා කළ යුත්තේ ඔටිසම් ලක්ශණ යන වචනයයි. 

8 ) ඔටිසම් දරුවන් මැශින්ස්, වාහන, සතුන්, පාට  වැනි දේවල්ට ඇබ්බැහි වීම යනු අමූලික මිත්‍යාවක් වන අතර සැබෑ අර්ථය වන්නේ ඔටිසම් දරුවන් ඔවුන් වඩාත් කැමති විශයන් ලෙස ඒවා තෝරා ගැනීම හා ඒ හරහා වඩාත් දීර්ඝ අධ්‍යනයන් වල දරුවන් නිරත වෙයි 

9) ඔටිසම් දරුවන් තනිවම ඔවුන්ගේ ලෝක වල අතරමං වනවා කීම තවත් එක් මුලාවකි. ඔවුන් කිසි විටෙක ඔවුන්ගේ ලෝකයේ අතරමං වන්නේ නැත. සංවේදන සංවේදීතාවයේ අසමබරතාවය සහ Anxiety තත්ත්වන් හේතුවෙන් දරුවන් වඩාත් ප්‍රිය කරන්නේ නිදහසේ සිටීමටයි. එම නිදහස සහ නිහඩ වටපිටාවක් තුළ මනස සන්සුන් කරගැනීමට හැකියාව ඇති නිසාය.

ඔටිසම් විවිධත්වය දෙස බලන ආකරය සහ එම විවිධත්වය පිළිගන්නා හැඩය මත ඔටිසම් දරුවන්ට සහ පුද්ගල‍යින්ට ලබා දෙන සහය වඩාත් ප්‍රගතිශීලී වනු ඇත.අපගේ මේ වෑයම විවිධත්වය වටහාගන්නා සමාජයක් ඔටිසම් ප්‍රජාව වෙනුවෙන් නිර්මාණය කිරීමය.