ගොඩක් කාලෙකින් J ගැන ලියන්න බැරි වුනත් ඔයාලට J ව අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා.

මම මීට කාලයකට කලින් Face book Post එකක් දැක්කා පුංචි දරුවෙකුට Safty tether ( kids safety hand belt) එකක් දාලා පේරාදෙණිය උද්‍යානයේ ඇවිදින. ඒත් ඒක record කරලා ෆේස් බුක් පේජ් එකක දාල මේ සිදුවීම නරක ආදර්ශයක් විදියට හඳුන්වලා දීලා තිබුනා. ඒ දෙමාපියන් යම් හේතුවකට දරුවාගේ ආරක්ෂාව සඳහා මේ tether එක පාවිච්චි කරන්න ඇති. මේ ගැන විනිශ්චය නතර කරන්න නම් අපි සමාජය දැනුවත් කල යුතුමයි.

මේ සිදුවීමත් එක්කම J ගේ peter rabbit run එක ගැන පොඩ්ඩක් page එකේ ලියන්න හිතුනා. J කියන්නේ හරිම නිදහසේ ඉන්න කැමති කෙනෙක් ඒත් එයා සමහර කාලවලට peter rabbit වගේ හැමතැනම දුවනවා. මේක හරිම අනතුරු දායකයි වගේම කොයි වෙලේ මොනවා වෙයිද කියලා මම හරිම බයෙන් ඉන්නේ. ඉතින් මෙහෙම දුවලා ගිය පුංචි අමතක නොවන සිදුවීම් කීපයක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.

J හරිම ආසයි heater එකෙන් එන heat එක එයාගේ ඇඟේ වදිනවට. එයා ඒක ඉස්සරහා ඉඳගත්තම පැයකට විතර එතනින් නැගිටින්නේ නෑ. මම මේ වෙලාවට ගෙදර පුංචි පුංචි වැඩ කරගන්නවා. ටික වෙලාවකින් මට පාරේ හෝන් සද්දයක් ඇහුනා. ඒක දෙපාරක්ම ඇහුන නිසාත් ලේසියෙන් හෝන් සද්ද ඇහෙන්නේ නැති නිසාමත් මම J ඉන්නවද බැලුවා. J අතුරුදහන්. මම බලනකොට ඉස්සරහ දොරත් ඇරලා. ඇරපු දොරෙන් එලියට ගිහින් බලන කොට මෙන්න J පාරේ උඩ පැන පැන හිනාවෙනවා. එයාගේ ළඟ අපේ අසල්වැසි family එකකුයි එයාලගේ බලු බබයි නතර කරපු රතු පාට කාර් එකයි තිබ්බා.වාහනේ ඇතුලෙ හිටපු අය Jට බායි කියලා පිටට තට්ටුවකුත් දාලා හයි 5 එකකුත් දීලා “Next time don’t run in the road buddy” කියලා ගියා. අපේ අසල්වැසියා කිව්වේ ” බය වෙන්න එපා.එයාලා J ගැන සැලකිල්ලෙන් ඉන්නවා” කියලා.

 තව දවස් දෙකක්ම මෙහෙම එලියට දුවපු J දෙපැත්තෙම ගෙවල් වල වාහන වල දොර ඇරගෙන ඇතුලට වෙලා ඉඳගෙන ඉඳලා තියනවා. මං හිතන්නේ ඊට පස්සේ නං එයාලට වාහන ලොක් කරන්න අමතක වෙන්න නැතුව ඇති. මේ අවස්ථා දෙකේදීම එයාල මට කිව්වෙ පැනික් වෙන්න එපා. ඇති වෙන්න J ට වෙලාව දීලා එයා රෙඩි උනාම වාහනෙන් එළියට ගන්න කියලා. අන්තිමට මේක එයාට සෙල්ලමක් වුනා කියලා මට තේරුනේ දෙවනි පාරටත් වාහනයකට නැගලා giggle කරන කොට.

තව දවසක් J පාර්ක් එක හරහා දුවලා car park එකේ තිබුණු cab එකක නැග්ගා. ඒක ඇතුලෙ බලු බබාව ඒ driver එලියට අරගෙන මම J ව වාහනයෙන් බස්සන කල් ඉවසීමෙන් හිනා වෙවී හිටියා. ඇත්තටම මේ මිනිස්සුන්ගෙ දැනුත් වීම, ඉවසීම, කරුණාවන්තකම, අවබෝධය කොච්චර වටිනවද කියන එක මට තදින්ම දැනුනා.

මේ peter rabbit දිවීම එච්චර විනෝද ජනක නම් නෑ ඇත්තටම ඒක හරිම අවදානම්. ඉතින් එයාගෙ OT සහ BP තීරණය කල J ට මේ සම්බන්ධව පොඩි support plan එකක් අවශ්‍යයි කියලා. බොහොම කෙටියෙන් මම මේ සම්බන්ධව අනුගමනය කරන දේවල් ටික මේ post එකේ ලියනවා.

J මෙහෙම දුවනකොට J ට සහය දක්වන අයට J ගෙ ඇඟට පීඩනයක් යොදලා අත් වලින් හෝ ඇඟෙන් ඇදලා නතර කරන්න හැකියාවක් නෑ. කොටින්ම කියනවා නම් හයියෙන් ඇදලා නතර කිරීම සපුරා තහනම්.

J අනතුරක් දිහාට දුවනවානම් Support worker ට J එක්කම දුවල එයාගෙ උරහිස් වලින් light touch එකක් දාලා එයාව redirect කල යුතුයි ආරක්ෂිත “direction” එකකට. (don’t grab, don’t pull or push) “No hands on” සම්පූර්ණයෙන්ම තහනම් කරල නෑ. මොකද සමහර වෙලාවට ආරක්ෂාව ගැන සැලකිය යුතු නිසා.

ඒවගෙම Support worker ට J සහ අනතුරු දායක දිශාව මැද J ගෙ personal space එකට ඉඩ දීලා ආරක්ෂිතව ඉන්න පුළුවන්. එතකොට එයාලට J ව ආරක්ෂිත දිශාවට redirect කරන්න පුළුවන්. පහල මේ Video clip එකෙන් ඒක ඔයාලට පැහැදිලි වෙයි කියලා හිතනවා.

ඒ වගේම තව දෙයක් තමයි අපි J ව පොලිස් (police) station එකට ගෙනිහින් J ගැන එයාලව දැනුවත් කලා. J ගෙ behavior support plan එක එයාලට දීලා J ගෙ වාහනයේ යනකොට seat belt නොදැමීම ගැනත් දැනුවත් කලේ අනාගතයේ මේ ඇතිවිය හැකි අනතුරු ගැන එයාලව දැනුවත් කිරීමයි. J ට Seat belt නැතිව පිටුපස යන්න පුළුවන් වුනත් ඉදිරිපස අසුනෙ එයාට යන්න අවසර නෑ.

මේ අතර තව අපි J ට පාරේ පදික මංතීරු වල පරිස්සමට ඇවිදින්නත් පාර හරහා දුවන්න හෝ උඩ පනින්න බැරිබව ඉවසීමෙන් අවබෝධ කරවන්න උත්සාහ කරනවා.

✍️ Shalani Weerawardana 

 

මුල් සබැඳිය : J ගේ peter rabbit run