Dr. Mark Bowers කියන්නේ Pediatric Psychologist කෙනෙක්. අවුරුදු 25 ක් පුරාවටම Autism / ADHD/ learning challenges දරුවන්ට සහය දෙන Psychologist කෙනෙක් වගේම Neurodevelopment ගැන කෘති ලියලා සමාජය දැනුවත් කරන පුද්ගලයෙක්. ඔහු ඔටිසම් දරුවන්ගේ Stimming ගැන කතා කරන වීඩීයෝ එකක් මට හිතුනා ශෙයාර් කරන්න.  මේක තමයි දැන් ලෝකයේ අප්ඩේට් දැනුමත් එක්ක ඔටිසම් දරුවන්ගේ හැසිරීම් ගැන කරන නිවැරිදි පැහැදිලි කිරීම් වලට එක උදාහරණයක්. ලංකාවේ තාමත් කරන්නේ ඔටිසම් දරුවන්ගේ Stimming බලෙන් නතර කරන අමානුෂික වැඩ.

Dr. Mark Bowers හරිම ලස්සනට පැහැදිලි කරනවා මොකක්ද ” Visual stimming “ කියන්නේ කියලා.

ඔහු සරළවම කියනවා ඔටිසම් දරුවෙක් ‍රෝදයක් දිහා බලාගෙන ඒක කරකවන එක, ටෝයි එකක් ඉස්සරහට පස්සට ආයේ ආයේ ගන්න එක වගේ දේවල් Visual Stimming කියලා. ඒ වගේම වැදගත්ම දේ ඔහු පැහැදිලි කරනවා මේ වගේ Stimming නිකම්ම නිකන් Play නෙමේ දරුවා මනස සන්සුන් කරගන්න කරන දේවල් කියලා. ඔටිසම් දරුවන්ට සංවේදන සංවේදීතාවය අඩු වැඩි වීම් දැනෙන විදිය වෙනස්. ඒක මනසට අපහසුවක්.අන්න ඒ අපහසුව මඟ හරවා ගන්න තමයි දරුවන් Stimming කරන්නේ. ඒ වගේම Routine හදාගන්නෙත් ඒකයි.එතකොට ඔටිසම් දරුවන්‍ට ඒ ක්‍රියාවන් අමුතු , අස්වාභාවික දෙයක් නෙමේ.ඒක දරුවන්ට සහනයක්. එතකොට අපි කොහොමද මේවට ප්‍රතිචාර දක්වන්න ඕනේ. මුලින්ම ඒ අවස්ථාවට සහ හැඩයට අපි ගෞරව කරන්න ඕනේ.කිසිම වෙලාවක බාධා කරන්න එපා ඒක අත්‍යවශ්‍යම හේතුවකට හැරෙන්න.ඒ හැසිරීම හරහා දරුවා සන්සුන් වෙනවා වගේම සහනයක් ලබා ගන්නවා.ඊට පස්සේ අපි කරන්න ඕනේ ඒ Stimming එකත් එක්ක එකතු වෙන එක. ඒ හරහා අපි දරුවන්ට ඒත්තු ගන්වනවා ” මට ඔයාව තේරෙනවා” කියන එක. ඉන් එහාට Stimming එක නතර නොකර සහය දෙන්න. ඒක වඩා වෙනස් විදියේ දේවල් හඳුන්වා දීමෙන් දරුවාට මනස සන්සුන් කරගන්න සහය දෙන්න පුළුවන්. කිසිම දෙයක් Fix කරන්න නෙමේ ඇයි දරුවා මේක කරන්නේ කියලා වටහාගෙන සහය දෙන්න.

මේ වගේ ලස්සනට සහ ගෞරවාන්විතව ඔටිසම් දරුවන්ගේ හැසිරීම් ගැන විස්තර කරන සහ කොහොමද සහය දෙන්නේ කියන එක දෙමව්පියන්ට කියන්න පුළුවන් වෛද්‍යවරුන් සහ තෙරපිවරුන් ලංකාවට අවශ්‍යයි. එහෙම නැතුව Stimming බලහත්කාරකමින් නතර කරන්න, ඒවා ආසාමාන්‍ය හැසිරීම් කියලා දරුවන්ව පීඩාවට පත් කරන්න, දරුවන්ට Stimming නතර කරන්න ශාරීරික සහ මානසික වේදනාවන් දෙන පුද්ගලයින්ව ප්‍රතික්ශේප කරන්න.

Dr. Mark Bowers ගේ Videos සහ දැනුවත් කිරීම ඔයාලට බලන්න පුළුවන් Youtube එකෙන් සහ ඔහුගේ Website එකෙන්.

මුල් සබැඳිය : Dr. Mark Bowers