Neurodivergent දරුවන්ට Neurotypical දරුවන් ඉගෙන ගන්න ක්‍රමවේදයන් යටතේ ඉගෙන ගන්න අසීරුයි. ඒ වගේම ලංකාවේ කිසිම දරුවෙක්ට මේ අධ්‍යාපන ක්‍රමවේදය පොඩ්ඩක්වත් සුදුසු නැහැ.
දැන් මුලින්ම ඔටිසම් බබාලට උගන්වන්න අපි පාවිච්චි කරන්න ඕනේ Tools මොනවද?
ADHD බබාලා ගැනත් අපි කතා කරමු මුලින්ම ඔටිසම් බබාලා ගැන කතා කරලා.
1. Visual Supports – ඒ කියන්නේ රූප, චාර්ට්, වීඩියෝ, Educational Games, පොත් වගේ Visual tools.
2. Structured Environment – මේකෙන් අදහස් වෙන්නේ වෙනස් නොවෙන වටපිටාවක් තියෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ Routines වෙනස් වෙන්න බැහැ.එහෙම උනොත් ඔටිසම් බබාලගේ මනසට ඒක දරාගන්න අමාරුයි. ගොඩක් වෙලාවට තමන්ගේ පන්තිය මාරු කරාම බබාලා කළබල වෙන්නේ ඒ වෙනස එයාලගේ මනසට දරාගන්න අපහසු නිසා. දැන් අපිට පන්ති මාරු වෙන එක වගේ දේවල් නතර කරන්න බෑ නේ. ඒ නිසා අපි ප්‍රායෝගික වෙලා ඒත් හැකිතාක් වෙනස්වීම් අවම කරගන්න ඕනේ.
3. Task Analysis:
මේකෙන් කියන්නේ නිතරම දෙන වැඩේ හෝ ඇක්ටිවිටි එක කොටස් වලට කඩන්න කියලා. දැන් උදාහරණයකට දරුවාට උගන්වන දේ කොටසකින් කොටස විරාම සහිතව උගන්වන්න ඕනේ. එක දිගට දෙයක් කියලා දෙන එක සාර්ථක නැත්තේ ඒක දරුවාට අවශෝෂණය කරගන්න අපහසු වෙන්න පුළුවන් නිසා.
4. Use of Special Interests:
දරුවාගේ කැමැති දේවල් පාවිච්චි කරලා දැනුම දෙන්න. එතකොට එයාට උත්තේජනයක් තියනවා දැනුම ලබා ගන්න.
5. Sensory Considerations:
දැන් මෙන්න මේක සෑහෙන්න වැදගත්.ඔටිසම් බබාලට ඉගෙන ගන්න බැහැ එයාලගේ සංවේදන දරාගන්න බැරි පරිසරයක් ඇතුලේ. ඒ නිසා අවම ශබ්ධ, ආලෝකය සහ හැකිතාක් බාධා අවම වෙන පරිසරයක් තියෙන්න ඕනේ.
6. Social Stories:
දරුවාට යම් සිදුවීමක් හෝ යම් දෙයක් ගැන කරන වාචික පැහැදිලි කිරීමට වඩා ඒවා රූප සටහන් විදියට ඇදලා පෙන්වා කියා දෙන්න.
ADHD බබාලට පාවිච්චි කරන්න ඕනේ tools.
1. Movement Breaks:
මේක තමයි ප්‍රධානම සහ වැදගත්ම දේ. ADHD බබාලට නිතරම Regulate වෙන්න ඒ කියන්නේ මානසික සහ ශාරීරිකව සන්සුන් වෙන්න නිතරම කෙටි කාලයක් ලබා දෙන්න. එක දිගට යමක් කියලා දෙන කොට ඒ දරුවන්ට අවධානය දෙන්න මනස සන්සුන් කරගන්න හරිම අපහසුයි.
2. Hands-On Learning:
මේකෙන් අදහස් වෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන. ADHD බබාලට අවධානය රදවා ගන්න පුළුවන් එයාලා කැමති විදියට නිර්මාණය කරන ඇක්ටිවිටීස් වල නිරත වෙන්න ඉඩ ලබා දීමෙන්.
3. Multisensory Instruction:
Multi Sensory ක්‍රමවේදයන් පාවිච්චි කරන්න කියන්නේ රූප / ශබ්ධ / ස්පර්ශ යනාදී සංවේදන එකතු කරලා උගන්වන්න. එතකොට ඒකාකාරී නැතුව විවිධත්වයෙන් දරුවාට උගන්වන්න පුළුවන්
4. Clear, Short Instructions:
දරුවාට යමක් කියනකොට ඉතා සරළව කෙටියෙන් පැහැදිලිව ඒක කියන්න ඕනේ. ADHD බබාලට දිගට කියාගෙන යන දේවල් සහ සංකීර්ණව කියන දේවල් වටහා ගන්න අසීරූතාවයක් තියනවා. Steps ගොඩක් කියනවට වඩා පියවරෙන් පියවරට කියන දේ කියන්න ඕනේ
5. Focus Tools:
මේකත් වැදගත්. දරුවාට මනස සන්සුන් කරගන්න පහසු වෙන්න Fidget toys ලබා දෙන්න. ඒ වගේම දරුවාට පහසු විදියට ඉදගන්න ඉඩ සහ නිදහස දෙන්න. එතකොට එයාටත් පුළුවන් පහසුවෙන් අවධානය ලබා දෙන්න.
6. Time Management and Organization Support:
ADHD බබාලා Time blindness ඒ කියන්නේ එයාලට වැටහීමක් නැහැ මේ කාල වෙලාව ගත වෙන විදිය ගැන. එ නිසා ගොඩක් වෙලාවට නියමාකාරයෙන් වැඩක් manage කරගන්න අපහසු වෙන නිසා Timers පාවිච්චි කරන්න. චෙක් ලිස්ට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්.
දැන් අපි කතා කරේ Neurodivergent දරුවන්ට උගන්වන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයන්.මේවට කියන්නේ Tailoring teaching methods කියලා.මේවා අපි දැන් සමස්තයක් විදියට එහෙම නැත්තන් මේ කාරණා ඇතුලත් කරලා නිර්මාණය කරන ලද අධ්‍යාපන ක්‍රමවේදයන් මොනවද තියෙනේ කියලා පැහැදිලි කරගමු.
1. Universal Design for Learning (UDL)- මේ ක්‍රමවේදය නිර්මාණය කරේ David H. Rose සහ Anne Meyer.
UDL කියන්නේ විවිධත්වයෙන් සහිත දරුවන්ට ඒ විවිධත්වය මත ඉගැන්වීමට නිර්මාණය කරපු framework එකක්. සරළවම කිව්වොත් දරුවාට තෝරාගන්න පුළුවන් එයාට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් Videos හරහාද පොත් හරහාද කියලා. එතකොට මේ ඉගැන්වීමේ ක්‍රමය ඇතුලේ සෑම දරුවෙක්ටම පහසුවෙන් දැනුම ලබා ගන්න පුළුවන් ක්‍රමයන් ලබා දෙනවා.
2. Differentiated Instruction
මේ Approach එක හරහා කරන්නේ දරුවන්ගේ විවිධත්වය මත වෙන වෙනම Lessons හදන එක. එතකොට ඒ ඒ දරුවන්ගේ අවශ්‍යතාවයන් සහ කුසතාවයන් අනුව එයාලට ඉතා සාර්ථකව අධ්‍යාපනය ලබන්න පුළුවන්. දැන් හිතන්නකො යම් දරුවෙක්ට ලබා දෙන Test එක ලියන්න අසීරූයි කියලා. එහෙනං වාචිකව ඒ Test එක දරුවාට ගුරුවරයා ඉදිරියේ ලබා දෙන්න පහසුකම තියනවා.
3. Flexible Pacing
Neurodivergent දරුවන්‍ට තොරතුරු මොළයට කොපි කරගෙන වටහාගන්න යම් කාලයක් යනවා.අන්න ඒ නිසා ඒ කාලය ඒ දරුවන්ට ලබා දීලා පිඩාවක් නොමැතිව දැනුම ලබා ගන්න ඉඩ සකසා දීම තමා මේකෙන් අදහස් වෙන්නේ.
4. Multisensory Learning
මේක අපි කලින් තැනක කතා කරා වගේ සංවේදන විවිධත්වය මත දරුවන්ට අධ්‍යාපනය ලබා දීම. මෙතනින් තාක්ශණය අනිවාර්ය සාධකයක් විදියට පාවිච්චි කරනවා.
5. Task Chunking and Scaffolding
මේකෛන් කියන්නේ ඕනෑම Project එකක් කොටස් විදියට කඩලා උගන්වන්න සහ කරන්න දෙන්න කියලා. ඒ වගේම දෙයක් කරන්න දෙන්න කලින් ඉතා පැහැදිලි උදාහරණ දරුවාට ලබා දෙන්න ඕනේ.
6. Visual Supports and Organizational Tools
Visual tools කියන්නේ දෘශ්‍ය මාධ්‍ය වැඩිපුර පාවිච්චි කරලා දරුවන්ට දැනුම ලබා දීම.
7. Individualized Learning Plans (IEPs)
මෙන්න මේක තමයි බහුතරයක් රටවල් වල රජය විසින් Neurodivergent (ඔටිසම් සහ අනෙකුත් විවිධත්වයන්)දරුවන්ට ලබා දීලා තියෙන අධ්‍යාපන සැලසුම. මේක සම්පූර්ණයෙන් නොමිළේ ලබා දෙන්නේ. එතකොට සෑම දරුවෙක්ටම වෙනම ගුරුවරයෙක් සහ තෙරපිවරුන් ඉන්නවා. මේ කණ්ඩායම සෑම අවුරුද්දකම එකතු වෙලා දරුවාගේ විවිධත්වය අනුව අධ්‍යාපන සැලසුම හදනවා. ලංකාවේ අපි මේ රජයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ IEP පහසුකම දරුවන්ට ලබා දෙන්න කියලා.
8. Positive Behavioral Interventions and Supports (PBIS)
මේ PBIS කියන ක්‍රමවේදය නිර්මාණය කරේ ඇමරිකාවේ Oregon විශ්ව විද්‍යාලයේ පර්‍යේශකවරුන් කණ්ඩායමක් එකතු වෙලා. මේකේ සරළ අදහස තමයි දරුවන්‍ට දඩුවම් ලබා දීම වෙනුවට Positive එහෙමත් නැත්නම් දරුවන් වටහාගෙන ඔවුන්ගේ අසීරූතාවයන් පසු කරගෙන යන්න වෙනත් ක්‍රමවේදයන් ලබා දීම. දරුවන්ව උනන්දු කරවන්න සහ උත්තේජනය කරන්න Reward system එකක් මේ හරහා නිර්මාණය කරා.
9. Fostering Autonomy and Choice
මෙහිදී දරුවන්ට නිතරම තෝරාගැනීමේ option එක ලබා දෙනවා.උදාහරණයක් විදියට හිතන්නකො ශාක ගැන උගන්වන්න ඕනේ කියලා. දරුවාට නිදහස දෙනවා එයා ඒ ගැන ඉගෙන ගන්නේ / ඇක්ටිවිටීස් කරන්න තෝරගන්නේ පොතක කරුණු ලියලද, නැත්තන් චිත්‍ර විදියට ඇදලද එහෙමත් නැත්තන් වීඩියෝ බලලද කියලා.
10. Calm, Predictable Environment
දරුවන්ගේ සංවේදන අවශ්‍යතාවයන් වලට ප්‍රධාන තැන දෙන පරිසරයක් නිර්මාණය කිරීම. උදාහරණයක් විදියට යම් දරුවෙක්ට පීඩාකාරී මොහොතක් උදා වුනොත් ඒ දරුවාට විවේක කාලයක් ලබා දීලා මනස සන්සුන් කරගන්න අවශ්‍ය දේවල් ලබා දෙනවා.
11. Collaborative Learning
මේ හරහා කරන්නේ ඉතා කුඩා කණ්ඩායම් වලට බෙදලා දරුවන්ට එකතු වෙලා වැඩ කරන්න ඉඩ දීම. මේ කණ්ඩායම් බෙදන එකත් නිකන් කරන්නේ නැහැ. කණ්ඩායමට තෝරාගන්නා දරුවන්ගේ විවිධ කුසලතාවයන් තියෙන්න ඕනේ. ඒ හරහා එයාලට පුළුවන් එකිනෙකාට වඩාත් හොදින් සහය දෙන්න.
12. Emotional and Social Learning (SEL)
අනෙකාගේ හැඟීම් වටහාගැනීම සහ අනෙකා සමඟ ප්‍රගතිශීලී විදියට ගනුදෙනු කිරීමට සහය දීම.
13. Sensory Breaks and Movement
සෑම දරුවෙක්ටම තමන්ගේ මනස සන්සුන් කරගන්න අවශ්‍ය විරාමයන් ලබා දීම සහ Fidget toys වැනි දේ ලබා දීම.
14. Technology and Assistive Tools
බහුතරයක් Neurodivergent දරුවන් ඉගෙන ගන්නේ තාක්ශණය හරහා.ඒ නිසා තාක්ශණය හරහා දරුවාට අවශ්‍ය දැනුම සහ සහය ලබා දීම.ඒවා App, Games, Audio books, Speech – to – text වගේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරලා වෙන්න පුළුවන්
Neurodivergent දරුවන්ට සකස් වුනු අධ්‍යාපන ක්‍රමවේද අතර අපි අර මුලින් කතා කරපු UDL වගේම වෙනත් ක්‍රම තියනවා.
• TEACCH (Treatment and Education of Autistic and related Communication-handicapped Children)
මේ සිස්ටම් එක නිර්මාණය කරේ Dr. Eric Schopler සහ Dr. Robert Reichler දෙන්නා. මේ හරහා ඔටිසම් දරුවන්ට එයාලගෙ සංවේදන විවිධත්වය මත , නොවනස් වන පරිසරයක (predictable environment) දැනුම ලබා දීමක් කෙරෙනවා. වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ Anxiety තත්ත්වය අවම කරගෙන ස්වාධීන ජීවිතයක් ගත කිරිම ගැන. 1960 North Carolina විශ්වවිද්‍යාලය හරහා හඳුන්වා දුන්න මේ ක්‍රමවේදය හරහා ඉතා සාර්ථකව ඔටිසම් දරුවන්‍ට ඔවුන්ගේ ඉලක්ක කරා යන්න පුළුවන්.
• RDI (Relationship Development Intervention)
මේ ක්‍රමවේදය නිර්මාණය කරේ Dr. Steven Gutstein. මේකෙ අන්තර්ගතය ගැන සරළව පැහැදිලි කරොත් මේ හරහා දරුවන්ගේ සමාජ ගනුදෙනු සාර්ථක කරගන්න වගේම එයාලගේ Emotions regulate කරගන්න සහය දෙනවා. එතකොට Homeschooling කියන සංකල්පයත් එක්ක මේ ක්‍රමවේදය දරුවන්ට පහසු විදියට Follow කරන්න පුළුවන්.
• The Zones of Regulation
මේක නිර්මාණය කරේ Leah Kuypers. දරුවන්ගේ සංවේදන සහ හැඟීම් පාලනය කරගන්න උදව් කිරීම මේ ක්‍රමවේදය තුළ ප්‍රධාන වශයෙන් අවධානට ළක් කරනවා. මේක බොහෝ රටවල් වල පාසල් වල පාවිච්චි කරන ක්‍රමයක්.
• The DIR / Floor time Model
Dr. Stanley Greenspan සහ Dr. Serena Wieder දෙන්නා මේ ක්‍රමවේදය නිර්මාණය කරා. මෙහිදී ප්‍රධාන වශයෙන් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට උපදෙස් ලබා දෙනවා දරුවාගේ Lead එක හරහා දරුවාට සහය දෙන්න. ඒ කියන්නේ දරුවාව ඔවුන්ගේ බලාපොරොත්තු වන ඉලක්ක කරා රැගෙන යනවා වෙනුවට දරුවාව වටහාගෙන දරුවා සූදානම් ඉලක්ක වෙත පහසුවෙන් ලඟා වීමට සහය දෙනවා.
දැන් ඇයි කැනඩාව, පින්ලන්තය (Finland ), නෙදර්ලන්තය, ස්වීඩනය වගෙ රටවල් වල තියෙන අධ්‍යාපන ක්‍රමවේදයන් ලෝකේ තියන හොදම ක්‍රමවේදයන් විදියට පිළිගන්නේ? ඒ අධ්‍යාපන ක්‍රමවේදය ඇතුලේ දරුවන්ව ෆේල් කරන්නේ නෑ. ෆේල් කරවන්නේ නෑ කියන්නේ ඒ දරුවන්ව මානසිකව සහ ශාරීරිකව හෙම්බත් කරලා ලෝකයට සත පහකට දැන් වැඩක් නැති පල් හෑලී සිලබස් විදියට හදලා ජීවිතයෙන් පරාද කරන්නේ නෑ. ඒ අධ්‍යාපන ක්‍රමවේදයන් සකස් කරලා තියන දරුවන්ගේ මනස පිළිබඳව ඉතා අවබෝධයක් එක්ක. විශේශයෙන් Neurodivergent දරුවන්ට ලැබිය යුතු සම අයිතිවාසිකම් සියල්ලම හිමි වෙනවා.
• Finland: පින්ලන්තයේ තියන අධ්‍යාපන ක්‍රමය Inclusive education system එකක්. ඒ කියන්නේ විවිධත්වයෙන් යුතු දරුවන්ට කිසිම වෙනසක් නොමැතිව සෑම දරුවෙක්ගේම විවිධත්වය වටහාගෙන අධ්‍යාපනය ලබා දීම.
අවුරුදු 11 න් තමයි දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්නේ. ඒ දක්වා දරුවන්ගේ ආකල්ප සහ කුසලතා වර්ධනය කරන්න Play හරහා සහය ලැබෙනවා. එතකොට ඔවුන් විස්වාස කරනවා සාම්ප්‍රදායික විභහග ක්‍රමය දරුවන්ට සුදුසු නැහැ කියලා. ඒ වෙනුවට ඔවුන් විභාග අවම කරලා දරුවන්ව යොමු කරන්නේ Self studies වලට. ඒ කියන්නේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ දැනුම සොයා යැම සහ ප්‍රායෝගික ව්‍යාපෘති හරහා අධ්‍යාපනය ලබා ගැනිමට.
• Netherlands: නෙදර්ලන්තේ පාසල් වලින් දරුවන්‍ට ලබා දෙන අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වන්නේ “Passend Onderwijs” (Tailored Education) කියලා. ඒ අධ්‍යාපන ක්‍රමවේදය ඇතුලේ මූලික තැන ගන්නේ සෑම දරුවෙක්ටම සුදුසු සහ පහසු අධ්‍යාපනය ලබා ගැනීමේ ක්‍රමයන්.
• Canada: කැනඩාවේ Neurodivergent දරුවන්ට IEP ලැබෙනවා. ඒ ගැන අපි මුලදි කතා කරා. ගුරුවරුන්ට විශේශ පුහුණුවක් ලැබෙනවා neurodivergent දරුවන්ගේ අවශ්‍යතා වටහා ගන්න. ඒ වගේම දරුවන්ට නිදහස් අවකාශයක් ලබා දෙනවා ඔවුන්ගේ සංවේදන විවිධත්වය මත.
• Denmark: ඩැනිශ් පාසල් ගැන කතා කරොත් Neurodivergent දරුවන්ට වෙන වෙනම තෙරපි සහය රජයෙන් ලැබෙනවා. ඍජුවම මේ තෙරපිවරුන් සහ පාසල අතර සම්බන්ධතාවයක් තියනවා. ඒ හරහා ඒ ඒ දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාපන සැළසුම ඔවුන් නිර්මාණය කරනවා.
• Sweden: ස්විඩන් වල තියෙන්නේ Robust inclusive policy එකක්. ඒ කියන්නේ සෑම විවිධත්වයෙන් යුතු දරුවෙක්ටම වෙන වෙනම නිර්මාණය කරන ලද අධ්‍යාපන ක්‍රමවේදයන් හරහා ඉගැන්වීම. ඒක නීතියක් විදියට ක්‍රියාත්මක වෙනවා.
ඉතිං මෙන්න මේ ක්‍රමවේදයන් සහ Tools එකතුවෙන් තමයි ලෝකයේ ඉතා දියුනු රටවල් වල අධ්‍යාපනය කියන සමස්තය නිර්මාණය කරලා තියෙන්නේ. පුළුවන් නම් අපි දෙමාපියන් විදියට පීඩනයක් නැතුව දරුවාව වටහාගෙන එයාට මේ ඉගෙන ගන්න එක, දැනුම ලබා ගන්න එක අසාවෙන් කරගෙන යන්න පහසුකම ලබා දෙමු.