එමලිගෙයි මගෙයි දවසේ වැදගත්ම වෙලාව තමයි එමලිව නිදාගන්න අරන් යන වෙලාව. එමලි එයාට නින්ද යනකල් හිතන වෙලාව ඇතුලත එක එක විදියට මාත් එක්ක සන්නිවේදනය කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේම මම දවසේ උන විශේශ දේවල් සහ ඊළඟ දවසේ අපි කරන්න යන දේවල් එමලිට කියන්නේ ඒ වෙලාවේ.

දැන් සතියක වගේ ඉඳන් එමලි නින්ද යනකල් සැරින් සැරේ මට ඇඟිලි වලින් එක එක චලනයන් කරලා පෙන්නනවා. මුලින්ම එයා කරේ හැඩතල හදලා මගෙන් ඒ මොකක්ද කියලා අහපු එක. ඊට පස්සේ ඒ අතරේ ඇඟිලි වලින් හැඩයක් හදලා ” J” කියලා කිව්වා. ආයෙමත් Butterfly කිව්වා. Flower කිව්වා. මම තාමත් එමලි මේ කියන්න උත්සාහ ගන්නේ මොකක්ද කියන එක හොයනවා ඊයේ රෑ එක පාරටම එමලි මට කිව්වා ” Do you like to eat hamburger ?” කියලා. හරිම පැහැදිලිව තුන් පාරක් ඒ වාක්‍ය කිව්වා. මම දන්නවා ඒක එමලි මගෙන් අහන ප්‍රශ්නයක් නෙමේ කියන එක. එක්කො එමලිට Burgers කන්න ඕනේ වෙලා. එහෙමත් නැත්තන් Burger king’s එකට ගිහින් එයාලගේ Logo එක බලන්න ඕනේ වෙලා. ඉතිං මම පොරොන්දු උනා අපි හෙට අනිවාර්යයෙන් Burger king’s එකට යමු කියලා.

අද උදේ එමලිගෙ Mood එක ඒ තරම්ම හොඳ නැති උනත් කැමැත්තෙන් Buger king’s එකට ගියා. එමලිට පහසු වෙන්න එළියේ බැල්කනි එකේ තිබ්බ පුටු වල ඉදගත්තා. ඒත් එමලිට ඕනේ උනේම ඇතුළට යන්න.මම දන්නවා එමලිට ඇත්තටම යන්න ඕනේ ඒකේ Kitchen එකට කියලා 😅. සැරින් සැරේ නැගිටලා යන්න හදනකොට මම ආයේ ආයේ ඉන්දෙව්වා. ටිකක් විතර ඒ Environment එක එමලිට අධික උත්තේජනයක් දැනුණත් ඒක කළමනාකරණය කරගෙන කෑම එනකල් බලාගෙන හිටියා. කෑමත් කාලා එන ගමන් කීල්ස් එකට ගියාම එමලි තාත්තට සුපුරුදු විදියට එයාගේ ලිස්ට් එක කිව්වා.

මට එමලිව කීල්ස් එක ඇතුළට අරන් ගිහින් එයාට ඕනේ කරන Shampoo , cologne අරගන්න ඉඩ දෙන්න පුළුවන් උනත් ඒක ලොකු Disaster එකක් වෙන්න පුළුවන් කියන එක මම දන්නවා. එමලි අනිවාර්යයෙන් Over stimulate වෙනවා. එයාට ඕනේ දේවල් විතරක් තෝරගන්න ඒ මොහොතේ එමලිට අපහසු වෙනවා. තියන Shampoo , cologne ඔක්කෝම ටික එමලිට ගෙදර ගේන්න ඕනේ වෙනවා. ඒකට ඉඩ නොදුන්නොත් ඔන්න ඇඟ පණ නැති කරලා කීල්ස් එකේ රාක්ක මැද්දේ වැටෙයි. ඊට පස්සේ මටයි එමලිගේ තාත්තටයි එමලිව උස්සන් ඇවිල්ලා වාහනේට දාගන්න වෙනවා. ඒ නිසා ඊට වඩා අපි හැමෝටම හොඳයි වීඩියෝ කෝල් එකෙන් ඕනේ දේවල් එමලි කියනකොට ඒවා අරගෙන එන එක.

එයාගේ බඩු ටික දාපු පොඩි බෑග් එක අතට ගත්තම ලොකු සතුටකින් එමලිට හිනා ගියා 🤭. මේ වගේ දවස් වලට නං අපිට හොඳ දවස් කියලා කියන්න පුළුවන්.

මුල් සබැඳිය : මේ වගේ දවස් නං අපිට හොඳ දවස්