එමලිගේ හැඩය මත එමලිට දැනුම ලබා දෙන්න කාලෙන් කාලෙට එමලිගේ විදියට ගැළපෙන ක්‍රමයන් මට හදාගන්න සිද්ධ වෙනවා. එමලි කියන්නේ නිතරම එහා මෙහා Move වෙන දරුවෙක්. එතකොට අධ්‍යාපනය, සන්නිවේදන සහය, Self regulation වල ඉඳන් හැම පරාසයකටම සහය දෙන්න පවතින සාම්ප්‍රදායික ක්‍රමය කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ඒ නිසයි මම එමලිට මමම Homeschooling කරන්නේ.

එමලි කැමති දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. කාලයක් තිබ්බා Dress designs ගැන සෑහෙන්න උනන්දු. එතකොට ඒ උනන්දුවෙන් එහා දේකට එමලිට අපහසුයි අවධානය දෙන්න. එතකොට මම එමලිට උගන්වන්න පාවිච්චි කරේ එයාගේ ඒ සම්බන්ධව තියන උනන්දුව. මම හොයලා දුන්නා Fashion සම්බන්ධව තියන සරළ Games. ඒවා වල පියවරෙන් පියවරට තමන්ගෙම Dresses නිර්මාණය කරගන්න හැටි තියෙන්නෙ. එතකොට ඒ හරහා මට එමලිට Language කරන්න පුලුවන් උනා. ඒත් එක්කම එමලි ඉවසීමෙන් ඒ හැම පියවරක්ම Follow කරලා එයාගේම ඇඳුම් නිර්මාණය කරා. එතනින් එහාට එමලිගේ Fine motor skills තවත් සංවර්ධන කරගන්න සහය දෙන්න අපි බිත්ති පුරා ,ටයිල් පුරා ඇදුම් ඩිසයින්ස් විතරක්ම එමලි අදිනකොට ඒවට වැඩියෙන් සපෝට් කරා. එතනින් එහාට එමලිගේ Creative level එක කොයිතරම්ද කියලා මට තේරුම් ගන්නත් ඒ කාලේ පුලුවන් උනා. ඇඳුමක්ට එක එක හැඩ තලයේ බොත්තම් අදින එක, ඒ Patterns එහෙම නිර්මාණය කරන විදිය පැය ගාණක් උනත් මම බලන් හිටියේ ආසාවෙන්.

ඒත් එක්කම මම Order කරලා ගෙන්න ගත්තා ඇඳුම් ඩිසයින්ස් නිර්මාණය කරන්න තියන Sticker books. එමලි ඒවා එක්ක තමයි ඒ කාලේ වැඩ කරේ. දැන් මම ඒ කාලේ එමලිව එයාගේ Special interest එකෙන් ගලවලා අරගෙන වෙන දේකට එයාගේ අවධානය අරගන්න උත්සාහ කරා නං අපිට කිසිම දෙයක් ප්‍රයෝගිකව කරගන්න වෙන්නේ නෑ. ඒ වැඩේ අසාර්ථක වෙනවා.

මේ පාර තමයි හැබැයි එමලිට Strong ම Special interest එකක් ආවේ Brand Logos සහ Names ගැන. ඒක Phone Brand වලින් පටන් අරගෙන මේ වෙනකොට ඕනේම Logo එකක් , කඩවල් වල නම් සහ ප්‍රායෝගික ලෝකයේ පේන හැම දේකටම එමලි සම්බන්ධ කරනවා. දැන් මම කියන්නම් කොහොමද ඔටිසම් සහ ADHD බබාලට බලහත්කාරකමින් උගන්වන්නේ නැතුව එයාල කැමති දේවල් හරහා දැනුම දෙන්නේ කියන එක.

2020 දි Lydia Davey ඉදිරිපත් කරා එයාගේ Study එකක්. ඒකේ නම ” Using the special interests of autistic children to facilitate meaningful engagement and learning”. මෙන්න මේක Publish කරාට පස්සේ යුරෝපයේ පාසල් වල ඔටිසම් සහ වෙනත් විවිධත්වයන් සහිත දරුවන්ට උගන්වන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න ගත්තා. Lydia කියන්නේ ඔටිසම් සහ අන්තර්කරන අධ්‍යාපනය සම්බන්ධ Researcher කෙනෙක්.එයා බොහෝමයක් special education schools වල වැඩ කරලා කොහොමද පන්ති කාමර වල ප්‍රායෝගිකව දරුවන් ඒ පරිසරයේදී අධ්‍යාපනය ලබා ගන්නේ කියලා කාලාන්තරයක් පුරා අධ්‍යනය කරපු කෙනෙක්. අන්න ඒ මත තමයි හැම දරුවෙක්ගේම Special interests මත එකිනෙකාට දැනුම ලබා දීම පහසුවෙන් සහ ඉතා සාර්ථකව කරගෙන යන්න ඒ අධ්‍යනය Lydia සමාජගත කරේ. ඒක කොයිතරම් සාර්ථකද කියන එක එමලි හරහා පහු ගිය දවස් කීපයේම තව තවත් අපිට ඔප්පු උනා.මේ හරහා එමලිට දැනුම දෙන්න පටන් අරන් දැන් කාලයක් වෙනවා. මේ දවස් වල එමලි භාෂාව නිර්මාණය වෙලා තියන හැඩය ඉතා ගැඹුරට තේරුම් අරගනිමින් ඉන්නවා.ඒක ගැනත් අපි කතා කරමු. ඊට කලින් කොහොමද Lydia කියන විදියට දරුවෙක්ට Special interest map එකක් නිර්මාණය කරගන්නේ කියලා පැහැදිලි කරගමු.

Lydia Davey – Special Interest Map

1) දරුවාගේ Special interest එක නිවැරිදිව හදුනාගන්න. – මේක වැඩිහිටියන්ට හිතෙන දරුවාට ප්‍රයෝජනවත් වෙනවා කියන අදහස මත නෙමේ තේරුම් ගන්න ඕනේ. මේක නිතරම දරුවා ස්වාභාවිකව කැමැත්තක් දක්වන සහ දරුවාට ආරක්ෂිත හැඟීමක් දැනෙන විශයක් වෙන්න ඕනේ. Lydia කියන්නේ මේ ගැන ඉතාමත් අවධානයෙන් නිරීක්ෂණය කරන්න කියලා. නිරීක්ෂණය කරන්න දරුවා නිතරම යොමු වෙන දේ, කතා බහ කරන දේ, මනස කලබල උනාම සන්සුන් කරගන්න පාවිච්චි කරන දේ, පරිසරයේ වැඩියෙන්ම දැකලා සතුටු වෙන දේවල් ගැන.සරළවම කියනවා නම් හොයාගන්න දරුවාගේ අවධානය නතර වෙන දේවල්.

2. ඒ interest එක ගැන ගැඹුරින් තොරතුරු එකතු කරන්න. උදාහරණයක් විදියට දරුවා වාහන වලට කැමති නං ඒක එතනින් නතර නොවී පාට, වර්ගය, හැඩය Modle එක, වර්ශය වගේ මේ හැමදේම ගැන නිරීක්ෂණය කරන්න. මෙන්න මේ ගැඹුරු නිරීක්ෂණය නැත්තන් මේ හදාගන්න Map එක සාර්ථක වෙන්නේ නෑ.

3. Special interest එක තමයි map එකේ මධ්‍යය වෙන්නේ.

4) එතනින් එහාට ඒ Special interest එක හරහා දරුවාට සහය දිය හැකි පරාසයන් හදුනාගන්න.

4. ඉගෙනීම වගේම ජීවිතයේ අංශ වලට map එක හෙමින් පතුරවන්න. මේක තමයි Lydia කියන විදියට Map එකේ වැදගත්ම කොටස්. එතකොට සන්නිවේදනය, භාශාව( ලිවීම, කියවීම සහ අනෙකුත්), සමාජ අන්තර් ක්‍රියා , හැඟීම් සහ Self Regulations , දෛනික ජීවිත කුසලතා, පාසලේ විෂයන් යනාදිය අර ප්‍රධාන Special interest එක හරහා සංවර්ධනය කරගන්න. ඒක නිකන් හරියට ප්‍රධාන මධ්‍යස්ථානයක් වටේට උප ශාඛා Open කරනවා වගේ. මේක කරනකොට ඔයා දැනුවත් වෙන්න ඕනේ දැනටමත් නොයෙක් පරාසයන්ට දරුවගේ Special interest එක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා.හරියට මකුළුවෙක් දැලක් වියනවා හා සමානයි.

5. Lydia සඳහන් කරනවා පාසලේ පන්තිකාමර ගුරුතුමිය/ ගුරුතුමන්, සහය ගුරුවරුන්, දෙමව්පියන් එකතු වෙලා මේ Map එක හදන්න ඕනේය කියලා.ඒත් මෙතන ප්‍රධාන වෙන්නෙ දරුවා. ඒත් එක්කම මේ Map එක එක් කාලෙකින් අවසන් වෙන එක්ක නෙමේ.මේක දරුවා සමඟ ජීවත් වෙන පණ තියන සැලස්මක් හැටියට Lydia හදුන්වනවා. මේක ඇත්තක්. එමලිට දන්න කාලේ ඉඳන් මම එයාට සහය දෙන්න තෝරගන්නේ එමලිගේ ඒ ඒ කාලයට තියන Special interest එක. එතකොට Map එකේ හැඩය වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ Subject එක විතරයි..

6. Map එක භාවිතා කරන්න ඕනේ දරුවාව ප්‍රධාන කරගෙන මිසක් දරුවාව පාලනය කරගෙන නෙමේ. Lydia කිසිම වෙලාවක කියන්නේ නෑ දරුවාගේ Stimming නතර කරන්න, Interest එක සීමා කරන්න හෝ compliance tool එකක් විදියට පාවිච්චි කරන්න කියලා. එයා කියන්නේ Map එක භාවිතා කරන්න සන්නිවේදනයට, පාඩම් සැලසුම් කරන්න, Engagement වැඩි කරගන්න, Stress එක අවම කරගන්න කියලා.

7. මේ Map එක අසාර්ථක වෙනවා නම් ඒක වෙන්නේ අපි දරුවාගේ Interest එක ගැන ගැඹුරට නිරීක්ෂණය කරලා නැති නිසා කියලා Lydia කියනවා. ඒත් එක්කම එයා කියනවා කාලයත් එක්ක දරුවගේ Special interest එක වෙනස් වෙනකොට Map එකත් වෙනස් කරන්න.එයා නිරීක්ෂණය කරලා තියන විදියට Special interest කාලයත් එක්ක ඉතා ගැඹුරට පැතිරී යනවා.කොටස් විදියට දිගු වෙනවා. උදාහරණයක් විදියට එමලිගේ ෆෝන් Brands ගැන තිබ්බ Special interest එක මේ වෙනකොට Branches වලට බෙදිලා. වාහන, Air conditions , Food Brand Logo වගේම Adidas වගේ සපත්තු brands Vehicle Brands වෙනකල්ම පැතිරිලා ගිහින්.

මේ පෝස්ට් එක දික් වුනත් කමක් නෑ කියලා හිතලා මම එමලිගේ Special interest එකට මම හදාගත්ත Map එක පැහැදිලි කරන්නම්.මේක මම කොළයකවත් Notepad එකක්වත් හදාගෙන නෑ.මම එහෙම එමලි සම්බන්ධව කිසිම දෙයක් කොළ වල සටහන් කරගන්නේ නෑ.හැමදේම ලියවිලා තියෙන්නේ ඔළුවෙයි මේ පේජ් එකෙයි තමා🤭.

එමලිගේ Special interest එක Logos සහ Brand Names. මේක තමයි Map එකේ ප්‍රධාන මධ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මේකෙන් මම එමලිගේ සංවර්ධනයට සහය දෙන පරාසයන් එහෙම නැත්තන් උප කොටස් තමයි

1) භාශාව සහ සාක්ශරතාවය – මේක යටතේ තියෙන්නේ Logo names කියවීම, ශබ්ද ගළපන එක( Sounds Matching ) , Letters Tracing .

2) සන්නිවේදනය – මේක යටතට ඇතුළත් වෙන්නේ Point කරලා අහන එක, Brand නම් කරන එක , Joint attention සහ Gestalt words. මෙතන Gestalt words කියන එකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ කොටස් , Chunks විදියට දරුවා කියන වාක්‍ය හෝ වචන. දරුවා ඒ අදාළ තැනට Meaningful විදියට කොපි කරගත්ත වාක්‍ය කොටස කීම.

3) Daily living Skills – මේකට අපි බඩු ගන්න තැන්, Routines සහ තෝරාගැනීම් අදාළ වෙනවා. ස්වාධීනත්වය ගැනම විතරක් මේකෙන් අදහස් වෙන්නේ නෑ.. මේකෙන් අපි කරන්නේ දරුවට එදිනෙදා ජිවිතය , සමාජය කොහොමද ක්‍රියා කරන්නේ කියලා අදහසක් දෙන එක.දැන් එමලි කිව්වම CBL කියලා මම කියනවා CBL- Biscuits කියලා. Tvs කිව්වම මම කියනවා Bikes කියලා. එතනින් එහාට එමලි කියනවා Keells කියලා. එතකොට මම එයාට කියනවා ඔව්.අපි ඔයාට Ice cream ගන්නේ Keells එකෙන් කියලා. මේ වගේ මේ Brand names හරහා මම එමලිට තේරුම් කරනවා අපි එදිනෙදා ජිවිතයේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගන්න තැන් ගැන.

Emotional Development වල ඉඳන් Self regulations වෙනකල් මම මේ Special interest එක හරහා එමලිට සහය දෙනවා.

මම මේ දාලා තියන වීඩීයෝ එකේ තියනවා එමලි තනියම Type කරලා එයාට බලන්න අවශ්‍ය Brand Logos හොයාගන්න හැටි. ඒත් එක්කම මම එමලිට Download කරලා දුන්නා ” Logo Quiz” Game එකක්. ඒකේ තියෙන්නේ අදාළ Logo එකේ නම හරි අකුරු හොයලා සම්පූර්ණ කරන්න. ඒත් එක්කම එමලි කොළ අරන් Tv ඇදලා ඒ යටින් Samsung , LG වගේ Brand name ලියලා ඒ රූපය කපනවා. මේ වගේ ගොඩක් වැඩ එමලිගේ Special interest එකත් එක්ක අපි කරනවා. මට පැවරිලා තියන වගකීම තමයි Logos ගැන වැඩිපුර දැනගන්න එක. විශේෂයෙන් වාහන වල Brand names සහ Logos. එමලි පාරේ දකින ” Honda , Toyota , hyundai වාහන ටක් ගාලා අදුරගෙන ඒවට Point කරලා පෙන්නනවා. එතකොට මමත් හරියටම ඒවා කියන්න ඕනේ. ඉතිං එමලි නිසා මම මේවා ගැන ඉගෙන ගන්නවා. ඒත් එක්කම එමලිට සන්නිවේදනයට තවත් පහසු වෙන්න AAC App එකක් එමලිට හඳුන්වා දෙන්න පහු ගිය වසර දෙක ඇතුලත් ගත්ත උත්සාහය අසාර්ථක උනේ එමලි ඒකට අකමැති උන නිසා. ඒත් දැන් එමලි Card talk කියන App එක ගැන ටිකක් උනන්දුයි. Card Talk කියන්නේ AAC App එකක්ම නෙමේ. ඒත් මේක නිකන් Flash cards එකතු කරලා ඒ හරහා තමන්ගේ Emotions, Needs ප්‍රකාශ කරන්න වාචික සන්නිවේදනය අපහසු දරුවන්‍ට සහය දෙන්න නිර්මාණය උන App එකක්. මේකට දරුවාට සමීප දේවල් වල ෆොටෝස් එකතු කරලා අපිට දරුවාට අවශ්‍ය විදියට හදාගන්නත් පුලුවන්. මගේ ඊළඟ වැඩේ තමයි එමලිට අවශ්‍ය විදියට Brand logos දාලා ෆොටෝස් සහ සරළ වාක්‍ය හදලා මේ App එකට එකතු කරන එක.

මුල් සබැඳිය : එමලිට හා හොම්ස්කුලින්