ඔටිසම් දරුවන්ගේ Play හැඩය Sensory profile එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ.ඒකයි ඔටිසම් දරුවන්ගේ Play සහ ඔටිසම් නොවන දරුවන්ගේ Play සංසන්දනය කිරීම නිවැරිදි දෙයක් වෙන්නෙ නැත්තේ. ඒ වගේම තමයි වැඩිහිටියන් විසින් ඔටිසම් දරුවන්‍ට සාම්ප්‍රදායික Play පුහුණු කරන්න යන එක දරුවන්ට පීඩාවක් සහ ඒක ස්වාභාවික සංවර්ධනයට හේතුවක් වෙන්නේ නැත්තේ. ඔටිසම් දරුවන්ගේ play හැඩයට වටිනාකමක් ලැබෙන්න ඒ Play හැඩය සමාජයෙන් පිළිගන්න අවශ්‍ය නෑ. නූලක් අරන් ඒ නූල හොල්ලන එක, පත්තර කොළ ඉරන එක, මඩ වතුර පස් අනලා ඇඟේ ගාගන්න එකේ ඉදන් කැරකෙන ෆෑන් එකක් දිහා බලන් ඉන්න එක පවා ඔටිසම් දරුවන්ගේ play හැඩයට අයිතියි. තමන්ගේ දරුවගේ Play වල තේරුම වටහා ගන්න නං දරුවාගේ සංවේදන සංවේදීතා හැඩය වටහා ගන්න ඕනේ.

එමලිගේ හැම Play එකක් පිටිපස්සෙම තියෙන්නේ එයාගේ විවිධත්වය සහ Sensory needs. ගොඩක් වෙලාවට ඒ Play මුලු සාලයේම ඉඩ අයිතිකරගන්නවා . කාලෙන් කාලෙට ඒ Play හැඩය වෙනස් වෙනවා එමලිගේ සංවේදන අවශ්‍යතාවන් වෙනස් වෙන එකට සමානව. මේ දවස් වල එමලි ඉන්නේ Emotions Regulate කරගන්න උත්සාහයක. ඉතිං ගේ පුරාම පේළියට Toys, cards තියාගෙන යනවා. නැත්තන් වතුරයි පාටයි එකට මිශ්‍ර කරලා ඇඟ පුරා ගාගන්නවා. හුළඟට ගස් වල කොළ හෙලවෙන හැටි බල බලා වත්ත පුරා ඇවිදිනවා.

එමලිගේ Play අවසානයේ ගෙවල් අස් කරන එක පහසු වැඩක් නොවුනත් මේ Play හරහාම තමයි එමලි එයාගේ Sensory system එක සමබර කරගෙන හිනා වෙලා ඉන්නේ. ඉතිං දරුවගේ හැම සෙල්ලමකටම ඉඩ දෙන්න. දරුවන්ගේ සෙල්ලම් පොදු සාම්ප්‍රදායික රාමුවක් අස්සට හිර කරන්න උත්සාහ ගන්න එපා.

මුල් සබැඳිය : එමලිගේ Play ටයිම් එක