එමලි දැන් එයා වැඩියෙන් කැමති Phone Brand වල නම් Spell කරනවා. අපි ඒවා Spell කරාම ඒ වචනේ කියනවා. ඊයේ මගේ ටැබ් එක අරන් Google ගිහින් මගේ කිසිම සපෝට් එකක් නැතුව එමලිම Search bar එකේ Samsung ,Nokia, Sony කියලා Type කරලා Search කරලා ඒ එන images බලන්න ගත්තා. මේ හැම දේම එමලිගේ සංවර්ධනයත් එක්ක සම්බන්ධයි.
එමලිගේ මනස එහෙමත් නැත්නම් එයාගේ monotopic mind එක මේ කාලයේ සම්පූර්ණ අවධානය දීලා තියෙන්නේ Brand logos සහ Names වලට. monotropism ගැන මම ලියලා තියන පෝස්ට් ලින්ක් මම කමෙන්ට් එකක් විදියට එකතු කරන්නම්.ඔටිසම් සහ ADHD බබාලා ඉන්න දෙමව්පියන්ට ඒක වැදගත් වෙයි. මේ ගැන මම සරලව පැහැදිලි කරොත් දඩයක්කාරයෙක් තමන්ගේ දඩයමට සම්පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්නවා හා සමානයි මේ වගේ special interests එකක ඉන්න දරුවන්ගේ මනස. ඉන් එහාට දරුවන්ට අපහසුයි වෙනත් දේවල් වලට අවධානය දෙන්න. ඒ නිසා අපි කරන්න ඕනේ දරුවාට දෙන සහය නිර්මාණය කරගන්න එක දරුවාගේ Special interest එක පාවිච්චි කරලා. මම මේ දවස් වල කරන්නේ ඒක.
එමලි ලියන්නේ Brand names, කතා කරන්නේ ඒ ගැන, වඩ වඩාත් කුතුහලයෙන් හොයාගෙන යන්නේ ඒවා ගැන. ඒ නිසා මම ඒවා පාවිච්චි කරලා තමයි එමලි එක්ක Language model කරන්නේ, ලියන්න සහය දෙන්නේ.Type කරන්න ඉගෙන ගන්න උදව් කරන්නේ. එමලිට Self regulate කරගන්න සහය දෙන්නේ.ඒත් එක්කම එමලිට කියවන්න සහය දෙන්නෙත්. එතකොට මේ එක Special interest එකක් පාවිච්චි කරලා එක එක පරාසයයන් සංවර්ධනය කරගන්න දරුවට පහසුවෙන් සහය දෙන්න පුළුවන්.
ඒත් එක්කම එමලි ශබ්ධ සහ අකුරු එකට සම්බන්ධ කරන්න උත්සාහ ගන්නවා.ලියලා තියන වචනයක් ප්‍රායෝගික ලෝකයේ දේවල් එක්ක එමලි සම්බන්ධ කරනවා.මේක higher-level reading skill එකක්. උදාහරණයක් විදියට අපි එමලිගේ මම්මාච්චිගේ ගෙදර ගියපු වෙලාවක එමලි ගිනි පෙට්ටියක් අරන් ඒකේ ගිනි කුරූ ඔක්කොම එක ගොඩකට ගහලා පොඩි ගිනි ගොඩක් ගැහුවා. ගිනි ගන්න ගිනි කූරු ටික දිහා බලලා මට කිව්වා Fire – Amazon Fire කියලා. එමලිගේ Special interest එක එයාට කියවීම සහ පිටත ලෝකය හඳුනාගැනීම අතර පාලමක් වගේ සහය දෙනවා.
මෙන්න මේ නිසයි නව දැනුම මත කිසිම වෙලාවක ඔටිසම් දරුවන්ගේ Special interest වලට බාධා කරන්නේ නැත්තේ.
