එමලි යාළුවො හම්බුනාම ඒ Environment එක හරිම සතුටින් විඳිනවා කියලා මට හිතෙනවා. ඒත් එමලි සාම්ප්‍රදායික විදියට Play කරන්න එකතු වෙනවා අඩුයි. ඒක අසාමාන්‍යතාවයක් හෝ අඩුවක් කියලා මම හිතන්නේ නැහැ.
අද අපි මම්මාච්චිගේ ගෙදර ගියේ ත්‍රීවීල් එකේ.එමලි හරිම ආසයි ත්‍රීවීල් එකේ හුළං වැදි වැදී වට පිට බල බලා යන්න. අවට දරාගන්න අපහසු තැන් වලදි ඇස් පුංචි කරලා ඒ දර්ශන මඟ හරිනවා. ඒත් සමහර තැන් වලදී හයියෙන් හිනා වෙනවා.
අද මම්මාච්චිගේ ගෙදරිදී එමලි හරිම සතුටින් හිටියේ එයාගේ පුංචිලගේ බබාලත් ඇවිල්ලා හිටපු නිසා. එමලිගේ හැසිරීමෙන් මම තේරුම් ගන්නවා එමලිට ඒ බබාලා වටේ පේන්න ඉන්න එක ලොකු සතුටක් කියලා. ඒ කිසිම දරුවෙක් එමලිව බලෙන් කතා කරවන්න හෝ සෙල්ලම් වලට ගන්න එක කරන්නේ නෑ. එයාල එමලිට එයාගේ විදියට ඉන්න දෙනවා. එමලිගෙ හැඩය ඒ දරුවන් පිළිගන්නවා. කාටවත් ප්‍රශ්න නැහැ. ඒ නිසා වෙන්න ඇති එමලි හරිම Comfortable එයාගේ මේ යාළුවො එක්ක.
එමලි මේ දවස් වල කරන තව Play එකක් තමයි පොඩි පොඩි චිත්‍ර ඇඳලා ඒවා පාට කරලා කතුර අරන් කපන එක.මම්මාච්චිගේ ගෙදර යනකොට එමලි එයාගේ Cologne bottles වලින් තෝරලා කීපයක් අරන් ගියේ. ඒ ටිකත් ටේබල් එකේ තියලා පොඩි චිත්‍ර ඇඳලා ඒවා කපලා බොට්ල්ස් උඩ තිබ්බා.මම ඒවා එකින් එක පෙන්නලා ඇහුවම කිව්වා Juice , hamburger , noodles කියලා. එමලි එයාගෙම Play එකක් හදන් තනියම play කරා.
හොඳම වෙලාව තමයි එක යාළුවෙක්ගේ Birthday එක නිසා අපි පොඩි කේක් එකක් ගෙනල්ලා ඉටිපන්දමක් ගහලා Happy birthday කියලා ඒක කැපුවා.ඉස්සර නං කාගේ Birthday එකක් උනත් එමලිට ඒක තේරුම් ගන්න අපහසුයි. ඒ නිසා එමලිට ඕනේ ඒ කේක් එකේ ඉටිපන්දම පිඹලා එයාම නිවන්න. ඒත් අද එහෙම කරේ නෑ. යාළුවා ඉටිපන්දම නිව්වම එමලි සතුටට අත් පුඩි ගැහුවා. ඔක්කෝම වැඩ ටික ඉවර උනාම ටේබල් එක උඩට නැඟලා හයියෙන් Happy birthday song එක ඉවර වෙනකල්ම කිව්වා.අපි හැමෝටම හරිම සතුටුයි. මට සතුට වැඩි කමට ඒක වීඩියෝ කරගන්න බැරි උනා
.
මම මේ Journey එකේ තේරුම් ගත්ත තව දෙයක් තමයි මනුස්ස සම්බන්ධකම් බලහත්කාරකමින් අපිට හදන්න බැහැ කියන එක. අපිට බැහැ අපේ දරුවන්ට යාලුවො හදාගන්න , එකට එකතු වෙලා Play කරන්න කියලා බල කරන්න. ඒවා ඇති වෙන්න ඕනේ ස්වාභාවිකව. ඒ වගේම හැම මනුෂ්‍ය සම්බන්ධකමක්ම එකම හැඩයේ වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ අපි වෙනස් නොවී අපි විදියටම සමාජය එක්ක පහසුවෙන් සම්බන්ධ වෙන එක. මම හිතන්නේ එමලි දන්නවා එයාට නිදහස තියනවා කියලා යාළුවෝ අතර එයා විදියට ඉන්න. යාලුවන් එක්ක කතා නොකරට සාම්ප්‍රදායික විදියට සම්බන්ධ නොවුනට එමලි යාළුවන්ට හරි ආදරෙයි.ඉතිං එමලිට අද දවස හොඳ දවසක්. මටත් මේ ගෙවීගෙන යන දවස් ඇත්තටම හොඳ දවස්. ඒත් අපේ අත්දැකීම් මත අපි දන්නවා දවස් දෙකක් හොඳ වෙලා අනික් දවස අභියෝගාත්මක වෙන්න පුළුවන් කියන එක.
ගෙදර එන ගමන් සුපුරුදු විදියට Shampoo ඉල්ලුවා.ඒත් මම අරන් දුන්නේ නෑ . හේතුව ගෙදර දැන් එහෙම අරන් දීලා එක එක ජාතියෙන් තියන නිසා. එහෙම අරන් දුන්නේ නෑ කියලා එමලි අඩලා ඉල්ලන්නේ නෑ. ඒකත් මට හිතට ලොකු සහනයක්. 
