එමලි මේ කාලයේ Cream , shampoo , cologne , Soap වගේ දේවල් එකතු කරන Hobby එකේ ඉන්නේ. දැන් මේ වගේ දේවල් neurotypical දරුවන් කරනකොට ඒවා විනෝදාංශ වෙලා Neurodivergent දරුවන් කරනකොට Obsession / ඇබ්බැහි විදියට බහුතර සමාජය හදුන්වනවා. මේක කොහෙත්ම නිවැරදි නැහැ. ඒත් Neurodivergent Brain එකක් සහ Neurotypical Brain එකක් එකිනෙකට වෙනස් නිසා එකම අත්දැකීම හෝ විනෝදාංශය මත ඔවුන් ලබා ගන්නා අත්දැකීම්, ඒ මත දක්වන හැසිරීම වෙනස් වෙන්න පුළුවන්.
එමලි කරන්නේ නිකම්ම නිකන් Cream, shampoo , Colonge එකතු කිරීමක් නෙමේ. එයා ඒවා එකතු කරන්නේ යම් පිළිවෙළකට.පාට, හැඩය, ජාතිය වගේ යම් රටාවක් එයාට තියනවා මේවා සම්බන්ධව. ඒ වගේම මේ හැම Brand එකකම Product ගැන එමලි වැඩිදුර Google search කරලා හොයනවා. එහෙම හොයලා එයා ළඟ නැති Shampoo එක හෝ Cologne එකේ ෆොටෝ එක අපිට පෙන්නලා ඒ හරහා තමයි අපිට කියන්නේ ” මට මෙන්න මේකත් ඕනේ” කියලා.
එමලි ළඟ තියන සහ නැති Shampoo , Cologne ජාති ගැන මට කිසිම අදහසක් නෑ. හේතුව පනහකට හැටකට ආසන්න Product තොගයක් එමලි ළඟ එකතු වෙලා තියනකොට ඒව වෙනම වෙනම මතකේ තියාගන්න තරම් මගේ මතකය ශක්තිමත් නෑ. ඒත් එමලිගේ තාත්තාට එමලි ළඟ තියන මේ ජාති හැම එකක්ම හොඳටම මතකයි. එක වර්ගයකින් කොයිතරම් Cologne ප්රමාණයක් තියනවද ඒ ජාතියෙන් තව අඩු මොන ජාතියද වගේ හැම Detail එකක්ම එමලිගේ තාත්තා දන්නවා.
දැන් එමලි මේවා එක්ක මොනවද කරන්නේ කියන එකත් මම කියන්නං. හැමදාම රෑට නිදාගන්න ගියාම එමලි මට ෆොටෝස් ගන්න කියලා තෝරගත්ත එක Cologne එකක් අරන් බෙල්ල දෙපැත්තේ ගාගන්නවා.මේ හැමදාම රෑට සිද්ධ වෙන Routine එකක්. ඒ වගේම තමයි එමලි මේවා වලින් තෝරගත්ත කොටසක් අරන් ඒවා පේළියට හෝ ලොකුවට රවුමක් විදියට රටාවට තියනවා. ඒවා තියෙන්නෙත් පාට අනුව වර්ග කරලා.
ඔටිසම් පුද්ගලයින්ට රටාවන් හෝ පිළිවෙළවල් හරහා පහසුවෙන් මනස සන්සුන් කරගන්න පුළුවන්. එතකොට එමලිත් මේ ක්රියාවෙන් එයාගේ මනස Regulate කරගන්නවා.
මම දකින තව විශේෂ දෙයක් තමයි එක බෝතලයක මූඩියක පොඩි පලුද්දක් හෝ බුරුල් වීමක් උනොත් එමලි ටේප් එක අරන් එයාම තනියම ඒක Fix කරගන්නවා. මේවා කරන්නේ අපි කියලා දීලා නෙමේ. අපි ටේප් එකෙන් සමහර දේවල් අලවනවා බලාගෙන ඉදලා. මෙතන මට වැදගත්ම දේ තමයි එමලි එයාගේ ප්රශ්න එයාම විසදගන්න උත්සාහ කිරීම. ඒ වගේම තමයි එක Cologne එකක හරි ඇතුළේ තියන Liquid ප්රමාණය අඩු උනොත් එමලිට ඒක මනසට දරාගන්න අපහසුයි. ඒ නිසා එයා කරන්නේ ඒවා ඉවර වෙන පොඩි ප්රමාණයට හරි වතුර දාලා ආයේ කට ළඟටම බෝතලේ පුරවගන්න එක.
දැන් මම නං මේ වගේ Hobby හෝ Special interest වලින් උපරිම ප්රයෝජනය ගන්නවා
. එමලි එක්ක එකතු වෙලා Google search කිරීම හරහාම එමලිගේ Type කිරීම, කියවීම, වාචික සන්නිවේදනය කියන පැති සංවර්ධනය කරගන්න සහය දෙන්න පුළුවන්. අනික් එක තමයි එමලි අපිත් එක්ක එයාගේ Special interest එක හරහා සම්බන්ධ වීම.ඒකත් වැදගත්ම කාරණයක්. ඒ වගේම තමයි එමලිගේ මානසික සන්සුන් බව. හැමදේකටම වඩා ප්රධානම දේ ඒක. එමලිගේ මේ Cologne , cream ,soap Hobby එක හරහා පුදුමාකාර මානසික සන්සුන්බවක් එමලි ලබා ගන්නවා.එමලිගේ මනස සන්සුන් නම් මට එයාට අළුත් දේවල් කියලා දෙන්නත් පහසුයි.
අපේ ගෙදර මේ කාලේ අර චූටිම බබාලා ඉන්න ගෙදරක එන සුවඳ තමයි එන්නේ
හැබැයි ඒ සුවඳට මගෙ මනසත් සන්සුන් වෙනවා
. එමලි කොයිතරම් කාලයක් එයාගේ මේ Special Hobby එකත් එක්ක ඉදීද කියන එක මම දන්නේ නෑ.ඒත් වෙන Hobby එකක් එමලි හොයාගන්න කල් අපි මේ Hobby එකටත් ඉතිං හැමදාම වගේ අපේ උපරිම සපෝට් එක එමලිට දෙනවා.

