මට මතකයි අපි එමලි එක්ක මීට කාලෙකට කලින් ගියපු Restaurant එකක උන දෙයක්. ඒ Restaurant එකේ සම්පූර්ණ හැඩය ගෙයක්. සාම්ප්‍රදායික Restaurant හැඩය නෙමේ. ඒක ඇතුළට ගිය ගමන්ම එමලි එයාගේ අකමැත්ත පෙන්නුවා. කලබල උනා . තාත්තට Tshirt එක ගලවන්නම කිව්වා. ඉතිං අපි ඉක්මනට එමලිව එතනින් අරගෙන එළියට ආවා. මේක මෙහෙම උන හේතුව ඒ පරිසරය unpredictable නිසා. එමලිගේ මනසේ Restaurant කියන එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ සාම්ප්‍රදායික හැඩයේ ඒවා. එකම විදියේ මේස පුටු තියන, ලයිට් තියන තැන් මිසක් ගෙදරක ස්වාභාවයක් තියන තැන් නෙමේ. එතකොට මේ වගේ එයාගේ මනසට එකපාරටම සම්බන්ධ වෙන්න අපහසු තැනකට අරන් ගියාම එමලිට මනස සන්සුන් කරගන්න අපහසුයි. ගෙදර තාත්තා tshirt එක නැතුව ඉන්න නිසා එමලිට ඕනේ උනා ඒ ගෙදරක පරිසරයට සමාන Restaurant එක ඇතුළෙත් තාත්තා tshirt එක නැතුව ඉන්නවට.
ඒ අත්දැකීමෙන් පස්සේ අපි එමලිව අරගෙන ඒ වගේ සම්පූර්ණයෙන් ම වෙනස් තැන් වලට යන්නේ නැහැ. අද Taco bell එකට එමලිව අරන් ගියා. එමලි Taco bell කියන Brand name එකට ආසයි. ඒකේ Logo එක Google map එකට ගිහින් Search කරලා බලනවා. ඒ නිසා මම කලින් දවසේ කිව්වා අපි හෙට Taco bell එකට යනවා කියලා.
තමන් වැඩියෙන් කැමති දෙයක් හෝ ස්ථානයක් පවා ඔටිසම් දරුවන්ට/ පුද්ගලයින්ගේ මනසට අධික උත්තේජනයක් ගේන්න පුලුවන්. මෙතන්ට ආව වෙලේ ඉඳන් යනකල්ම එමලි හිටියේ විදුරුවෙන් පේන එළිය දිහා බලාගෙන. ඒකට හේතුව එමලිට මේ තැන දරාගන්න පහසු උනේ නැති නිසා.
මේ වීඩියෝ එකේ එමලි ඇස් පුංචි කරලා අවට බලන්නේ එයාට මනසට දැනෙන අධික උත්තේජනය අවම කරගන්න. විශේශයෙන් දෘශ්‍ය සංවේදන සංවේදීතාවය අධිකව දැනෙනකොට එහෙම ඇස් පුංචි කරනවා. එහෙමත් නැත්තන් ඒ දිහා නොබලා මඟ හරිනවා. ඔටිසම් ගැන කතා කරනකොට අයි කන්ටැක් ගැනත් නිතරම කතා වෙනවා. යම් ඔටිසම් දරුවෙක් හෝ පුද්ගලයෙක් කෙනෙක් ගේ මූණ දිහා , ඇස් දිහා ඍජුව බලන්නේ නැත්නම් ඒකට හේතුවත් ඒ හරහා ස්නායු වලට දැනෙන අධික උත්තේජනය.
එමලිට මනස සන්සුන් කරන් එතන ටික වෙලාවක් පහසුවෙන් ඉන්න මම Google එකේ එයා කැමතිම Brand ,Logos Search කරලා බලන්න දුන්නා. තමන් වඩාත් කැමති දේකට අවධානය දෙනකොට එමලිට අවට පරිසරයෙන් ගලාගෙන එන තොරතුරු හරහා ස්නායු වලට දැනෙන අධික උත්තේජනය පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන් . ඉතිං ඒ නිසා එමලි කෑමත් කාලා සන්සුන්ව එතනින් එලියට ආවා.
එමලිත් එක්ක යන හැම ගමනකදීම අපේ මනස නං නිකන් යුධ පිටියක ඉන්න සොල්දාදුවන් ගේ මනසේ ස්වාභාවය වගේ. නිතරම Alert එකේ ඉන්නේ කොයි මොහොතේ මොකක් වෙයිද කියන එක ගැන. ඒ හැඟීම මේ සමස්ත Journey එක පුරාවටම තියන දෙයක්. නිරන්තරයෙන් දරුවන්ගේ හැසිරීම් වෙනස් වෙන්න පුළුවන් . මනස කළබල වෙන්න පුළුවන් . අනපේක්ෂිත සිදුවීම් සහ අභියෝග වලට නිරන්තරයෙන් මූණ දෙන්න පුළුවන්. වඩා වැදගත් වෙන්නෙ අභියෝග Fix කරන්න උත්සාහ ගන්නේ නැතුව හැකිතාක් උපරිම ඒවා කළමනාකරණය කරගන්න එක. ඉතිං එමලි අද Taco bell එකට ගිහින් එයාගේ අභියෝග එයාට පුළුවන් විදියට සාර්ථකව කළමනාකරණය කරගත්ත එක ගැන මට සතුටුයි.
