මේ දවස් ටිකේ අපි එහෙට මෙහෙට මාරු වෙවී ඉන්නේ ගෙදර Repair කරන නිසා. අපිට මේ කාලය වෙහෙසකර කාලයක් උනත් එමලිට පුදුමාකාර සතුටු කාලයක්. ඒකට හේතුව උදේට හවසට ත්‍රීවීල් එකේ යන ගමන.
එමලි Point කරන්න පටන් ගත්තේ මෑතකදී.මම ඒ ගැන ලියපු පෝස්ට් එකේ ලින්ක් එක පහලින් දාන්නම්.
එමලිගේ Special interest එක පටන් ගත්තේ Samsung ,Nokia වගේ Phone Brand සහ Logos වලින්. පස්සේ ඒක Electricity බඩු , වාහන, කෑම බඩු වගේ හැම Brand Logo එකකටම පැතිරිලා ගියා. ඒත් එක්කම එමලි ඒවා ශබ්ද වෙන විදිය කියවන්න උත්සාහ කරා.ලියන්න පටන් ගත්තා.හෙමින් හෙමින් Point කරලා ගෙදර තියන Electric බඩු වල Logos ගැන අහන්න මම එමලිට සපෝට් කරා. ඉතිං එමලි Point කරන්න පටන් ගත්තා. දැන් මෙහෙම තමන්ගේ සමීපයේ තියන දේවල් වලට Point කරාට එමලි එළියේ යනකොට පාරේ, අවට දකින දේවල් වලට Point කරේ නෑ. අවුරුදු ගාණක් පුරා මම තමයි එමලිට පේන්න අපි එළියේ යනකොට දකින දේවල් වලට Point කරලා පෙන්නුවේ.
අද පළවෙනි වතාවට එමලි බණ්ඩාරගම ඉඳන් මම්මාච්චිගේ ගෙදරට යනකල්ම එයා දකින ලොකු බෝඩ් වලට Point කර කරා මගෙන් ඒ මොකක්ද කිය කියා අහ අහා ගියා. මට ඉතිං ඇත්තටම සතුටුයි. ඒ සතුට කියන්න මට තේරෙන්නේ නෑ වචන වලින්. ඈතට අත දික් කරන්නේ නැතුව තාම හෙමින් අත උස්සලා Point කර කර එයා දකින හැමදේම ඇහුවා. මම හැම එකක්ම තේරෙන විදියට කිව්වා.
දැන් එමලි එයාට සෑහෙන්න නන්නාඳුනන උන ලෝකය එක්ක සම්බන්ධකමක් හදාගනිමින් ඉන්නේ.ඒකට එමලිට උදව් කරන පාලම තමයි එයාගේ Special interest එක.
එමලිට තව තවත් සන්නිවේදනය කරන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න , ලෝකය හදුනාගන්න Motivation එක උනේ එයා කැමතිම Logos සහ Brand names. එමලිට මේ ලෝකය එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය උන අත්වැල මිනිස්සුවත් සමාජ සැකැස්මවත් නෙමේ. එයාට අවශ්‍ය උනේ එයාගේ මනසේ හැඩයට ගැළපෙන සහ එයාගේ මනසට ආරක්ෂිතයි කියලා හැඟෙන දෙයක්. ඒක තමයි Pattern , Visuals සහ Symbols.තමන් අවට හැමදේම නිරන්තයෙන් වෙනස් වෙනකොට , එහා මෙහා චලනය වෙනකොට නොවෙනස්ව පවතින දෙයක් විදියට එමලි හදුනාගත්තේ Brand names සහ Logos.
මම හිතනවා එමලි Point කරන්න සූදානම් කාලය කියලා බලන් හිටියේ මෙන්න මේ දොර විවෘත වෙනකල් කියලා. Special interest එකක් කියන්නේ අවධානයට බාධාවක් නෙමේ. ඒ හරහා තමයි ලෝකය ගැන කුතුහලය ඇති වෙන්නේ.
ඉතිං අද මට සෑහෙන්න සතුටු දවසක්.මේ දවස් ටිකේ කියන්න විස්තර මහා ගොඩක් තියනවා.ඒවා හෙමින් හෙමින් කියන්නං.

.
