අපි දන්නවා ඔටිසම් දරුවන් ප්‍රධාන වශයෙන් මුහුණ දෙන එක අභියෝගයක් තමයි සන්නිවේදන. එතකොට භාශාව කියන්නේ සන්නිවේදනය කරගැනීමේ එක Tool එකක් විතරයි. දරුවන් සන්නිවේදනය කරගන්නවා Gestures හරහා.ඒ කියන්නේ මුහුණේ ඉරියව්,ශාරීරික අංග චලන,ශබ්ධ,හැසිරීම්‍,ස්පර්ශ වගේ මේ සෑම දෙයක් හරහාම සන්නිවේදනය කරගන්නවා. එතකොට එමලි එක වචනයක්වත් කතා නොකරපු කාලයක් තිබ්බා.ඒ කාලයේ එයා අපි එක්ක සන්නිවේදනය කරගත්තේ මෙන්න මේ Gesture හරහා තමයි. එතනින් එහාට Gestalt language processing ක්‍රමය හරහා එයාට අපි සහය දෙන්න පටන් ගත්තම ටික ටික වචන සහ වාක්‍ය කතා කරන්න පටන් ගත්තා. දැන් මේ වෙනකොට එමලිට තමන්ගේ අවශ්‍යතාවය යම් තාක් දුරකට කියන්න පුළුවන්. තාම එයා ඉන්නේ ප්‍රශ්න අහන්න හෝ එයාගේ සිතුවිලි සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරගන්න පුළුවන් තැනක නෙමේ. එතකොට අපිට කියන්න බැහැ භාශාව සම්පූර්ණයෙන් සංවර්ධනය වෙන කාලය ගැන.ඒක දරුවාගෙන් දරුවාට වෙනස්.ඉතිං අපි තාමත් බොහෝ දුරට එයාගේ අවශ්‍යතාවයන් වටහා ගන්නේ Gestures හරහා.

මම මුල්ම කාලයේ ඉදන්ම එමලිගේ video Document එකක් Maintain කරනවා.ඒකට හේතුව තමයි අපිට මඟ හැරෙන මේ Gestures සහ දරුවාගේ ඉතා සියුම් හැසිරීම් නැවත නැවත ඒ වීඩියෝ බලලා හඳුනාගන්න පුළුවන් නිසා.එතකොට මට මේ වෙනකොට මීට මාස පහකට කලින් ගත්ත Emily ගේ වීඩියෝස් බලනකොට එයාගෙ වෙනස් වීම් ගැන සෑහෙන්න අවබෝධයක් එනවා.එයාගේ Verbal stimming ,Play ,Movement ,Eye gesture වගේ දේවල් වල මට මඟ හැරුනු සියුම් තැන් මට හඳුනාගන්න පුළුවන්.

අනික් කාරණය තමයි මීට කාලෙකට කලින් එමලි පටන් ගත්තා එයාගේ සහ පවුලේ ෆොටෝස් , වීඩියෝස් ආයේ ආයේ බලන්න.බලලා ඒවල තියෙන දේවල් වලට මගේ ඇඟිල්ල තියලා මේ මොකක්ද කියල මට කියලා කියවගන්න. උදාහරණයක් විදියට එයා එක්ක අපි ගියපු තැන් වල වීඩියෝ බලන ගමන් ඒවල පහු වෙන ගෙවල්,Swimming pool, සත්තු එහෙම ආයේ ආයේ එයාට ඕනේ මම ලවා නම් කරවගන්න.මේකට අපි කියනවා Elaborative reminiscing කියල.හරියට අපි බබාලා ඉස්කෝලේ ගිහින් ආවම අහන්නේ අද මොනවද කරේ ඉස්කෝළෙදි කියල.අන්න ඒ වගේම තමයි පරණ සිදුවීම්,මොහොතවල් ආයේ ආයේ මතක් කරන එක.

මේක එයා කරන්නේ හේතු කීපයක් මත.

  • එයාගේ Memory lane එකේ ආපස්සට යන එක එයාට Self soothing Activity එකක්.ඒ කියන්නේ එයාගේ මනස සන්සුන් කරවන දෙයක්.හේතුව ඒවා ඔක්කොම Happy memories නිසා.
  • තමන් දිහා කැඩපතකින් බලනවා සහ එහෙම බලනකොට තමන්ගේම Gestures ආයේ ආයේ තමන් හඳුනාගන්නවා වගේ දෙයක් තමයි එයාගේ වීඩියෝ ආයේ ආයෙත් එයා බලලත් කරන්නේ
  • නැවත පැරණි සිදුවීම් නිරූපනය කිරීම

මේ පැරණි සිදුවීම් ආයේ නිරූපණය කරනවා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. උදාහරණයක් විදියට එමලි කාලෙකට කලින් play කරලා අත් හැරපු Toy එකක් ඒ toy එකත් එක්ක එයා Play කරපු වීඩියෝ එක බලලා ආයේ දුවලා ගිහින් ඒ toy එක මට කියලා හොයාගෙන Play කරන්න පටන් ගන්න එක.

මේ වගේ එයාගේ වීඩියෝ ආයේ ආයේ එයා බලන එකෙන් මම ගන්න පුළුවන් උපරිම වාසිය ගන්නවා.එකක් එමලි එක්ක ඊට අදාළ වචන සහ වාක්‍ය කියන එක.අනික් එක තමයි එයා එක්ක සම්බන්ධ වෙන්න තවත් ඉඩක් මට ලැබෙන එක.බලහත්කාරයෙන් Neurodiversity දරුවන් එක්ක සම්බන්ධ වෙන්න යනවා කියන්නේ බලෙන් අයි කන්ටැක් හදන්න යනවා වගේ වැඩක්.ඒ නිසා අපි නිතරම දරුවාට පහසු, පීඩාවක් නැති විදියට තමයි එයාගේ Space එකට යන්න ඕනේ.

තවත් එකක් තමයි මම එමලිගේ Videos වලට දාලා තියන ඕනේම භාශාවක හැම සිංදුවක්ම එයා ඔලුවේ කොපි කරගෙන තියන එක.එයා ඒවල මුල් වාක්‍ය කියලා තමයි මට කියන්නේ අන්න ඒ වීඩියෝ එක එයාට බලන්න හොයලා දෙන්න කියලා. මෙන්න මේ වගේ තමයි අපි සන්නිවේදනය කරගන්න මාර්ග හොයාගන්නේ.ඒක ඕනේම ක්‍රමයක් වෙන්න පුළුවන්.

දරුවන්ට අවශ්‍ය නිවැරිදි සහය දෙන්න නං මුලින්ම ඒ දරුවාගේ මොළේ වැඩ කරන විදිය අපි තේරුම් ගන්න ඕනේ. Autistic traits / ඔටිසම් ලක්ශණ අඩු කරලා ඔටිසම් නොවන ළමයෙක් විදියට පරිවර්තනය කරන එක නෙමේ ඔටිසම් දරුවාට සහය දෙනවා කියන්නේ.එයාගේ සංවේදන අවශ්‍යතා,සන්නිවේදනය කරගන්න ක්‍රමය, Pattern ,Routine මේ හැම දෙයක් ගැන අවධානය දුන්නම අපිට සම්පූර්ණයෙන් පැහැදිලිව පේනවා ඒ දරුවාගේ හැඩය. ඒ නිසා දරුවන් මඟ හැරෙන්න දෙන්න එපා.

ඔටිසම් කියන්නේ Neurological difference/ ස්නායු විවිධත්වයක් මිසක් Learning Disability එකක් නෙමේ.

 

මුල් සබැඳිය : Communication & Gestures