එන්න රටක් විදියට ජාත්‍යන්තරයට උත්තර දෙන්න 

ලෝක මාධ්‍ය ලංකාවේ මෑතකදී සිද්ධ වුන Care Home ගින්න සහ ජිවිත අහිමි වීම් ගැන වාර්තා කරලා තියෙන්නේ ” දම්වැල් වලින් බැඳ තබා තිබූ ආබාධිත පුද්ගලයින් ගින්නෙන් පිලිස්සී මිය යයි ” කියලා.

13 දෙනෙක් මිය ගියා කියන එකට වඩා එයාලා ඉස්මතු කරන්නේ සහ කම්පනයට පත් වෙලා තියෙන්නෙ අමානුෂික විදියට ගැට ගහලා ගෙයක් ඇතුළේ සිර කරලා තැබීම ගැන.

ABC News Australia

☉ “Patients ‘chained’ at Sri Lankan nursing home where 13 died in fire.”

(පුද්ගලයින් 13 දෙනෙකු මියගිය ශ්‍රී ලංකා රැකවරණ නිවාසයේ රෝගීන් දම්වැල්වලින් බැඳ තබා තිබුණි)

Associated Press (AP)

☉ “A worker admitted that two residents had been chained.

“සේවකයෙකු පදිංචිකරුවන් දෙදෙනෙකු දම්වැල්වලින් බැඳ තබා තිබූ බව පිළිගත්තේය.”

☉ “Another was untied so they could be rescued.

“තවත් අයෙකු බේරාගැනීම සඳහා අවසන් මොහොතේ දම්වැලෙන් නිදහස් කරන ලදී.”

☉ “The facility housed 71 residents, despite having space for only about 15 people.”

 “පුද්ගලයින් 15 දෙනෙකුට පමණක් සුදුසු ඉඩකඩක් තිබූ ස්ථානයක පුද්ගලයින් 71 දෙනෙකු රඳවා තිබුණි.”

නිලධාරීන්ට අනුව ඒ නිවාසයේ නිදා ගන්න ඉඩ තිබිලා තියෙන්නේ 15 දෙනෙකුට විතරයි කියලත්  මිනිසුන් පිරිසක් අධික තදබදයක, අඩු පහසුකම් සහිත පරිසරයක ජීවත් කරවා තිබුණා සහ මෙම ස්ථානය ලියාපදිංචි නොකළ ආයතනයක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනා.

ඒ නිවාසයේ ජීවත් වුනු පුද්ගලයින්ගේ ආරක්ෂාව, ගිනි ආරක්ෂණ පද්ධති, හදිසි අවස්ථාවක පිටවීමේ මාර්ග සහ රැකවරණ තත්ත්වය පිළිබඳව බරපතළ විදියට ඔවුන් ප්‍රශ්න කරනවා.

මේ සිද්ධියෙන් පසු ලෝකය ශ්‍රී ලංකාවෙන් අහන්නේ, ගින්න ඇතිවුණේ කොහොමද?” කියන ප්‍රශ්නය විතරක්ම නෙමේ.එයාලා අහන්නේ

● ආබාධිත පුද්ගලයින් දම්වැල්වලින් බැඳ තබාගෙන සිටියේ ඇයි?

● එවැනි ස්ථානයක් වසර ගණනාවක් මේ විදියට ක්‍රියාත්මක වුණේ කොහොමද?

● මේ පුද්ගලයින්ව ආරක්ෂා කළේ කවුද? කියලා දම්වැලක් කවදාවත් රැකවරණයක් නොවේ.

ශ්‍රී ලංකාව ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් යටත් වෙලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UN Convention on the Rights of Persons with Disabilities – UNCRPD) ට.

ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් කළේ 2007 දී . 2016 දී නිල වශයෙන් අනුමත (ratify) කළා. මේ සම්මුතියේ තියන වගන්ති කීපයක් මම කියන්නම්.

● ආබාධිත බව නිසා කිසිම පුද්ගලයෙකුගේ නිදහස අහිමි කළ නොහැක.දම්වැල්වලින් බැඳ තැබීම, වසා තැබීම, බලහත්කාරයෙන් රඳවා තැබීම වැනි ක්‍රියාමාර්ග මේ වගන්තිය යටතේ දැඩි ප්‍රශ්න කිරීමට ළක් කරනවා.

( Article 14 – Liberty and Security of the Person) 

● ආබාධිත පුද්ගලයින්ට,කෲර සැලකීම්, අමානුෂික සැලකීම් , ගරුත්වය හෑල්ලුවට ලක් කරන සැලකීම් සිදු නොකළ යුතුයි. පුද්ගලයෙකු දම්වැලකින් බැඳ තැබීම ගැන ජාත්‍යන්තර ආබාධිත අයිතිවාසිකම් සංවිධාන බොහෝවිට මේ වගන්තිය යටතේ විවේචනය කරනවා. ( Article 15 – Freedom from Torture or Cruel, Inhuman or Degrading Treatment)

● රජය වගකියන්නේ,

  • හිංසනයෙන්
  • අපයෝජනයෙන්
  • නොසැලකිල්ලෙන්
  • ආබාධිත පුද්ගලයින් ආරක්ෂා කිරීමට.

( Article 16 – Freedom from Exploitation, Violence and Abuse) 

● ඒ වගේම UNCRPD කියන්නේ ආබාධිත පුද්ගලයින් සමාජයෙන් වෙන් කර විශාල ආයතනවල හුදකලා කර තැබීම වෙනුවට, ප්‍රජාව තුළ ජීවත් විය හැකි සහාය පද්ධති ගොඩනැගිය යුතු බවයි.

( Article 19 – Living Independently and Being Included in the Community) 

මේ වෙනකොට බොහෝමයක් රටවල් එයාලගේ විශාල institutional homes වහලා දාලා community living models වලට ගිහින් තියනවා.

● සෑම පුද්ගලයෙකුගේම ,ශාරීරික ගරුත්වය,මානසික ගරුත්වය, ආරක්ෂා කළ යුතුයි.

( Article 17 – Protecting the Integrity of the Person) 

දැන් මේ වගේ සිදුවීමක් උනාම ජාත්‍යන්තර සංවිධාන අහන ප්‍රශ්නය තමයි UNCRPD එක අනුමත කරපු රටක් විදියට ශ්‍රී ලංකාව මේ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළාද කියන එකයි.ඒක නිසා මේක හුදෙක්ම ගින්නකින් සිදු වුනු අනතුරක් විතරක් නෙමේ. මේක ආබාධිත අයිතිවාසිකම්, මානව හිමිකම්, රජයේ නියාමන වගකීම්, රැකවරණ ආයතනවල ප්‍රමිතීන් ගැන ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

ඒ වගේම එක්සත් ජාතීන්ගේ ආබාධිත අයිතිවාසිකම් කමිටුව (CRPD Committee) සහ විශේෂ වාර්තාකරුවන් බොහෝ වාර්තාවල chaining (දම්වැල්වලින් බැඳ තැබීම) සහ prolonged restraint (දිගුකාලීන පාලන බැඳීම්) ආබාධිත පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වලා තියෙනවා.

 මේ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍යවල මේ තරම් අවධානයට ලක්වෙලා තියෙන්නේ “ගින්න” නිසා විතරක් නෙමේ. “දම්වැලෙන් බැඳ සිටි පුද්ගලයින් ගින්නෙන් මිය ගියා කියන ඉතා සංවේදී කාරණාව් නිසයි..

ලොකු අයියා වෙනුවෙන් නන් දෙසින් සහය දක්වන අයට ඔන්න දැන් අවස්ථාව තියනවා ඉදිරි කාලයේදී ජාත්‍යන්තරය මේ ගැන ප්‍රශ්න කරනකොට ගිහිල්ලා එක හඩින් කියන්න ” ඒ අයියා එහෙම නෑ ” කියලා. එහෙම නැත්තන් ඒ සංවිධාන වල නිලධාරීන්ට කියන්න ” ගෙදර ගෙනිහින් බලාගනින්” කියලා 🤣.ඊට කලින් 11 වෙනිදා උසාවියේ නඩුව විභාග වෙනකොට කට්ටියම එකතු වෙලා විනිශ්චයකාරවරයට ඔය වාක්‍ය දෙකම එකට එකතු කරලා කියන්න.ඇප හම්බෙයි අයියට.

මුල් සබැඳිය : රටක් විදියට ජාත්‍යන්තරයට උත්තර දෙන්න