Autism කියන්නේ Spectrum එකක්. එතකොට විවිධාකාරයෙන් Autism ලක්ශණ එකිනෙකට වෙනස් විදියට පුද්ගලයින්ට පිහිටන්න පුළුවන්. ඔටිසම් තත්ත්වය ඇති වීමට ප්‍රධානම සාධකය හැටියට මේ වෙනකොට පිළිගන්නේ ජාන වෙනස්වීම හා එකතු වීම. එක ජානයක් හේතුවක් වෙන්නේ නැහැ දරුවෙක් ඔටිසම් වෙන්න. මේක තවත් පැහැදිලි කර ගත්තොත් Autism කියන්නේ polygenic ඒ කියන්නේ ජාන කිහිපයක් එකතු වෙලා ඇති වෙන තත්ත්වයක්. දරුවෙක්ගේ සමේ පාට, කොණ්ඩයේ හැඩය, ඇස් වල වර්ණය වගේ දෙවල් තීරණය වෙන්නේ ජාන කීපයක් එකතු වීමෙන්. ඒකට තමයි Polygenic කියලා කියන්නේ.
ලෝකයේ ව Scientists ලා මතු කරන මේ කාරණය පැහැදිලිව වටහා ගන්න. ඔවුන් කියනවා Autism සහ ADHD කියන්නේ Human Evolution එකක් කියලා.ඒ කියන්නේ ඈත අතීතයෙත් මේ ජාන පැවතුනා කියන එක.එතකොට Neurodiversity (විවිධත්වය) කියන්නේ අපේ ජාන වලම කොටසක් සහ ජීවින් විදියට මනුශ්‍ය පරිනාමයේ කොටසක්. ඔටිසම් සහ ADHD තත්ත්වයන් ඇති වීමට බලපාන ජාන කියන්නේ Abnormal එහෙම නැත්නම් අසාමාන්‍ය හෝ ජාන Error එකක් නෙමේ.මේ තත්ත්වයට හේතුව විවිධ වූ Genome.ඒ කියන්නේ DNA එහෙම නැත්නම් genetic material. DRD4 කියන ADHD තත්ත්වය සමඟ සම්බන්ධ වෙන ජානය novelty seeking gene කියලා හඳුන්වනවා. මෙන්න මේ ජානය මීට අවුරුදු දහ දාහකට පෙර මානව පරිණාමයට සම්බන්ධ වුනු ජානයක්. එතකොට ඔටිසම් තත්ත්වය ඇති වෙන්න අදාළ වෙන ජාන වලටත් මීට අවුරුදු දස දහසක ඉතිහාසයක් තියනවා. මේ කාරණය කියන්නේ ඔටිසම් තත්ත්වය සමඟ එන මතක ශක්තිය, දැක්ම, රස, සුවඳ, ශබ්ධය ආදියට තියන අධි සංවේදීතාවය, ඉතා කුඩා Details පවා ඇහට අසු කර ගන්න තිබෙන විශ්මිත හැකියාව වගේ ලක්ශණ නිසා. ඒ නිසා මානව පරිනාමයට මේ ඔටිසම් තත්ත්වයට සම්බන්ධ වෙන ජාන පැහැදිලි දායකත්වයක් දෙන්න ඇති කියල විද්යාඥයින් කියා සිටිනවා. ඒ වගේම මෙන්න මේ සාධක මත ලෝකයේ Psychologist ලා දෙමාපියන්ට උපදෙස් දෙන්නේ පරිසරයට අදාළව ඔටිසම් දරුවාව වෙනස් නොකර ඔටිසම් දරුවාට පහසු ලෙස පරිසරය වෙනස් කරන්න කියන එක. එතකොට ඔවුන් වැඩි දුරටත් කියා සිටිනවා ඔටිසම් හෝ ADHD හෝ neurodivergent එහෙමත් නැතනම් විවිධත්වය පහසු තත්ත්වයක් නොවෙන්න පුළුවන්. ඒත් පොදු කියන රාමුවෙන් පිටත ඉන්න මිනිස්සුන්ගේ සිතුවිලි තමයි ලෝකය වෙනස් කරන්නට දායක වෙලා තියෙන්නෙ කියන එක. මේ තත්ත්වයන් සමඟ එන මානව කුසලතාවයන් හරහා මනුශ්‍යයන්ට ලඟා කර ගත හැකි ජයග්‍රහනයන් අසීමිතයි. සරළවම කියනවා නම් අතීත මානවයින් විසින් ගල් ගුහා තුළ ඇඳි චිත්‍ර වල පවා Autistic traits ( ඔටිසම් ලක්ශණ) තියනවා. මේ විශිෂ්ඨ කුසලතාවයන් සියුම් තොරතුරු ග්‍රහණය කරගැනීමේ මතක ශක්තිය කියන ඔටිසම් ලක්ශණ ඒවාට සාක්ශි සපයනවා.
Rachelle summers කියන්නේ Neuroscientist කෙනෙක්.එයාගේ විශේශත්වය වෙන්නේ එයා Autism පුද්ගලයෙක් වීම. හරි ලස්සනට එයා පැහැදිලි කරනවා කොහොමද ඔටිසම් තත්ත්වය ඇති වීමට ජාන සම්බන්ධ වෙන්නේ කියලා.
ඉතිං ඔටිසම් හෝ ADHD කියන්නේ covid 19 වගේ එක පාරට ලෝකය පුරා පැතිරී ගිය වෛරස් එකක් නෙමේ. මේක මානව පරිනාමයේ කොටසක්.වසර දස දහස් ගණනකට පෙර සිට වෙනස් වෙනින් පැවතගෙන ආව තත්ත්වයක්.
Michael Fitzgerald කියන අයර්ලන්තයේ child and adolescent psychiatry, specialising in autism spectrum disorder (ASD) මහාචාර්යවරයා කියනවා හරි ලස්සන කතාවක්. ඔහු කියනවා
“මානවයාගේ පරිනාමයට හේතුවක් උනේ ඔටිසම් පුද්ගලයින්.එයාලා නොහිටින්න අදටත් මිනිස්සු ගල් ගුහා අස්සට වැදිලා එකිනෙකාට කියව කියවා ඉදී “.