Micaela Andrea Lator අවුරුදු 47 ක අම්මා කෙනෙක්.

Esteban අවුරුදු 6 ක ඔටිසම් දරුවෙක්. Micaela එයාගේ සැමියට ලියුමක් ලිව්වා.ඒකේ සඳහන් වුනේ

” දැන් ඔයාට ඔයාගේ ජීවිතයේ ජීවත් වෙන්න පුලුවන්.

තවදුරටත් ගෙදර එක්ක දුරස්තව ඉන්න ඕනේ වෙන්නේ නෑ.මම ඉල්ලා හිටියේ ඔයා වැඩට යන්න කලින් මාවයි Esteban වයි වැළඳගෙන Kiss එකක් දීලා යන්න කියලා. අපි ඊට වඩා දේවල් ඉල්ලුවේ නෑ.අපි ඊට වඩා දේවල් ඉල්ලා හිටින්නෙත් නෑ.ඒත් ඔයාට අපිව ඔයාගේ ජීවිත කාලය පුරාවට මතක හිටී “

ලියුම ලියා තැබූ Micaela Andrea තමාගේ දරුවාටත් වෙඩි තියා තමන්ටද වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තා. ඒ පසුගිය දෙවනිදා.

” Mental Health Matters” කියන එක අපි තාම සමාජයක් වශයෙන් සම්පූර්ණයෙන්ම දැනුවත් නෑ. අපි මේ සමාජ මාධ්‍ය ඇතුළේ දකින සුපිරිසිදු මිනිස්සු ඇත්ත ජිවිතේ අපිට හම්බෙනවා අඩුයි. තමන්ගේ දරුවාගේ විවිධත්වයට ඍජුවම අම්මාට චෝදනා කරන ලංකාවේ සමාජීය හැඩය ඇතුලේ තමන්ගේ මනස යහපත්ව නිරවුල්ව තියාගන්න ලැබෙන සහය අවමයි.

Andrea තමන්ගේ සමීපතමයින් කිසිවෙක්ට ඇයගේ හැඟීම් ප්‍රකාශ කරේ නෑ.ඒකට හේතුව බහුතරකට ඒ අභියෝග හෝ හැඟීම් වටහා ගන්නට නොහැකි නිසා වෙන්න පුළුවන්. දරුවාගේ ජිවිතයත් තමන්ගේ ජිවිතය එක්කම අවසන් කරගන්නට තීරණය කරේ දරුවාට තමන් නැතුව ජිවීතයක් නැති බව දන්නා නිසා වෙන්න පුළුවන්.

මේක කියවන ඔයා දේදුන්නක් වගේ සුවිශේෂී දරුවෙක්ගේ අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. මේ මොහොතේ අනේක විධි අභියෝග එක්ක මානසිකව සහ ශාරිරීකව අරගලයක නිරත වෙනවා වෙන්නත් පුළුවන්.ඒත් දරුවා වෙනුවෙන් ඒ අභියෝග හයියට දරාගන්න උත්සාහයක් ගන්න කියලා මම ඉල්ලනවා. දරුවන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සහ සියළුම අයිතිවාසිකම් ලැබීමේ අයිතිය වෙනුවෙන් හුස්ම ගන්න.

සමාජයේ බහුතරයක් දෙනා නොදන්නා , නොවැටහෙනා අභියෝග අපිට තියනවා. හැම දවසක්ම අපිට විශාල අභියෝගයක්. හෙට දවස අවිනිශ්චිත වෙන්න පුළුවන්. ලංකාවේ පවතින ඉතා දුර්වල සහය ක්‍රමවේදය තුළ අසරණ වෙන්න පුළුවන්. නිවැරිදි දැනුම ලබා ගැනීමේ මූලාශ්‍රයන් අවම වෙන්න පුළුවන්.දහසක් විනිශ්චයන් අතර එකම එක ආදරණීය වචනයක් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් දරුවාට සිහිනයක් තියනවා. ඒ වෙනුවෙන් ජීවත් වෙන්න. දරුවාට සතුටින් ජීවත් වෙන්න ඉඩක් මේ මහ පොළොවේ නිර්මාණය කරන්න ජීවත් වෙන්න. දරුවාගේ අයිතිවාසිකම් සුරකින්න ජීවත් වෙන්න. තමන් අවට විශාල ලෝකය ඇතුලේ සිද්ධ වෙන කිසිවක් නොදන්නා ඒ දරුවා වෙනුවෙන් සෑම මොහොතකම දිග හුස්මක් අරන් හිනා වෙලා ජීවත් වෙන්න. ඔයාට අදාළ වෙන්නේ දරුවාගේ සිහිනය සහ දරුවාට හිමි විය යුතු ඉඩ නිර්මාණය කර දීමේ වගකීම විතරයි.

ආදරණීය Micaela Andrea Lator ට සහ පාරිශුද්ධ හදවතක් හිමිව තිබූ Esteban පැතූ යම් සාමයක් වේ නම් එය හිමිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

Micaela Andrea Lator අවසන් වරට ලියු ලිපිය