පසු ගිය දා ඇමරිකාවේ New Jersey ප්‍රාන්තයේ ඉතාමත් වේදනාකාරී සිදුවීමක් සිද්ධ වුනා අවුරුදු 22 ක් වයස ඔටිසම් අනන්‍යතාවය සහිත Justin McCafferty එයා සහභාගී වුන ” adult day program ” එක පැවැත්වුණු තුන් මහල් ගොඩනැගිල්ලේ තුන් වන මහලින් වැටිලා මිය ගියා. මේ වෙනකොට ඒ වැඩසටහන පැවැත්වුණ ආයතනයට විරුද්ධව Justin ගේ දෙමාපියන් නඩු පවරලා තියෙන්නෙ.

පවුලේ අය කියනවා Justin ව නිරන්තරයෙන් direct supervision යටතේ රැක බලා ගත යුතු තරුණයෙක් කියලා. එයාලා ප්‍රශ්න කරනවා staff members ලා justin ගැන හරි අවධානයකින් හිටියා නම් මේ දේ සිද්ධ වෙන්නේ නෑ කියලා.ඒත් එක්කම Justin ගේ අම්මා කියනවා තවමත් තමන්ගේ දරුවා නැති ලෝකයක තමන් ජීවත් වෙනවා කියන එක තමන්ට පිළිගන්න බැහැ කියලා.

පවුලේ නීතිඥවරයා ගේ ප්‍රකාශයෙන් කෙළින්ම කියනවා මේක අනතුරක් නෙමේ ඉතා බරපතළ වගකීම් පැහැර හැරීමක් කියලා. විශේෂයෙන්ම disabled සහ autistic පුද්ගලයන් රැකබලා ගැනීමේ වගකීම භාර ගන්නා ආයතනවලට “වැරදි වෙන්න ඉඩක් නැහැ” කියලා ඔහු කියනවා.

Support needs වැඩි පුද්ගලයන්ගේ ජීවිත කුඩා නොසැලකිල්ලක් මත අවදානමට පත් වීම සාමාන්‍ය දෙයක් වෙන්න දෙන්න බෑ. තවමත් ලංකාවේ යම් යම් ස්ථාන තුළ ඔටිසම් දරුවන්ගේ අත පය බැඳලා තියනවා. කුඩා ඉඩ ප්‍රමාණයන් වල හිර කරලා තියනවා. ඒත් එක්කම තරුණ ඔටිසම් තරුණියන්ව ඔවුන්ගේ දෙමාපියන් විසින් නියාමනයක් නැති තැන් වල මාසෙට මුදලක් ගෙවලා නතර කරනවා. ඒ අස්සේ මගේ inbox එකට මැසේජ් කරලා අහනවා එමලිගේ වයසේ දරුවන්ව නතර කරන්න තැන් හොයලා දෙන්න කියලා.මම ඒවට ඉතා ඉවසීමෙන් උත්තර දෙනවා. ඒත් ඒ ඉවසීමේ සීමාව කොයි මොහොතේ හෝ පුපුරලා ගියොත් මම ප්‍රසිද්ධියේ ඒවා ගැන පේජ් එකේ ලියයි. හේතුව ඒ වගේ ඉල්ලීම් මගෙන් කරන එක මට මානසික හිරිහැරයක් . මම එතකොට හිතන්නේ ඒ දරුවන්ට අම්මාගෙ උණුහුම නැතුව අගන්තුක තැන් වල ජීවත් වීම කොයිතරම් නම් පීඩාවක් වෙන්න පුළුවන් ද කියන එක.

දරුවන්ගේ සුරක්ෂිතභාවය ගැන සිය දහස් වාරයක් හිතන්න. ඒ වගේම තමන්ගේ දරුවාට හෝ වෙනත් දරුවෙක්ව යම් කිසි ආකාරයකින් යම් පුද්ගලයින් පිරිසක් හෝ ආයතනයක් විසින් පීඩාවට පත් කරනවා නම් දෙපාරක් නොහිතා අදාළ තැන් වලට ඒ ගැන දැනුම් දෙන්න.

Justin McCafferty ගේ ජීවිතය අවසන් වුනේ කාර්‍ය මණ්ඩලයක නොසැළකිලිමත් කම සහ වගකීම් පැහැර හැරීම නිසා. ඔවුන්ට විරුද්ධව නීතියෙන් සහ ස්වාභාව ධර්මයෙන් දඬුවම් ලැබෙන්නම ඕනෙ.

මුල් සබැඳිය : Justin McCafferty ගේ කතාව