Anthony අවුරුදු 17 යි. Autistic.පොඩි කාලේ ඉදන්ම වාහන ආකෘති වලට දක්වපු උනන්දුව නිසාම Anthony ට දෙමව්පියන්ගෙන් ඒ කැමැත්ත කුසලතාවයක් කරගන්න සහය හම්බුනා. මේ වෙනකොට Anthony Photographer කෙනෙක් වගේම එයා එක එක වාහන Modify කරන්නත් ඉගෙන ගන්නවා. Anthony නිර්මාණය කරන කැලැන්ඩර්ස්, ෆොටොස් විවිධ මිල ගණන් වලට විකිණෙනවා. ඒ වගේම Anthony තමන්ගේ විවිධත්වය ගැනත් සමාජය දැනුවත් කරනවා.
ඔටිසම් දරුවන්ගේ Special interest නං ලංකාවේ බහුතරක් දකින්නේ ඇබ්බැහි විදියට. කොටින්ම කියනවා නං Alphabet එකේ අකුරු එක එක විදියට තමන්ගේ දරුවා අදින එක පවා ඇබ්බැහියක් විදියට දැකපු දෙමව්පියන්ව මට හම්බෙලා තියනවා. toy cars එකතු කරන එකේ ඉදන් බස්, ලොතරැයි වලට,එක එක හැඩේ ගල් කැට, සත්තු ගැන සහ තවත් බොහෝ විශයන් වලට කැමැත්තක් සහ උනන්දුවක් දක්වන දරුවන් ඉන්නවා.ඒවා ඇබ්බැහි කියලා වරදවා වටහාගෙන දරුවන්ගේ කුසලතා සංවර්ධනය කරගන්න සහය නොදී ඒ කැමැත්ත බලහත්කාරකමින් නතර කරන්න එපා.

Anthony Schmidt ගේ නිර්මාණ
දරුවාගේ විවිධත්වය පිළිගන්න. සහය අවශ්‍ය පරාසය වටහාගන්න. අභියෝග කළමනාකරගෙන යන්න සහය දෙන්න. දරුවාගේ සංවේදන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න.මානසික නිදහස දෙන්න.කුසලතා හඳුනාගෙන ඒවා සංවර්ධනය කරගෙන යන්න අවශ්‍ය සහය ලබා දෙන්න.

Anthony Schmidt
