එමලිගේ ඔටිසම් අන්න්‍යතාවය තහවුරු වීමෙන් පසු “ඔටිසම්” ගැන ඉගෙන ගැනීමට, කියවා දැනගැනීමට සිංහල මාධ්‍යයෙන් එකම එක මූලාශ්‍රයක් ලංකාවේ තිබුනේ නැත. තිබූ ඒවා වල අන්තර්ගත වූනේ ඔටිසම් දරුවන් රෝගීන් හෝ අසාමාන්‍ය බිඳුනු දරුවන් යන මානයෙන් ලියවුනු අප්ඩේට් නැති කාරණා ය. සමහර තැන් වල ඔටිසම් යනු මානසික රෝගයක් ලෙසත් සඳහන් වී තිබුනි. ලෝකයේ වසර ගණනාවක් පුරාවට ඔටිසම් විවිධත්වය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරන සහ ඔටිසම් ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින Dr. Devon Price , Dr. Jac den Houtin , Dr. Damian Milton , . Dr. Nick Walke , Kassiane Asasumasu ගේ සහ අනෙකුත් neurodivergent Advocate ලාගේ Studies කියවා බැලූ විට මේ කුඩා දූපත තුළ වසර ගණනාවක් පුරාවට ඔටිසම් දරුවන් ඇතුළුව සමස්ත ඔටිසම් ප්‍රජාවම කොතරම් පීඩාවන්ට මුහුණ දෙමින් සිටිනවාද යන්න වටහා ගැනීමට හැකිවිය. අප මනුශ්‍යයින් ලෙස මේ කරමින් සිටින්නේ කුමක්ද? විවිධත්වය වටහා ගැනීමට තරම් අප්ඩේට් දැනුමක් ලංකාව තුළට ගලා නොඑන නිසා ඒ මත ඔටිසම් ප්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නට ඉඩ දීම සදාචාරාත්මකද ? ඔටිසම් දරුවන් රෝගීන් හෝ බිඳුණු දරුවන් ලෙස කෝණ ගත කර ඒ දරුවන්ගේ අන්න්‍යතාවය සඟවා ගැනීමට පුහුණු කිරීම ” සහය ” ලෙස හැඳින්වීම නිවැරිදි වන්නේ නැත.
දෙමව්පියන් ලෙස අප බිඳුණු දරුවන් මෙලොවට බිහි කර නැත. මේ පොළොවේ නිදහසේ ගෞරවාන්විතව ජීවත් වීමේ හිමිකම අපේ දරුවන්ට ලැබිය යුතුය. එකී හිමිකම ඉල්ලා සිටීමට අරගල කිරීමට සිදුවීම අවසානාවන්තකමකි.
ඔටිසම් වීම නිසාම තම පවුල තුළ ප්‍රතික්ෂේප වන දරුවා පෙර පාසළේ සිට පාසලේද එතනින් එහා පොදු සමාජය තුළද නැවත නැවතත් ප්‍රතික්ෂේප වෙයි. වසර ගණනාවක් පුරාවටම තම අන්න්‍යතාවය , විවිධත්වය ප්‍රතික්ෂේප වීමේ සාපය අප අවසන් කළ යුතුය. වෛද්‍යවරුන් අපගේ ඔටිසම් දරුවන්ගේ අන්න්‍යතාවයට ගරු කළ යුතු වන්නේ ඔවුන්ගේ අන්න්‍යතාවය පිළිබඳව නූතන දැනුමින් අප්ඩේට් වීමෙනි. තෙරපිවරුන් ලෝකයෙන් ප්‍රතික්ෂේප කළ පැරණි තෙරපි ක්‍රම වෙනුවට ඔටිසම් විවිධත්වය පිළිගැනීම මත හිඳ තම සහය දරුවන්ට ලබා දිය යුතුය. අධ්‍යාපන ක්‍රමය ඔටිසම් දරුවන්ට වඩාත් සුදුසු සහ ප්‍රගතිගාමී ලෙස නැවත සකස් විය යුතුය. ගුරුවරුන් ඔටිසම් නොවන දරුවාට දක්වන අවධානය සහ පිළිගැනීම සම ලෙස ඔටිසම් දරුවාටද දැක්විය යුතුය. සියළුම දරුවන්ට ලැබෙන අයිතිවාසිකම් ඒ ආකාරයෙන්ම ඔටිසම් දරුවන්ට ලැබිය යුතුය. බිඳුණු දරුවන් බිහි නොකළ අප , අපේ දරුවන්ට මේ රටේ බිඳුනු සිස්ටම් එක තුළ කැඩී බිඳී යන්නට කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැත.
මුදල් ඉපැයීමට ඔටිසම් විවිධත්වය භාවිතා කිරීමේ අවලස්සන ව්‍යාපාර වල ගොදුරු බවට තවදුරටත් අපගේ දරුවන් පත් විය යුතු නැත. ඔටිසම් දරුවන්ට සිදු වන මානසික සහ ශාරීරික අපහරණ වලට විරුද්ධව පළමු හඩ අවදි කළ යුතු වන්නේ දෙමාපියන් ය.
ඔබ ඔබගේ දරුවාගේ විවිධත්වය දරුවාගෙන් හෝ සමාජයෙන් සැඟවීමට උත්සාහ කරන්නේ නං කෙදිනකවත් ලංකාවේ ඔටිසම් අන්න්‍යතාවය සහිත දරුවන්ට ලැබිය යුතු ගෞරවය සහ පිළිගැනීමත් , සම අයිතිවාසිකම් සහ පහසුකම් ලැබෙන අනාගතයක් නිර්මාණය වන්නේ නැත. ඔබගේ දරුවා ඔහුගේ / ඇයගේ අන්න්‍යතාවය පිළිබඳව අවබෝධ කරගැනීමෙන් වඩාත් පහසු ජිවිතයක් ගත කිරීමට එය සහයක් වනු ඇත. එසේම එය දරුවාගේ අයිතියක් ද වේ. එහෙයින් විවිධත්වය සැඟවීමේ අසාර්ථක උත්සාහයකට නොව විවිධත්වය පිළිගැනීමේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.
අප ඇවිද යන මාවත දෙමව්පියන් සහ පුරවැසියන් ලෙස ඉතා කටුකය. අසීරුය. අපගේ දරුවන්ගේ හඬ ඉදිරියේ ලංකාවේ රජය නිහඩය. අපගේ දරුවන්ගේ විවිධත්වය පිළිගන්න යන ඉල්ලීම ඉදිරියේ සමාජයේ බහුතරය මුනිවත රකී. රටක් ලෙස අවම මනුශ්‍යත්වයේ සදාචාරයද ඇතැමුන් විසින් අමතක කර ඇත. එහෙයින් අපට අපේ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීම බෙහෙවින් වෙහෙසකර කාර්යයක් වී ඇත.
ඔටිසම් දරුවන් සහ සමස්ත ඔටිසම් ප්‍රජාවගේම අන්න්‍යතාවය පිළිගැනීමේ මානුෂීය සහ සදාචාරාත්මක අරගලයට එක් වන්න. පළමු පියවර ඔබගේ පවුල තුලින් ආරම්භ කරන්න.