අපේ මොළය හරියට අතු බෙදිලා ගියපු ගහක් වගේ. කඳ සහ ප්‍රධාන අතු අතර විහිදී ගිය සියුම් නාරටි විශාල ප්‍රමාණයක් තියනවා ගහක වගේම. මොළයේ සැකැස්ම හෝ හැඩ ගැස්ම මත තමයි අපේ මුලු ශරීරයම ක්‍රියාත්මක වෙන්නේ සහ අපි එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ. මොළය අපේ සංවේදන හඳුනාගෙන අපේ අවශ්‍යතාවය සහ ක්‍රියාවන් ක්‍රියාත්මක කරනවා. හරියට ගහක් දළු දාලා මල් , ගෙඩි හැදෙනවා වගේ.
අපේ මොළයේ විශාලම කොටස අපි හඳුන්වනවා cerebrum ( සෙරීබ්‍රම්) කියලා. මේක පැති දෙකකට බෙදිලා තියෙන්නෙ. අපි ඒකට කියනවා hemispheres( හෙමිස්පියර්ස්) කියලා. හරියට පෘථිවි තලය /මතුපිට වගේ. මෙන්න මේ මොළයේ පිටත ස්ථරයේ ( cortex / කෝටෙක්ස් ) ඝනකම අඟල් 8න් 1 ක් කියලා කියනවා. මේ කොටසේ මිලියන ගාණක තන්තු සහිත සෛල වලින් තමයි මොළේ අනික් කොටස් වලට පණිවිඩ යවන්නේ.
මොළයේ පිටත ස්ථරය ( Cortex ) බෙදෙනවා කලාප 4 කට
1) The frontal lobe
මේක වෙන් වෙලා තියෙනෙ අපේ පෞරුෂය සහ හැඟීම්,සිතීමේ ප්‍රමාණය හා හැකියාව,ගැටළු විසඳා ගැනීමේ දක්ශකම සහ ක්‍රියාකාරකම් පාලනය කිරීමට. වයස අවුරුදු 20 / 25 වගේ කාලය වෙනකල් මේ කොටස මනුස්සයෙක්ගේ වර්ධනය වෙනවා.
2) The temporal lobe
මේ කොටස තමා අපේ ඇසීම සහ අනෙකුත් සංවේදනයන් ක්‍රියාකරවීමට උදව් කරන්නේ. ඒ වගේම භාශාව සහ කියවීමට අපිට උදව් කරන්නේ මොළයේ මෙන්න මේ කොටස
3) The parietal lobe
අපේ සංවේදන,අවධානය සහ භාශාවට උදව් කරනවා.
4) The occipital lobe
මේ කොටස උදව් කරනවා අපේ ඇස්වලට දකින්න. ඒකට ඇතුලත් වෙනවා හැඩතළ සහ පාට හඳුනා ගැනීමත්.
Thalamus ( තලහ්මස් ) කියලා කියන්නේ මොළයේ මැද තියන කොටසට. එතකොට මේ කොටස මත තමයි අර අපි කලින් කතා කරපු cortex එකට එහෙමත් නැත්නම් මොළයේ පිටත ස්ථරයට සංවේදන කුසලතාවන් හා ක්‍රියාවන් ගැන සියලුම විස්තර යන්නේ. අපිට දැනීම කියන දේ අපේ නින්ද සහ හැමදේම වගේ මේකෙන් තීරණය වෙනවා.
cranial nerves ඒ කියන්නේ හිස් කබල හා බැඳුනු ස්නායු කොටස් 12 කින් අපේ සංවේදන මොළයට ගෙනිහින් එතනින් අපේ ශරීරයට ගේනවා. නිකන් පණිවිඩ හුවමාරු කරනවා වගේ.
එතකොට cortex ( මොළයේ පිටත ස්ථරය) එකේ යට කලාපයට කියනවා The limbic system කියලා. මෙන්න මේකෙන් තමයි අපේ දැනීම් හා හැඟීම් ඒ කියන්නේ තරහ,සතුට,වෛරය,දුක,බය,sexual හැඟීම් යනාදිය ක්‍රියා කරවන්නේ. එතකොට මේක තමා අපේ මොළයේ කප්පම්කාරයාගෙ චරිතේ රඟපාන්නේ. ඒ කියන්නේ මේකෙන් තමයි ඩොපමින් කියන කෙමිකල් එක අපේ මොළයට මුදා හරින්නේ. ඒකෙන් තමයි අපිට සතුට කියන දේ දැනෙන්නෙ.එතකොට මිනිස්සුන්ට සමහර ක්‍රියාවන් නැවත නැවත කරන්න උත්තේජනයක් දෙන්නේ මෙන්න මේ කොටස.
සරළවම කියනවා නං මෙන්න මේ ඩොපමින් කියන කෙමිකල් එක තමයි ජීවිතය ඇතුලේ ජීවත් වෙයන් කියන තැනට අපිව තියලා තියන්නේ. සතුට හා තෘප්තිය,උනන්දුව අපිට දැනෙන්නේ ඩොපමින් රසායනය නිසා.
දැන් මිනිස්සු අයිස් වගේ මත්ද්‍රව්‍ය වලට ඉතා අධික ලෙස ඇබ්බැහි වෙන්නේ මෙන්න මේ ඩොපමින් නිසාම තමයි. ඒ වගේ මත්ද්‍රව්‍ය වලින් කරන්නේ ඩොපමින් කෙමිකල් එක අධිකව මොළයට ලබා දෙන එක හා වැඩි වෙලා මොළයේ රඳවාගෙන තබන එක. එතකොට සතුට හෝ තෘප්තිය දැනීමේ වේලාව වැඩි කරනවා. මේ හැඟීම නැවත නැවත ලබා ගන්න උත්සාහ කිරිමත් එක්ක තමයි ඉතා පහසුවෙන් පුද්ගලයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ.
හරි දැන් එතකොට කොහොමද ඔටිසම් හා ADHD දරුවන්ගේ මොළය වෙනස් වෙන්නේ සහ මේ ඩොපමින් කියන කෙමිකල් එක කොහොමද එයාලගේ මොළයේ ක්‍රියා වෙන්නේ කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ.
මම අර මුලින් පටන් ගන්න කොටම කිව්ව වගේ මොළය අතු බෙදිලා ගිය ගහක් කියලා හිතුවොත් මූලයෙන් ලැබෙන පෝශනය නිසා මේ අතු අතර සම්බන්ධයක් තියනවා සහ ඒවා ක්‍රියා වෙනවා. එතකොට පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියනවා ඔටිසම් දරුවෙකුගේ මොළය තුළ මේ එකිනෙකට ඇති සම්බන්ධය අවමයි කියන එක. ඒ කියන්නේ මොළයේ වම් පැත්ත හා දකුණු පැත්ත කියලා හිතුවොත් මෙන්න මේ වම් හා දකුණු පැත්ත අතර තියන සම්බන්ධය ඒ තරම් මිත්‍රශීලී නැහැ ඔටිසම් දරුවන්ගේ. ඒ නිසා තමයි සන්නිවේද ගැටළු හා අනෙකුත් සංවේදන ගැටළු මතු වෙන්නේ. ඒ වගේම තවත තියරි එකක් තියනවා ඒකෙන් කියනවා මොළයේ තියන Amygdala කියන හැඟීම් හා සංවේදන ක්‍රියාකරන කොටස ක්‍රියාකාරී වැඩි වීම නිසා ඔටිසම් දරුවන්ගේ සංවේදන ගැටළු ඇති වෙනවා කියල. උදාහරණයක් විදියට දැඩි ආලෝකයට හා ශබ්ධ වලට අධි සංවේදී වීම වගේ කාරණා.
කොහොමද මේ ඩොපමින් අපේ දරුවන්ගේ විශේශයෙන් ADHD දරුවන්ගේ ක්‍රියාත්මක වෙන්නේ?
ADHD බබෙක්ගේ මොළයට ඩොපම්න් කෙමිකල් එක ස්නායු මගින් මුදා හැරියට පස්සේ මේක වැඩි වෙලා තියෙන්නේ නෑ. dopamine transporters කියන ප්‍රෝටීනය ඉක්මනට ඇවිල්ලා මේ ඩොපමීන් හොරා ගන්නවා. අන්න ඒ නිසා තමයි අවධානය එක විදියට ගොඩක් වෙලා රඳා පවත්වාගෙන යන්න බැරි ADHD දරුවන්ට. එයාලට උත්තේජනයක් දැනෙන්නේ නැහැ යම් දෙයක් එක දිගට හෝ යම් වේලාවක් කරගෙන යන්න. හිතන්න අලුත් සෙල්ලම් බඩුවක් දරුවට දුන්නා කියලා. එතකොට එයාට සතුටක් දැනෙනවා. හේතුව ඩොපමින් කෙමිකල් එක මොළයට ස්නායු මගින් මුදා හැරලා එයාට සතුට කියන හැඟීම දැනෙන නිසා. එතකොට ඉතා ඉක්මනට එයාට මේ සෙල්ලම් බඩුව එපා වෙනවා. අර මුලින් තිබ්බ උත්තේජනය නැති වෙනවා. ඒකට හේතුව මොළයේ නිපද වුනු ඩොපමින් “dopamine transporters ” හරහා එලියට ඇදලා ගන්න නිසා. නිකන් හිල් උන කළයක් වගේ. වතුර දාන්න දාන්න මේ සිදුර තුළින් වතුර එලියට ගලා ගෙන යනවා.එතකොට දරුවගේ උනන්දුව, සතුට, අවධානය යනාදී හැඟීම් වැඩි වෙලා තියෙන්නේ නැහැ.මෙන්න මේ නිසා තමයි ඉස්කෝළේ ගිහින් පුටුවේ ඉදගෙන ටීචර් කියන දේට ඇහුම්කම් දීලා පොතක වැඩක් එක දිගට කරන්න අපහසුතාවය එන්නේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ කොටස් විදියට දරුවන්ට උගන්වන්න ඕනේ කියලා හා එයාට උත්තේජනය ඇති වෙන ආකාරයට ඉගැන්වීමේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියන එක.
එතකොට ADHD බබාලට ඇයි මේ ඩොක්ටර්ස්ලා බෙහෙත් දෙන්නේ? මොකක්ද මේ බෙහෙත් වලින් කරන්නේ? මේ බෙහෙත් වලින් කරන්නේ ඩොපමින් කියන කෙමිකල් එක ඖශධ හරහා යම් ප්‍රමාණයක් මොළයට ලබා දෙන එක. ඒත් දරුවාට අවශ්‍ය පුහුණුව නොමැතිව ඇත්තටම මේ ඖෂධ වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. අපි දරුවාට හුරු කරන්න ඕනේ කොහොමද ස්වයං පුහුණුව ඇති කරගන්නේ කියන එක. උදාහරණයක් විදියට කාළ සටහනකට වැඩ කිරීම,නිතරම දරුවාගේ මනස උත්තේජනය වන ආකාරයේ ක්‍රියාකාරකම් කිරීම,ව්‍යායාම වගේ දේවල් හරහා අපි දරුවාව පුහුණු කරනවා මනස සන්සුන්ව හා අවධානය එක් තැනක තබාගෙන කොහොමද වැඩක් කරන්නේ කියන එකට.
ඩොපමින් කියන කෙමිකල් එක තමයි සතුට, මතකය, අපේ මූඩ් එක,උනන්දුව,අවධානය,විනෝදය, නින්ද,හැසිරීම,ඉගෙනීම යනාදී සෑම දෙයකම ප්‍රධාන ක්‍රියාකාරියා විදියට මොළයේ වැඩ කරන්නේ. එතකොට සාම්ප්‍රදායික සැකැස්මක් සහිත මොළයක මේ ඩොපමින් කෙමිකල් එක හැසිරෙන ආකාරයට වඩා වෙනස් විදියට අපේ දරුවන්ගේ ක්‍රියා කිරීම නිසා තමයි අපේ දරුවන්ට උනන්දුව,මතකය,අවධානය, නින්ද ,හැසිරීම යනාදියේ ගැටළු මතු වෙන්නේ. ඩොපමින් වැඩි උනාමත් ගැටළුවක් එනවා. ඒක තමයි එනර්ජි එක වැඩී දරුවන්ට. නින්ද යන්නේ නෑ, එක තැන ඉන්න අමාරුයි. නොසන්සුන් වෙන්න පුලුවන්.
අපි දැන් දන්නවා ඩොපමින් කොහොමද අපේ දරුවන්ගේ අඩු වීම සහ වැඩි වීම කියන එක සිද්ධ වෙන්නේ කියලා. එතකොට ADHD දරුවන් සිටින දෙමාපියන් නිතරම සැළකිලිමත් වෙන්න ඕනේ දරුවාට උනන්දුවක් නැත්නම්,මතකය අවම නම්,උදාසීනයි නම්,නොසන්සුන් නම් මේ හැසිරීම හැකිතාක් සමනය කරගන්න නිතරම දරුවාට උනන්දුව ඇති වෙන ක්‍රියාකාරකම් වල නිරත කරවන්න.ඒ වගේමයි කෙටි ක්‍රියාකාරකම් වල නිරත වෙන්න දෙන්න. ඕනෑම ක්‍රියාකාරකමක් දිගින් දිගටම කරන්න යන්න එපා. උගන්වන එකත් එහෙමයි. විවිධ ක්‍රම පාවිච්චි කරන්න. ගහලා බැනලා තරවටු කරලා දරුවාගේ උනන්දුව හෝ අවධානය සකස් කරන්න බැහැ. විශේශ දරුවන්ගේ මනසත් විශේශයි. ඒ නිසා අපිත් විශේශ ක්‍රම හරහා තමයි දරුවන් එක්ක වැඩ කරන්න ඕනේ.
කැෆේන් සහ ADHD අතර තියන ගැටුම මොකක්ද කියන එකත් අපි පැහැදිලි කරගමු.
ADHD දරුවන්ට කැෆේන් අඩංගු ආහාර දෙන්න එපා කියන කතාවේ සත්‍යතාවයක් වගේම මිත්‍යාවකුත් තියනවා. එකක් තමයි කැෆේන් ක්‍රියාකාරීත්වය ශරීරයෙන් ශරීරයට වෙනස් බලපෑමක් ඇති කරනවා. කැෆේන් වලින් කරන්නේ මොළය උත්තේජනය කරන එක. ලංකාවේ මරණ ගෙදරකදි රෑට කෝපී එහෙම දෙන්නේ ඇයි? නොනිදා රැය පහන් කරන්න පහසුවක් වෙන්න. කැෆේන් වලින් මොළයේ මධ්‍ය ස්නායු පද්ධතිය සහ ඩොපමින් නිපදවීම තවත් වැඩි කරනවා සහ උත්තේජනයකට ළක් කරනවා. එතකොට අධිකව කැෆේන් අඩංගු ආහාර ගැනීම නිසා දරුවන් over Stimulate එහෙමත් නැත්නම් අධි උත්තේජනකට පත් වීමේ හැකියාවක් තියනවා. මේකෙන් අදහස් වෙන්නේ නෑ දරුවාට චොක්ලට් එකක්,ඩෝනට් එකක් කන්න දෙන්න එපා කියන එක. හේතුව එක් පැත්තකින් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් ඩොපමින් කෙමිකල් එකේ තියන අඩු වීම සමබර වෙනවා. හේතුව කැෆේන් වලින් ඩොපමින් අඩු ප්‍රමාණය නැවත තිබිය යුතු මාර්ජින් එකට ගේන නිසා. අනික් කාරණය තමයි ADHD ඖෂධ ලබාගන්නා දරුවන්ට කැෆේන් අඩංගු ආහාර අධිකව ගැනීමෙන් එහි අතුරු ප්‍රථිපල ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඖෂධ වලින් කරන්නේ යම් කිසි ඩොපමින් ප්‍රමණයක් මොළයට ලබා දෙන එක. එතකොට මේ අතර අධිකව කැෆේන් තියන ආහාර ගත්තොත් ඩොපමින් ප්‍රමාණය වැඩි වෙලා දරුවාගේ හැසිරීම ඉතා නොසන්සුන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්න ඕනේ කැෆේන් අඩංගු චොක්ලට් වගේ දේවල් සම්පුර්ණයෙන්ම නතර කිරීම නෙමේ. ප්‍රමාණයකට ලබා දීම. මේවා ලබා දීම කළ යුතුයි. හේතුව අපේ දරුවන්ගේ ඩොපමින් මොළයේ වැඩි වෙලා රඳා නොපවතින හේතුව නිසා.
ඖශධ නොමැතිව ස්වාභාවිකව ඩොපමින් ප්‍රමාණය වැඩි කරන ආහාර
- ඔලිව් ඔයිල්
- අලිගැටපේර
- ඇපල්
- කොළ පැහැති එළවලු
- කහ
- කොමඩු
- ග්‍රීන් ටී
- බීට්
- කෙසෙල්
- ආමන්ඩ්
- කිරි,බිත්තර ,මස්,මාළු
- යෝගට්
දැන් අපිට අයිඩියා එකක් තියනවා ඇත්තටම මොකක්ද මේ ඩොපමින් සහ අපේ දරුවන්ගේ මොළය ඇතුලේ කොහොමද මේ කෙමිකල් එක වැඩ කරන්නේ කියන එක. විශේශයෙන් ADHD දරුවන්ගේ ඩොපමින් ප්‍රමාණය අවමයි. ඒ නිසා දරුවන්ට නිතරම උත්තේජනයක් අවශ්‍ය වෙනවා වැඩ කරන්න. ඒ වගේම තමයි ඔටිසම් දරුවන්ටත් මේ උත්තේජනය ඒ විදියටම අවශ්‍ය වෙනවා.