දැන් ටික කාලෙක ඉදන් Autism එක්ක gut health, microbiome , inflammation, autoimmune, detox වගේ වචන සෝශල් මීඩියා පුරාම වෛරස් එකක් වගේ පැතිරෙනවා. හැමෝම ඒ ගැන කතා කරනවා. මේක මොකක්ද කියලා ටිකක් පැහැදිලි කරගමු. මුලින්ම ඒ වචන වල තේරුම් සරලව තේරුම් ගමු.

Gut health – අන්ත්‍ර පද්ධතිය , ජීර්ණ පද්ධතිය)

Microbiome – බඩවැල් තුළ ජීවත් වන ක්ෂුද්‍රජීවී සමූහය

Inflammation – (ප්‍රදාහය) කියන්නෙ ශරීරයේ immune system එක “අනතුරක්” හෝ “හානියක්” කියලා හිතන දේකට දක්වන ආරක්ෂිත ප්‍රතිචාරයක්. උදාහරණයක් විදියට උණ හැදුනම ඇඟ රිදෙන්න ගන්නවා, උෂ්ණත්වය වැඩි වෙනවා , මහන්සිය දැනෙනවා. මෙහෙම දැනෙන්නේ අපේ immune system එක / ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරස් එකත් එක්ක Fight කරන නිසා. අන්න ඒ ක්‍රියාවලියේදී inflammatory chemicals release වෙනවා.

Autoimmune – ස්වයං ප්‍රතිශක්තිකරණ. මේක තව ටිකක් පැහැදිලි කරගමු. සරලවම මේකෙන් අදහස් වෙන්නේ ශරීරයේ ආරක්ෂක පද්ධතිය confused වෙලා වගේ එකක්. දැන් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් කරන්නේ වෛරස් , බැක්ටීරියා එක්ක ෆයිට් කරලා ශරීරය ආරක්ෂා කරන එක. ඒත් autoimmune condition එකකදී වෙන්නේ තමන්ගේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න Cells වලට ඇටෑක් කරන එක. නිකන් හිතන්නකො රටක හමුදාවක් ඉන්නවා.ඒ හමුදාවේ ජොබ් එක තමයි රට ආරක්ෂා කරන එක. ඒත් දවසක් මේ හමුදාව අන්දමන්ද වෙලා තමන්ගේම රටට පහර දෙන්න පටන් ගන්නවා.

එතකොට කොටසක් ඉන්නවා ඔටිසම් කියන්නේ autoimmune Condition එකක් කියලා කියන.මේක කියන්න හේතු වුන රිසර්ච් කීපයක් තියනවා. මේ රිසර්ච් වලින් කියන්නේ සමහර ඔටිසම් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරය වෙනස් වෙන්න පුළුවන් කියලා. ඇලජීස් වැඩියෙන් තියනවා කියලා. Inflammatory markers තියනවා කියලා.

Inflammatory markers – කියන්නේ උදාහරණයක් විදියට ඔයාට යම් ඇලජි එකක් ආවොත් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම ලේ වල යම් යම් කෙමිකල්ස් වැඩි වෙන්න පුළුවන්. ඒක ඩොක්ටර්ස් ලා measure කරලා බලනවා. ඒක හරියට ශරීරය යම් කිසිවක් එක්ක ෆයිට් කරනවා කියලා තේරුම් කරන සිග්නල් එකක් වගේ. ඉතිං රිසර්චර්ස් ලා කිව්වම ඔටිසම් පුද්ගලයින්ට inflammatory markers තියෙන්න පුළුවන් කියලා, සෝශල් මීඩියා හරහා තමන්ගේ නිෂ්පාදන විකුණගන්න හදන පිරිස ඒ කතාව හරවනවා ඔටිසම් කියන්නේ autoimmune Condition එකක්, ඒ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුවපත් කරගත්තම ඔටිසම් සුව කරගන්න පුළුවන් කියලා.

Detox – මේකෙන් අදහස් වෙන්නේ ශරීරයේ Toxins / හානි කර ද්‍රව්‍ය ඉවත් කරනවා කියන එක. මේක සෝශල් මීඩියා වල මහා ලොකු නාට්‍යක් වගේ කොටසක් රඟදක්වනවා ශරීරයේ විස අයින් කරාම ඔටිසම් හොඳ කරගන්න පුළුවන් කියලා.ඒකට එක එක නිශ්පාදන විකුණනවා. ඇත්තටම අපේ ශරීරයේ තියන අක්මාව, වකුගඩු, පෙනහළු සහ සම ( Skin ) විසින් ශරීරය ස්වාභාවිකව Detox කරනවා.

———————————-

දැන් අපි නිතර සෝශල් මීඩියා වල දකින්න පුළුවන් වචන වල අදහස පැහැදිලි කරගත්තා. මෙතනින් එහාට අපි පැහැදිලි කරගමු මොකක් මේ මෙයාලා Gut health, autoimmune condition කිය කියා ඔටිසම් සුව කරගන්න පුළුවන් කියන මතය සමාජගත කරන එකේ සත්‍ය අසත්‍ය බව. තමන්ගේ ඔටිසම් දරුවාට මේක දුන්නා අරක දුන්නා කියලා ඒ නිසා “Gut protocol changed my child” කියලා වීඩියෝ, පෝස්ට් දාන අය අපි ගොඩක් දකිනවා. ඒ වීඩියෝ එකක් දෙකක් බලපු ගමන් ෆේස්බුක් එකේ ඒ වගේම වීඩියෝ, Podcast තමයි දිගටම Suggest වෙන්නේ. එතකොට ඔටිසම් දරුවන්ගේ දෙමාපියන්ට හිතෙන්න පුළුවන් අපි මේකත් Try කරලා බලන්න ඕනේ කියලා.

ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් අතර Gastrointestinal issues එහෙම නැත්නම් බඩවැල් හා ජීර්ණ පද්ධතියේ ගැටලු වැඩියෙන් තියෙන්න පුළුවන්. ඒක බොරුවක් නෙමේ.

☉ Constipation – මලබද්ධය

☉ Reflux – ආමාශයේ අම්ලය උගුරට එන තත්ත්වය

☉ Gastritis

☉ බඩේ වේදනාව / කැක්කුම

☉ ආහාර ගැනීමේ අපහසුතා, පෝශණ ගැටලු

මේ වගේ තත්ත්වයන් ඔටිසම් පුද්ගලයින්ට තියෙනවා. මෙහෙම වෙන්නේ ඇයි කියන එකට Scientist ලා හරියටම උත්තරයක් දීලා නැහැ. ඒත් අනුමාන හේතු තියනවා. ඒවා තමයි

◈ සංවේදන වෙනස්කම්.

◈ ස්නායු පද්ධතියේ වෙනස්කම්

◈ මානසික ආතතිය

◈ ආහාර ගැනීමේ රටාවන්

◈ ශරීරයේ අභ්‍යන්තර අවයව වලට දැනෙන සංවේදන සංවේදීතා හැඩය

◈ Safe food

◈ ශරීර චලන වෙනස්කම්

දැන් උදාහරණයක් විදියට එමලි ගැන කතා කරොත් දන්න කාලේ ඉඳන්ම එමලි Constipation තත්ත්වයෙන් පීඩා විදිනවා. ඒකට හේතුව තමයි එමලි තෝරාගත් ආහාර කීපයක් පමණක් ඒකාකාරී විදියට ආහාරයට ගැනීම.

විද්‍යාත්මකව සත්‍ය කාරණය තමයි ඔටිසම් පුද්ගලයින් අතර වැඩියෙන් අපි උඩ කතා කරපු Gastrointestinal issues තියෙන්න පුළුවන් වීම. ඒත් මේක පටලවලා වෙනස් කරලා සමාජගත කරන වැරදි අදහස තමයි ඔටිසම් ඇති වෙන්න හේතුව තියෙන්නේ ජීරණ පද්ධතියේ කියන එක.

අන්න ඒ වගේ විද්‍යාත්මක කාරණය පටලවලා වෙනස් කරලා සමාජ ගත කරන නිවැරදි නොවන කාරණා ටික ටිකක් පැහැදිලි කරගමු.

• සත්‍ය – ඔටිසම් පුද්ගලයින්ට ජීරණ පද්ධතිය ආශ්‍රිත ගැටලු තිබිය හැක.

වැරදි අදහස – ඔටිසම් වලට හේතුව ජීරණ පද්ධතියේ ගැටලු ය.

• සත්‍ය – මළ බද්ධය වැනි ගැටලු ඔටිසම් දරුවන් සහ පුද්ගලයින්ගේ හැසිරීම වෙනස් කිරීමට හේතුවක් විය හැකිය.

වැරදි අදහස – ජීර්ණ පද්ධතියේ ගැටලු සුව කිරීමෙන් ඔටිසම් සුව කරගත හැකිය.

Scientific research වලින් ඇත්තටම කියන්නේ gut microbiome සහ autism අතර තියන සම්බන්ධය පැහැදිලි නැහැ කියන එක. මේ සම්බන්ධව මෙතෙක් සිද්ධ වෙලා තියන රිසර්ච් වල වල නැවත නැවත පාවිච්චි කරලා තියෙන්නේ “more research is needed, small sample sizes, possible association , experimental, inconclusive , unclear mechanism” වගේ phrases. ඒත් social media creators ලා ඒවා ට්‍රාන්ස්ලේට් කරන්නෙ “ඩොක්ටර්ස්ලා පළවෙනි වතාවට පිළිඅරන් තියනවා Gut එක ඔටිසම් ඇතිවෙන්න හේතුවක්” කියලා. එහෙම නැත්තන් “ඔටිසම් වල මුල් හේතු සාධකය සොයා ගනී” කියලා. මේ වගේ හෙඩ්ලයින්ස් පාවිච්චි කරාම ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් ගේ අවධානය ගන්න එයාලට ලේසියි.

ඔටිසම් සහ ඔටිසම් සුව කිරීමේ ක්‍රමයන්ට අදාළ නිශ්පාදන කියන්නේ billion dollar industry එකක්. heavy metal detoxes කියයි parasite cleanses කියයි එක එක supplements, microbiome testing kits කියලා කියයි ඒ හැම දේම ව්‍යාපාර මිසක් ඇත්තටම ඔටිසම් තත්ත්වය රිවර්ස් කරන්න පුලුවන් දේවල් නෙමේ.

දෙමාපියන් ගේ මානසික මට්ටම ඉලක්ක කරගෙන තමයි මේ වගේ නිෂ්පාදන සහ ව්‍යාපාර විකුණන්න උත්සාහ ගන්නේ.

ඔටිසම් කියන්නේ infection එකක් නෙමේ. ජීරණ පද්ධතිය ආශ්‍රිත තත්ත්වයක් නෙමේ. ශරීරයේ තියන යම් විසක් නිසා ඇති වූ තත්ත්වයකුත් නෙමේ. Autism කියන්නේ ස්නායු සංවර්ධනයේ විවිධත්වයක්.

මීට අවුරුදු ගණනාවකට කලින් ඉඳන්ම ඔටිසම් සුව කරගන්න කියලා එක එක ක්‍රම, නිෂ්පාදන වෙළෙඳ පොළට ආවා.

⁍ Detoxes

⁍ Bleach protocols (MMS)

⁍ Chelation

⁍ Hyperbaric oxygen

⁍ Stem cells

⁍ Restrictive diets

⁍ Microbiome therapies

⁍ Parasite cleanses

⁍ Megavitamins

⁍ Supplements

 

හැබැයි අද වෙනකල් ඔටිසම් සුව කරා කියලා විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් වුන එක ක්‍රමයක්, නිෂ්පාදනයක් ලෝකේ නැහැ.

ඒ නිසා ලංකාවෙත් එහෙන් මෙහෙන් තියන “ඔටිසම් සුව කරා, කරගන්න පුළුවන්, බඩට බෙහෙත් දෙන්නයි, ඔළුවට බෙහෙත් බඳින්නයි” වගේ දේවල් දරුවන්ට කරන්න උත්සාහ ගන්න එපා.

මුල් සබැඳිය : ඔටිසම් හා බැදුණු Gut health, Microbiome , Inflammation, Autoimmune, Detox