අද පැහැදීලි කරන්න යන්නේ Speech therapy ක්‍රම වේදයන්ට අයිති නොවෙන ළමා අපහරණයන් ගැන.

වාචික සන්නිවේදනය අසීරු ඔටිසම් දරුවෙක් තමන්ගේ අවශ්‍යතාවයන් සන්නිවේදනය කරන ක්‍රම කීපයක් තියනවා.
- අංග චලන, මුහුණේ ඉරියව්
- රූප
- සංඥාවන්
- Echolalia
- ඇස් වලින්
- හැසිරීම
එතකොට Speech therapist ලට ඔටිසම් දරුවන්ගේ සන්නිවේදනය ගැන තියන ප්‍රධාන අදහස වෙන්න ඕනේ ” honor all attempts at communication” කියන එක. සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්න සෑම ක්‍රමයක්ම, උත්සාහයක්ම පිළිගන්නවා කියන එක. දරුවෙක් අම්මාගෙන් අංගචලන හරහා බඩගින්නට කන්න කෑම හෝ තිබහට බොන්න වතුර ඉල්ලන කොට අම්මා කරන්න ඕනේ වහාම දරුවාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන එක. ඒත් ඇයි මේ ලංකාවේ ඉන්න සමහර තෙරපිවරුන් දෙමව්පියන්ට උපදෙස් දෙන්නේ දරුවා කටින් වචනේ කියලා ඉල්ලනකල්ම කෑම දෙන්න එපා, වතුර දෙන්න එපා කියලා. ඒක Child Abuse එකක් කියලා නොදන්නා කමටද එහෙම නැත්තන් ඔටිසම් දරුවන් සත්තුන්ටත් වඩා පහළම තැනකට දාලා තියන නිසාද?
ආයතී එකෙන් මේ වගේ උපදෙස් දෙනවා කියලා දෙමව්පියන් සැළකිය යුතු ප්‍රමාණයක් අත්දැකීම් බෙදාගන්නවා.මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඒක එහෙම වෙන්නේ නිවැරිදි අප්ඩේට් දැනුම හිතාමතාම නොසලකා හරින පුද්ගලයින් විසින්.අපි දැන් කාලාන්තරයක් පුරාවට විශේශයෙන් ආයතී, LRH ඇතුළු ලංකාවේ මේ සම්බන්ධව අදාළ වෛද්‍යවරුන්ට , තෙරපිවරුන්ට සිය දහස් වාරයක් පැහැදිලි කරා දරුවන්‍ට ලබා දෙන මේ පීඩනය අවම කරලා පැරණි තෙරපි ක්‍රමවේදය වෙනස් කරන්න කියලා.ඒ ගැන අවම අවධානයක්වත් අද වෙනකල් ලබා දීලා නෑ.
දරුවෙක් තමන්ට හැකි පමණින් උත්සාහ කරලා මොන යම් හෝ ක්‍රමයකින් තමන්ගේ මූලික අවශ්‍යතා ප්‍රකාශ කරන එක ගැන දෙමව්පියන් සතුටට පත් වෙන්න ඕනේ. හේතුව ඒ අංග චලන වලින් කතා කරන එක පවා brain body disconnect තත්ත්වය හේතුවෙන් අසීරූ වෙන දරුවන් ඉන්නවා. එහෙම තියෙද්දී දරුවෙක් අංග චලන හරහා කෑම, වතුර , ශාරීරික අපහසුතාවයක් කියනවා නං ඒක නොසලකා හැරලා වචනයෙන් කියනකල්ම බලන් ඉන්න එක Speech therapy ක්‍රමවේදයක් නෙමේ.ඒක දඩුවමක්. ඒ දඬුවම දෙන්නේ දරුවාගේ ස්නායු පද්ධතිය විවිධත්වයෙන් නිර්මාණය වුනාට. ඒ දඬුවම දෙන්නේ දරුවා මුහුණ දෙන අපහසුතාවයට. ඒ දඬුවම දෙන්නේ තමන්ගේ දරුවා ඔටිසම් විවිධත්වයෙන් ඉපදුනාට. ඒක කොයිතරම් අමානුෂිකද කියන එක තේරුම් ගන්න බැරි නං එතන ගැටලුව තියෙන්නේ මනුශ්‍යත්වයේ.

” Wait them out” කියන අදහස , වචන කියනකල් අවශ්‍යතාවය නොසලකා හැරීම කියන අදහස එන්නේ පරණ behaviorist methods හරහා. විශේෂයෙන්ම පැරණි ABA තෙරපි ක්‍රමවේදය හරහා. ඒ හරහා උත්සාහ කරේ වාචික සන්නිවේදනය බලහත්කාරකමින් හෝ පුහුණු කරන්න ඕනේය කියලා. ඒත් විද්‍යාවේ දියුණුව සහ ඔටිසම් විවිධත්වය වඩාත් වටහාගැනීම නිසා neuroscience හරහා අපිට පෙන්නලා දුන්නා බලහත්කාරකමින් කතාව ගන්න උත්සාහ කිරීම ආතතිය සහ trauma වගේම Autistic shutdown තත්ත්වයට බලපානවා කියලා. මේක ලංකාවේ මෙවැනි අමානුෂික පැරණි තෙරපි ක්‍රමවේදයන් ප්‍රැක්ටිස් කරන තෙරපිවරුන් සහ වෛද්‍යවරුන්ට වටහා ගන්න බැරි රොකට් සයන්ස් නෙමේ. මේ කරන්නේ ඔටිසම් දරුවන්ව Emotionally abuse කිරිමක්. ඒ වගේම මේ වගේ අපහරණයන් හඳුන්වනවා psychological abuse කියලා.
* මේ දවස් වල නර්සරි එකක වීඩීයෝ එකක් ශෙයාර් වෙනවා. ගුරුවරිය හෝ තෙරපිවරිය ඔටිසම් දරුවෙක්ගේ කට එහාට මෙහාට ඇද ඇද ටිෂූ දාලා වචන එළියට ගන්න උත්සාහ කරනවා. වෙන රටක මේවා ප්‍රැක්ටිස් කරා නං මේ වෙනකොට Child Abuse යටතේ හිරේ. oral motor exercises කරන්නේ ඇයි , ඒවා කරන්නේ කොහොමද සහ කවුරුන් විසින්ද ඒවා කළ යුත්තේ කියලා තව පෝස්ට් එකකින් පැහැදිලි කරන්නම්.විශේශයෙන් මේ ක්‍රමවේදයන් හරහා Speech එක සංවර්ධනය වෙනවා කියන එක කොයිතරම් අසත්‍යක් ද කියලා පැහැදිලිව American Speech-Language-Hearing Association විසින් සමාජය දැනුවත් කරලා තියනවා.

දරුවාගේ සෑම සන්නිවේදන ක්‍රමයකටම ගෞරව කරන්න. දරුවන්ගේ අවශ්‍යතා වචනයෙන් කියනකල් නොසාළකා ඉන්න එක හරහා සිද්ධ වෙන්නේ දරුවා වචන කියන්න උත්සාහ කරන එක නෙමේ. දරුවා තේරුම් ගන්නවා තවදුරටත් තමාට දෙමව්පියන් සවන් දෙන්නේ නෑ කියලා. එතනින් එහාට වෙන්නේ දරුවාට තමන්ගේ දෙමව්පියන් ගැන තියන විස්වාසය බිදවැටිලා ඉතාමත් මානසික පීඩාවකට දරුවා පත් වෙන එක. ඒ වගේම තමයි දරුවා කැමතිම Toy එකක් තමා සන්තකේ තියාගෙන තමන් කියන වැඩේ කරනකල් ඒ Toy එක දරුවාට නොදී සිටීමත් දරුවාට සහය දීමක් නෙමේ. ඒක දරුවාට තර්ජනය කිරීමක් සහ දඬුවම් කිරීමක්.

ඔටිසම් දරුවන්ගේ හඬට සවන් දෙන , විවිධත්වයට ගෞරව කරන සහය ක්‍රමවේදයක් මේ රටේ නිර්මාණය වෙන්න ඕනේ කියන එක අදාළ පුද්ගලයින්‍ට ඒත්තු ගන්වන්න අපි මීට වඩා මොකක්ද කරන්න ඕනේ කියන එක අපිට තේරෙන්නේ නෑ.
