ඕනෙම පුද්ගලයෙකුගේ මොළයේ භාශාව ගොඩනැගෙන ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් Analytic (ඇනලටික්); අනික් ක්‍රමය Gestalt (ගෙශ්ටාල්ට්). බහුතරයක් ඔටිසම් දරුවන්ගේ භාෂාව ගොඩනැගෙන්නේ Gestalt language processing (GLP) හරහාය.
මුලින්ම ඔටිසම් දරුවෙක්ගේ මනස ගැන ටිකක් පැහැදිලි කරගමු.
ඔටිසම් දරුවන්ගේ මනස ක්‍රියා වෙන විදිය පුදුමාකාර විදියට ලස්සනයි. ඒ වගේම තමයි මේ ක්‍රියාකරන හැඩය මත තමයි ඔටිසම් දරුවාගේ සන්නිවේදනය, හැසිරීම, සිතීම, දැනුම ලබා ගන්නා ආකාරය සියල්ලම තීරණය වෙන්නේ. ඔයාලා දැකලා තියනවද මී ගුල්. දැන් පිටතට පේන්න එක සිදුරක් තියනවා කියලා හිතන්න. ඒත් ඒක හාරලා බැලුවම ඇතුලේ තව සිදුරු දෙකක්. ආයෙත් ඒ සිදුරු හාරලා බැලුවම තව සිදුරු හම්බෙනවා. මේ හැම සිදුරක්ම එක එක දිශාවල තියෙන්නෙ. මෙන්න මේ වගේ තමයි අපේ බබාලගේ මනසේ මතකය කියන එකත් තැන්පත් වෙන්නේ. සෑම කුඩා සිදුවීමක්ම, දකින සෑම දෙයක්ම මතකයන් විදියට මේ ගුහා වගේ තැනින් තැන හා අභ්‍යන්තරයේ තැන් පත් වෙනවා. මීට මාස දෙකකට කලින් සිදුවුනු අපේ මතකයේ නැති සිදුවීම් පවා අපේ දරුවන්ගේ මේ මතකයේ ගබඩා වෙනවා. ඒක තමයි ඔටිසම් දරුවන්ගේ මතකය කම්පියුටර් එකක් වගේ කියන්නේ. දැන් මේ මතකය වගේම තමයි වචන, වාක්‍ය, සිංදු, අංක, හැඩතල, කාර්ටූන් දෙබස් අපි මේ කතා කරන GLP( gestalt language processing) බබාලගෙ මෙමරි එකේ කොපි වෙන්නේ..
එතකොට දැන් අම්මලට හිතාගන්න බෑ මගේ ඔටිසම් බබා ALP (Analytic language processing) බබෙක්ද එහෙම නැත්නම් GLP බබෙක්ද කියල.
අපි ඒ දෙකේ වෙනස සෑහෙන්න පරිස්සමට තේරුම් ගන්න ඕනේ.
මේ වචන දෙක ඔලුවේ තියාගන්න
ALP (Analytic language processing /ඇනලටික් ලැන්වේජ් ප්‍රොසෙසින් )
GLP (Gestalt language processing / ගෙශ්ටාල්ට් ලැන්වේජ් ප්‍රොසෙසින් )
එතකොට ALP කියන්නේ තනි වචනය හරහා ක්‍රමයෙන් වචනය දෙක, තුන වෙලා වාක්‍යක් හැදෙන එකට. මේ ක්‍රමය ඇතුලේ කිසිම අපහැදිලිකමක් නැහැ. දරුවාගේ මනසේ භාශාව හැදෙන්නේ තනි වචන විදියට.
පටලවා ගන්න එපා මේ කාරණය. අපි මේ කියන්නේ බබා තනි වචන කතා කරන එක ගැන නෙමේ. අපි කියන්නේ භාශාව ඔලුවේ හැදෙන්නේ කොහොමද කියලා. හේතුව Gestalt ක්‍රමයට භාෂාව ගොඩනැගෙන දරුවනුත් තනි වචන කියනවා.
දැන් අර නෙස්කැෆේ මැශින් එකකින් නෙස්කැෆේ කෝප්පයට වැටෙන්න කලින් මැශින් එක ඇතුලේ සිස්ටම් එකකට නෙස්කැෆේ හැදෙනවා වගේ තමයි අපි මේ කතා කරන්නේ බබාගේ මොළය ඇතුලේ භාශාව හැදෙන විදිය. අපි ALP බබෙක්ගේ මනසේ භාශාව හැදෙන විදිය උදාහරණ එක්ක පැහැදිලි කරගමු.
1 අම්මා
2 සුදු අම්මා
3 මගෙ සුදු අම්මා
මෙන්න මේ වගේ තමයි තනි වචන ඔලුවේ කොපි වෙලා එයාලා ඒවා හෙමින් එකට අමුණ ගන්නේ. අම්මා කියන තනි වචනය ඔලුවේ කොපි කරන් අම්මා කියලා කියනව. ඊට පස්සේ සුදු කියන වචනය සහ අර්ථය වටහා ගෙන සුදු අම්මා කියලා කියනවා. ඊට පස්සේ ව්‍යාකරණත් එකතු වෙලා මගේ සුදු අම්මා කියලා කියනවා. හරියට අපි පබළු මාලයක් අමුණනවා වගේ තමයි ALP බබාලගේ ඔලුවේ භාශාව හැදෙන්නේ. හරි ලයින් එකක් වගේ.
දන් ALP බබාලගෙ වචන එකින් එක පබළු මාළයක් වගේ එකතු වුනාට GLP බබාලගේ මොළයේ භාශාව හැදෙන්නේ සම්පූර්ණ කොටස් විදියට. ඒ කියන්නේ කෑල්ලෙන් කෑල්ල , වචනෙන් වචනේ එකතු වෙලා නෙමේ. එයාලගේ සම්පූර්ණ වක්ය පිටින්ම තමයි කොපි වෙන්නේ. මේ කොපි උන වාක්‍ය තමයි හෙමින් තනි වචන විදියට කැඩෙන්නේ. උදාහරණයක් විදියට GLP බබාලගේ මොළයේ “මගේ සුදු අම්මා” කියන සම්පූර්ණ වාක්‍යම කොපි වෙලා තියනවා. එතකොට භාශාව හැදෙන පිළිවෙල තමයි
1 මගෙ සුදු අම්මා
2 සුදු අම්මා
3 අම්මා
දැන් එයාලා මේ තනි වචන කිව්වට භාශාව හැදිලා තියෙන්නේ එක පොකුරක් විදියට. හරියට මී වදයක් වගේ. මේ ඔක්කොම එකට ඇලිලා තියන එක නිසා තමයි අපි එලියේ ඉදන් සරළ වාක්‍ය, වචන රූපත් එක්ක පෙන්නලා එයාලගේ භාශා පොකුරෙන් කෑලි හෙමින් එලියට ගන්න හදන්නේ.
දැන් අර මම මුලින්ම කිව්වෙ ඔටිසම් බබාලගෙ මෙමරි එක ගැන සහ එයාලගේ මොළය ක්‍රියා වෙන විදිය. එතකොට එයාලා බලන, ඇහෙන සෑම දෙයක්ම ඉතා හොදින් සෑම අස්සකම කොපි කරගන්නවා. උදාහරණයක් විදියට එයාලා බලපු ළමා ගීතයක් ගමු .
“අපි මෙහෙමයි දත් මදින්නේ දත් මදින්නේ දත් මදින්නේ” කියන ළමා ගීතය බලලා මේක සම්පූර්ණයෙන්ම රූපය සහ ගීතයේ වචනය, තාලය, සංගීතය ඔලුවේ කොහේ හරි කොනක කොපි වෙනවා. මෙහෙම කොපි වෙලා තියන එක කොතන හරි දත් බුරුසුවක් දැක්කම මතක් වෙන්න පුළුවන්. එතකොට ඒ ගීත වීඩියෝ එකේ ළමයෙක් ඇදන් හිටපු ඇඳුමකට සමාන ඇඳුමක් දැක්කොත් ක්ශනයෙන් මතක් වෙනවා ඒ ගීතය හරි සංගීතය හරි. ඉතා සියුම් Detail එකක් උනත් ඔටිසම් මනසක හරිම ලස්සනට තැන්පත් වෙනවා.
ඒ වගේම තමයි තාලය. දරුවෙක් තාලයට වචන කියනවා නම්, වචන නොකියා සිංදු කෑලි කියනවා නම් ඒකත් Gestalt ක්‍රමයට භාශාව හැදෙනවා කියලා හදුනගන්න පුළුවන් විදියක්.
Natural Language Acquisition (NLA)
මොකක්ද මේ? කාලාන්තරයක් තිස්සේ රිසර්ච් කරලා (Ann Peters සහ Barry Prizant) තමයි මෙන්න මේ තියරි එක සනාථ කරගත්තේ. මේක තමයි ස්වාභාවිකව ඔටිසම් දරුවාගේ මොළයේ ගෙශ්ටාල්ට් භාශා ක්‍රමය සකස් වීම කියන්නේ. මෙන්න මේකත් එක්ක Child – led therapy එහෙම නැත්තන් දරුවාට නායකත්වය ලබා දී ඒ හරහා දරුවාට සහය දීම කියන එක ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි බලෙන් දරුවාව ඉස්සරහට අඩිය තියවන්නෙ නැතුව දරුවා පෙන්වන මාර්ගයේ දරුවාට යන්න සහය දෙනවා. එතකොට අපි කරන්න ඕනේ දරුවාට නිදහස හා ඉඩ ලබා දෙන ගමන් එයාව නිරීක්ශණය කරන එක. මේ නිරීක්ශණය ඉතාම වැදගත්. මේකෙන් තමයි අපිට දරුවාගේ මොළයේ ස්වාභාවිකව සකස්වෙන භාශාව ගැන දැනගන්න පුළුවන් වෙන්නේ.
ගෙශ්ටාල්ට් ක්‍රමයට ස්වාභාවිකව ඔටිසම් දරුවාගේ මොළයේ භාශාව හැදෙන්නේ ප්‍රධාන කොටස් 4 කට. සාමාන්‍යයෙන් පියවර 5/6 කට මේ ක්‍රමය බෙදිලා තිබුනත් මූලිකම හා වැදගත්ම පියවරවල් ගැන අපි පැහැදිලි කරගමු.
* Echolalia (එකොලේලියා)
දරුවා ඇහෙන සැම දෙයක්ම නැවත රිපීට් කිරීම. මේක තමා ගිරව් කතා කරන විදිය. පෙත්තප්පු බත් කෑවාද ඇහුවම ගිරවා ඒක රිපීට් කරනවා. එතකොට දරුවන් ක්‍රම දෙකක් යටතේ රිපීට් කරනවා.එකක් තමයි දෙයක් ඇහුවම හෝ කිව්වම එහෙම නැත්තන් එයාලට ඇහෙන දෙයක් කොපි කරන් පෙරළා නැවත කීම.ඔයා බබාගෙන් අහනවා බත් කමුද කියලා.එතකොට එවෙලෙම බබා ඔයාගෙන් අහනවා බත් කමුද කියලා.ඒවගේම තමයි අංක,පාට,හැඩතල,සිංදු කෑලි එවෙලෙම අහන් ඉදලා රිපීට් කරන එක.අපි මේකට කියනවා immediate echolalia කියලා.මේක දරුවාගෙ භාශාව එයා වර්ධනය කරගන්න උත්සාහා ගන්න පළවෙනි පියවර වෙන්න පුලුවන් .මේකට කියනවා speech imitation and repetition කියලා.
දැන් දරුවා සියල්ලම කොපි කරන් පස්සේ ( කාලයක් ගත වුනාම) ඒ කොපි කරගත්ත වචන,වාක්‍ය කියන එකට අපි කියනවා Delayed Echolalia කියලා. මෙන්න මේක තමයි ගොඩක් අම්මලා කියන්නේ බබා නිකන් තේරුමක් නැතුව වචන කියනවා කියලා. අපිට එහෙම තේරුනත් හැම දරුවෙක්ම එහෙම කියන සෑම වචනයකම,වාක්‍යකම තේරුමක් තියනවා.ඒ නිසා දරුවා බලන,අහන සෑම දෙයක් ගැන හොද අවධානයෙන් හිටියොත් අපිට මේක තේරුම්ගන්න පුලුවන් .
මේ ක්‍රම තමයි දරුවා Gestalt ක්‍රමයට භාශාව වර්ධනය කරගැනීමේ පළවෙනි පියවර.ඒ නිසා කිසිම වෙලාවක රිපීට් කරන එක නතර කරන්න උත්සාහා කරන්න එපා.ඒ වෙනුවට දරුවාට ඒ හරහා වාචික සන්නිවේදනය ගොඩ නගා ගන්න සහය දෙන්න.
ඒ වගේම දරුවන් මේ කොපි කරගත්ත වාක්‍ය භාවිතා කරන අවස්ථා ගැනත් වටහා ගන්න අවශ්‍ය වෙනවා.
උදාහරණක් විදියට ඔයා මොනවා හරි කෑමක් කනකොට බබා ඇවිල්ලා කියන්න පුළුවන් ” Johnny johnny yes papa” කියන ගීතයේ කොටසක්.ඒකෙන් බබා අහන්න උත්සාහා කරන්නේ අම්ම මොනවද කන්නේ කියන එක වෙන්න පුළුවන්. එහෙම නැත්තන් බබාට බඩගිනී කියන එක වෙන්නත් පුලුවන් .
උදාහරණයක් එක්ක අපි මේ Delayed Echolalia ගැන ටිකක් පැහැදිලි කරගමු..බබා බිත්තරයක් දැකලා ඒකට Egg කියලා හෝ බිත්තරය නොකියා ” Humpty Dumpty sat on wall” කියලා හරි බිත්තරක් ගැන තිබ්බ ළමා ගීත කෑල්ලක් කියන්න පුළුවන්.එහෙම නැත්තන් ” සුදු ” කියලා කියන්න පුළුවන්. බිත්තරයේ පාට සුදු නිසා.එහෙමත් නැත්තන් “Oval” කියලා කියලා බිත්තරයේ හැඩය කියන්න පුළුවන්. දරුවා කියන දේ ඒ අවස්ථාවට අනුව බොහෝ විට තේරුමක් සහිතයි.
* අර මම මුලින් කිව්වා වගේ දරුවන්ගේ මනසේ මතකය හා මේ කොපි කරගැනීම පුදුමාකාර ලස්සනයි.එතකොට ඒ මතකය නැමැති දහසක් කුඩා සිදුරු තුළ කොපි වෙලා තියන නොයෙක් සිදුවීම්,රූප රාමු ක්ශණයෙන් එලියට එනවා.Emotions ඒ කියන්නේ හැඟීම් උනත් එහෙමයි. උදාහරණයක් විදියට ඔන්න හිතන්න ඔයාගේ දරුවා දකිනවා කූඹියෙක්ව. මේ කූඹියා දැක්ක ගමන් එයාගේ මතක කුහර අස්සේ තැන්පත් වෙලා තිබ්බ එයා කාලෙකට කලින් දැක්ක කාර්ටුන් එකක් හරි සිදුවීමක් හරි ඔලුවට එනවා එක පාරටම.ඒ සිදුවීමේ තියෙන්නේ කූඹියෙක් වතුරට වැටිලා ගිලෙන්න හදනවා වගේ දෙයක් නං දරුවට ඒක මතක් වෙලා එක පාරටම එයා අඩන්න ගන්නවා.දැන් එතකොට අම්මා බය වෙනව මොකද මේ හොදට හිටපු දරුවා අඩන්නේ කියලා.ඔයාට හේතුවක් හොයාගන්න විදියක් නෑ.ඒත් දරුවා අඩන්නේ අර කූඹියාව දැකලා එතනින් එයාට මතකයට ආව දුක සිදුවීමක් නිසා.මෙන්න මේ වගේ තමයි එක පාරට හිනා වෙන්නෙ, අඩන්නේ,කෑ ගහන්නේ ,අත් පුඩි ගහලා කැරකෙන්නෙ.
* Mitigation ( මිටිගේශන්)
බබාගේ ඔලුවේ මුලින්ම හැදෙන භාශාව රූප.දෙවනි භාශාව තමයි වචන.මේ මිටිගේශන් කියන්නේ බබාගේ ඔලුවේ කොපි වෙලා තියන වාක්‍ය හෝ වචන කෑලී,සිංදු කෑලි දෙකක් එකට එකතු කරලා කියන එක. දැන් අපි බලමු කොහොමද බබාලාගේ වචන දෙකක් එකතු වෙන්නේ කියලා.
ආච්චි + ගෙදර = ආච්චි ගෙදර
යමු + ආච්චි = යමු ආච්චි
ගෙදර + ආච්චි = ගෙදර ආච්චි
මේ පියවරේදී ව්‍යාකරණ හරියට එකතු කරන් කතා කරන්නේ නැහැ.සිදු වෙන්නේ බබා ඔලුවේ කොපි කරන් ඉන්න සිදුවීම් ,වචන හෝ සිංදු කෑලී එකට එකතු කරන එක.දැන් අර උඩ තියන විදියට බබා කියන්න පුළුවන් ආච්චි ගෙදර / යමු ආච්චි /ගෙදර ආච්චි කියලා.මේකෙන් බබා ඔයාට කියන්න උත්සාහා ගන්නේ ආච්චිලාගෙ ගෙදර යමු කියන එකම හෝ ඊට වඩා වෙනස් දෙයක් වෙන්න පුලුවන්.
බබාට “අම්මා අපි යමු එලියට”කියන අවශ්‍යතාවය හරියට ගළපගෙන කියා ගන්න බැරි නිසා එයා මේ වගේ කෑලි දෙකක් එකට අමුණලා කියන්න පුළුවන්. එතකොට බබාව ඔයා වැඩිපුරම එක්කන් යන තැන සහ ඒකත් එක්ක තව කෑල්ලක් එකතු කරලා එයා කියනවා.
මේක තමයි GLP ක්රමයේ ආකෘතිය. එතකොට මේක තමයි දෙවනි පියවර කියලා හඳුන්වන්නේ.මිශ්‍ර කරගෙන ගළපගන්න එක.එතකොට අපි වටහා ගන්න ඕනේ එකම ස්ටයිල් එකටම මේක වෙන්නේ නෑ කියන එක.සිංදු කෑලි දෙකක් වෙන්න පුළුවන්.බබාට මොන්ටිසෝරි එකෙන් ඇහෙන දේවල් ,එයා බලන වීඩියෝ ,අහන සිංදු ,ඔයා එයාට කියලා දෙන කතන්දර වල කොටස් වෙන්න පුළුවන්.ඒ නිසා තමයි අපි මෙතනිදි බබා අහන,දකින දේවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ කියන්නේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් බබා මොකක්ද මේ කියන්නේ සහ එයා මේ වචන කෑලි කොපි කරගත්තේ කොතනින්ද කියන එක.
…………………………………
ෆ්ලෑශ් කාර්ඩ්ස්.මෙන්න ෆ්ලෑශ් කාර්ඩ්ස් පාවිච්චි කරන ක්‍රමයක් තියනවා.ඔයාට බෑ බබාගේ මූණ ඉස්සරහට කාර්ඩ් පෙන්නලා මේ මොකක්ද ? මේ මොකක්ද කිය කිය අහන්න.ඒ වෙනුවට ඔයා කරන්න ඕනේ රඟපාන එක.ඒ කියන්නේ Body language (අංග චලන සහ ඉරියව්) ගොඩක් වැදගත්.ඔටිසම් බබාලා visual හරහා හිතන අය.ඒ කියන්නේ රූප හරහා.මේ රූප කියන්නේ ෆ්ලෑශ් කාර්ඩ්ස්,පොත්,බයින්ඩර් පොත්ම නෙමේ.ඔයා දරුවා ඉදිරියේ නටලා රඟපාලා ඔයාගේ මූණේ ඉරියව් වෙනස් කරලා කියන වචන ,වාක්‍ය තමයි බබාගේ මොළයේ සම්පූර්ණයෙන් සිදුවීමක් විදියට කොපි වෙන්නේ.ඒකයි බබාලා සිංදු විදියට වචන කියන්නේ සහ ඒ වචන කියනකොට රිදම් එකක් තියෙන්නෙ.මෙන්න මේ රිදම් එක සෑහෙන්න වැදගත්. ඔටිසම් නොවන බබාලගේ මොළයේ තොරතුරු කොපි වෙන විදියට වඩා හාත් පසින්ම වෙනස් විදියට තමයි ඔටිසම් බබාලගේ මොළයේ තොරතුරු කොපි වෙන්නේ.ඔටිසම් බබාලා බහුතරයක් ඇයි මියුසික් වලට කැමති?ඒකට හේතුව තමයි එයාලගේ මොළයට ඉතා ඉක්මනට මියුසික් කෑලි කොපි වෙන නිසා.රිදම් එක තාලය කොපි වෙන නිසා.ඒ නිසා තමයි ඔයා ඔයාගේ බබා එක්ක රිදම් එකකට ඔයාගේ වොයිස් එක උස් පහත් කරලා කතා කරන්න ඕනේ.
ඒ නිසා කතා නොකරන බබාලට ඔයා ෆ්ලෑශ් කාර්ඩ්ස් පාවිච්චි කරනවා නම් තෝරගන්න මුලින්ම සත්තුන්ගේ රූප.සිංහයාගේ රූපය පෙන්නලා දරුවට සිංහලා ගොරවන විදිය කරලා පෙන්නන්න.එයාගේ පස්සෙන් බොරුවට සිංහයා දුවන් යනවා වගේ යන්න.එතකොට බබාගේ ඔලුවේ මේ සම්පූර්ණ සිදුවීම තමයි කොපි වෙන්නේ.අපි මේ හඩ උස් පහත් කරන එකට කියනවා intonation කියලා.
* නිවැරිදිව Gestalt පිටපත් සකසා ගැනීම
මොකක්ද මේකෙන් කියන්නේ? දැන් සමහර අම්මලා කියනවා බබා මම කියන දේවල් වලට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ කියලා.ඒ කියන්නේ කියන වාක්‍ය වලට බබා අවධානය දෙන්නෙ නෑ.ඒ වගේම කොයිතරම් කතා කරත් වචනයක් කියන්නේ නෑ කියලා.
මේකට හේතුව බබාගේ ගැටළුවක් නෙමේ.සමහර විට ගැටළුව තියෙන්නෙ ඔයා බබා එක්ක කතා කරන ක්රමයේ වෙන්න පුළුවන්. අපි සෑහෙන්න අවධානයෙන් ඉන්න ඕනේ බබා බලන දේවල් සහ එයාට ඇහෙන දේවල් ගැන. උදාහරණයක් විදියට බබා බලන ළමා ගීත හෝ ඔයා එයාට කියවන කතා පොත් වලින් කෑලි අරන් තමයි ඔයා බබා එක්ක කතා කරන්න ඕනේ.අපි මේකට කියනවා gestalt modeling එහෙම නැත්තං language modeling කියලා.මේකෙන් අදහස් වෙන්නේ අපි භාෂාව හදනවා කියන එක.උදාහරණයක් එක්ක පැහැදිලි කරගමු.
බබා නිතරම බලනවා කියල හිතන්න වළස් පවුලක කාටුන් එකක්.එතකොට මොනවද මේ වලස් පවුලේ කාටුන් එක ඇතුලේ කතා වෙන දෙබස් කියලා හොදට නිරීක්ශණය කරන්න.වළස් අම්මා පැටියට කියනවා කියලා හිතන්න දැන් නම් ඔයාට බඩගිනී/ ඔයාට මී පැණි ඕනෙද? / වළස් පැංචා දැන් නිදාගන්න යමු වගේ වාක්‍ය.එතකොට ඔයා කරන්න ඕනේ බබාට මෙන්න මේ වාක්‍ය අරන් හරියන විදියට හදලා අවශ්‍ය තැනට කියන එක. බබාට කෑම කවන්න යනකොට ඔයාට කියන්න පුළුවන් ” දැන් නං ඔයාට බඩගිනී වගේ ” කියලා.කාර්ටුන් එකේ දෙබස් කියන රිදම් එකට සමානවම කියන්න.ඒ වගේම නිදා ගන්න යනකොට ඔයාට කියන්න පුළුවන් ” වළස් පැංචා දැන් නිදාගන්න යමු” කියන එක.එතකොට ටක් ගාලා බබාට ඔලුවට යනවා එයා ආස කාර්ටුන් එක සහ ඒ දෙබස පාවිච්චි උන තැන.එතකොට එයා දන්නවා අම්මා මේ කියන්නේ නිදාගන්න යන්න කියන එක කියලා. එතකොට ඔයාට මේක ආයෙ කියන්න පුළුවන් බබාගේ නම එකතු කරලා ” නිතරම ඔරිජිනල් කාර්ටුන් එකේ තියන වාක්‍යම පාවිච්චි කරලා හෙමිහිට ඒක බබාට අවශ්‍ය විදියට වෙනස් කරන්න.
ඒ වගේම දරුවා කරන Play වලට එකතු වෙලා භාෂාව පිටපත් හරහා කතා කරන්න පුලුවන් .
ඔන්න ඔහොම තමයි රූප වලින් හිතන බබාලට අපි සන්නිවේදනයට සහය දෙන්නේ.එතකොට මතක තියාගන්න ඔයා බබාට Visual tools දුන්නේ නැත්තන් බබාගේ ඔලුවේ භාශාව හැදෙන්නේ නෑ.වීඩියෝ ,ළමා ගීත ,ලොකු රූප තියන පොත්, පෝස්ටර්ස්, රඟපාලා පෙන්වන සිදුවීම් වගේ දේවල් බබාට ගොඩක් අවශ්‍ය වෙනවා.හිස් කළයකින් යමක් බලාපොරොත්තු වෙන්න බෑ වගේම දරුවෙක්ගේ මනසේ කොපි වෙන්න වාක්‍ය හෝ දෙබස් නැත්නම් නම් අපිට ඒ දරුවාගෙන් වචන බලාපොරොත්තු වෙන්නත් බෑ.
ඒ වගේම දරුවාගෙ මනසේ භාශාව හැදෙන ක්‍රමය හා වේගය තීරණය කරන්නේ අපි ලබා දෙන සහය වගේම දරුවාගේ මොළයේ ස්නායු විවිධත්වය මත කියන එක අමතක කරන්න එපා.