වර්චුවල් ඔටිසම් / ස්ක්‍රීන් සහ Classical Autism ගැන ලෝකයේ තියන විද්‍යාත්මක දත්ත සහිත නිගමනයන් සහ තහවුරුව මොකක්ද කියලා මම කියන්න යන්නේ.මේක මම ටික කාලයක් තිස්සේ ඉදන් කරපු Study එකක් සහ සෑහෙන්න හෙමින් පිළිවෙළකට කරුණු එකතු කරලා හදපු Summary එකක්.

ඔටිසම් ගැන මේ මොහොතේ( 2024) තිබෙන වටහා ගැනීම තමයි මේ විවිධත්වය නිර්මාණය වීමට බලපාන ප්‍රධාන හේතූන් ජාන මඟින් සහ පාරිසරික සාධක නිසා කියලා.මේ පාරිසරික සාධක කියන්නේ දරුවා ලැබීමේදී මව යම් සංකූලතාවලට මුහුණ දීම වැනි කාරණා මිසක් කෑමබීම හෝ එන්නත් වගේ දේවල් නිසා නෙමේ.මේ හෙතු දෙක අතරිනුත් Genetic predisposition (ජාන නැඹුරුතාවය) කියන හෙතුව ප්‍රධාන සාධයක් ලෙස සැළකෙනවා.

දැන් අපි කතා කරමු ඔටිසම් සහ ස්ක්‍රීන් එක අතර කිසිම සම්බන්ධතාවයක් නෑ කියලා ඔප්පු වුනු ප්‍රධාන රිසර්ච්/ Study මොනවද කියලා.

1) ඇමරිකාවේ ළමා රෝග වෛද්‍ය ඇකඩමිය (American Academy of Pediatrics) විසින් 2019 දී නිකුත් කළ Research වාර්ථාව..

ඔවුන් පැහැදිලිව කියා සිටියා ස්ක්‍රීන් එක දරුවන්ගේ ඔටිසම් විවිධත්වයට හේතුවක් වෙන්නේ නැහැ කියන එක.ඒ වගේම අධිකව ස්ක්‍රීන් එකට නිරාවරණය වීමෙන් යම් යම් සංවර්ධන ගැටළු මතු විය හැකි වුනත් එය ඔටිසම් විවිධත්වය නිර්මාණය වීමට හේතුවක් වෙන්නේ නැහැ කියලා.

2. Jean M. Twenge සහ W. Keith Campbell 2019 දී Psychological Science කියන scholarly journals එකේ Publish කරා එයාලගේ Study එක ස්ක්‍රීන් එක සම්බන්ධව.

දැන් පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම් මේ scholarly journals කියන්නේ මොකක්ද කියන්නේ කියලා.ඒවා අපේ නවලිය ,සිරිකත වගේ පත්තර නෙමේ. ලෝකේ දියුණු රටවල් වල සෑම විශයක් සම්බන්ධයෙන්ම ඒ ඒ විශයන් වල ඉන්න ප්‍රවීනයන් විසින් තමන්ගේ Research සහ නව සොයා ගැනීම් ලෝකයට ඉදිරිපත් කරන්නේ මුද්‍රිත සහ online මාධ්‍ය හරහා. එතකොට වෙනම පිළිගත්ත Medical journals තියනවා ඒවා ඉදිරිපත් කරන්න. එහෙම එකක් තමයි Psychological Science කියන මුද්‍රිත මාධ්‍ය.පසු කාලයේදී ඔවුන් ඒක Online හරහාත් ඕනේම කෙනෙක්ට පරිශීලනය කරන්න අවස්ථාව ලබා දුන්නා.එතකොට මේ රිසර්ච් හොයාගන්න පුළුවන් Twenge, J. M., & Campbell, W. K. (2019). Psychological Science, 30(3), 444-454. යටතේ.මේ හරහා ඔවුන් ප්‍රකාශ කරා අධිකව ස්ක්‍රීන් එකට නිරාවරණය වීම හරහා දරුවන්‍ට නොයෙක් මානසික ගැටළු ඇති වෙන්න පුළුවන්.එහෙත් ඔටිසම් සහ ස්ක්‍රීන් එක අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා.ඒ කියන්නේ දරුවන් ඔටිසම් අන්න්‍යතාවය සහිත වීමට ස්ක්‍රීන් එක හේතුවක් වෙන්නේ නෑ කියලා.

3. Hinkley, T., Carson, එයාගේ කණ්ඩායම සමඟ ස්ක්‍රීන් එක සහ ඔටිසම් පිළිබඳව කරපු රිසර්ච් එක නිකුත් කරා American Academy of Child & Adolescent Psychiatry කියන journal එකේ.ඒ රිසර්ච් එකෙන් පෙන්වා දුන්නේ අධික ස්ක්‍රීන් ටයිම් එකෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු මතු වෙන්න පුළුවන් උනත් කිසිම සාධයක් නැහැ කියලා දරුවන් ඔටිසම් වීම ගැන.

4. Hutton, J. S., & Dionne, J. මේ ගැන Meta-Analysis එකක් කරා.ඒ කියන්නේ නොයෙක් දත්ත එකතු කරා පැති කීපයකින්.එයාලා එ Study එක හරහා පෙන්වා දුන්නා ස්ක්‍රීන් එක දරුවන්ට සමබර විය යුතුයි කියන කාරණය.එහෙත් ඔටිසම් විවිධත්වය නිර්මාණය වෙන්න නම් ස්ක්‍රීන් එක හේතුවක් වෙන්නේ නෑ කියන එක.

5. “The Association Between Child’s Screen Time and Autism Spectrum Disorder” කියන මාතෘකාව යටතේ Huang, C. සහ කණ්ඩායම කරපු රිසර්ච් එක හරහා ඔවුන් පෙන්වා දුන්නා ස්ක්‍රීන් එක සහ ඔටිසම් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා.

මේ වගේ විශාල වශයෙන් පර්‍යේශණ සිද්ධ වෙලා තියනවා ලෝකයේ ස්ක්‍රීන් එක සහ ඔටිසම් අතර සම්බන්ධතාවයක් නැහැ කියන එක ගැන.මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වගේ පර්‍යේශණ සිද්ධ වෙන්නේ ජාන සහ ඔටිසම් අතර ඇති සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරන්න.උදාහරණයක් විදියට ගත්තොත් ඇමරිකාවේ 2019-2020 කාලය අතර මිලියන 400 ක් වැය කරලා තියනවා මේ ජාන සම්බන්ධය මත කෙරෙන පර්‍යේශණ වලට.

දැන් වර්චුවල් ඔටිසම් (Virtual autism) කතාව ගැන ටිකක් කතා කරමු.

මම ඒ ගැන වෙනම පෝස්ට් එකක් දාලා තියනවා ඇයි ඒ තියරි එක සම්පූර්ණයෙන් ෆේලියර් එකක් වෙන්නේ කියලා Facts එක්ක. මෙන්න මේ ” වර්චුවල් ඔටිසම් ” කියන Term එකට එහෙමත් නැත්තන් හැඳින්වීමට විශාල වශයෙන් විවේචන එල්ල වුනා psychology, pediatrics, සහ child development යන ක්ශේත්‍රය වල ඉන්න ප්‍රවීනයන්ගෙන්.හේතුව තමයි ඔටිසම් කියන විවිධත්වය සමඟ පැටලැවීමක් මේ හැඳින්වීම එක්ක සිද්ධ වෙනවා කියලා.ඉතා පැහැදිලිව ඍජුවම සාධක සමඟ මේ තියරි එකට විරෝධය දක්වපු කොටස් කීපයක් ඉන්නවා.

1. American Academy of Pediatrics (AAP)

මොවුන් මේ Virtual autism කියන එක ” Legitimate condition ” එකක් නෙමේ කියලා ප්‍රකාශ කරා. ඒ කියන්නේ තහවුරු නොවූ තත්ත්වයක් කියලා.ඔවුන් ප්‍රකාශ කරා ස්ක්‍රීන් එකට අධිකව නිරාවරණය වීම හරහා දරුවන් සංවර්ධන අභියෝග වලට මුහුණ දෙනවා මිසක් ඒක කිසිසේත්ම ඔටිසම් තත්ත්වයක් නෙමේ කියන එක.ඒක ඔවුන් සඳහන් කරලා තියන වචන වලින්ම කියනවා නම්

Their guidelines emphasize that while excessive screen time can negatively affect child development, it does not cause autism.

2. Centers for Disease Control and Prevention (CDC)

ඇමරිකාවේ CDC විසින් මූලාශ්‍ර ඉදිරිපත් කරලා තියනවා ඔටිසම් විවිධත්වය නිර්මාණය වීමට හේතූන් දක්වලා.ඒකේ දක්වලා තියෙන්නේ ” primarily genetic and biological” කියලා.ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ජාන සහ ජීව විද්‍යාත්මක කියලා. ඔවුන් කිසිසේත්ම මේ වර්චුවල් ඔටිසම් කියන තියරි එකට සහය දෙන්නේ නැහැ.

3. Dr. Ari Ne’eman

මොහු Autistic Self Advocacy ජාලයේ සම ආරම්භකවරයෙක් වගේම ඔටිසම් පිළිබඳව ලෝකය දැනුවත් කරන වෛද්‍යවරයෙක්.ඔහු ඉතා පුලුල්ව මේ වර්චුවල් ඔටිසම් කියන හැඳින්වීම හරහා ඔටිසම් ගැන ඇති විය හැකි දුර්මත වලට විරුද්ධව අරගල කරපු කෙනෙක්.ඔහු ප්‍රකාශ කරේ මෙය ඔටිසම් වටහා ගැනීම වළක්වන්නට හේතුවක් වෙනවා කියලා.

4. Dr. Stephen Shore

ඔහු ඔටිසම් Advocate කෙනෙක් වගේම විශේශ අධ්‍යාපනය සම්බන්ධ මහාචාර්යවරයෙක්.ඔහු මූලිකත්වය ගන්නවා මේ වර්චුවල් ඔටිසම් තියරි එකෙන් Classic Autism ගැන තියන නිවැරිදි දැනීම වෙනස් වෙන්න පුළුවන් කියන මතය ඉදිරිපත් කළ අය අතරින්.ඔහු විශේශයෙන් කියා සිටියා දෙමාපියන් නොමඟ යවන්නට මේ තියරි එක සමත් වෙනවා සහ ඔටිසම් දරුවන්ට අවශ්‍ය සහය සහ පිළිගැනීම ලැබීම මේ හරහා නැති වෙන්න පුළුවන් කියන එක.මේක සම්පූර්ණයෙන් ඇත්තක්.මේ වන විට ඔටිසම් දරුවන්ව වර්චුවල් ඔටිසම් කියන තාවකාලික තත්ත්වය කියලා Misdiagnose කරන වෛද්‍යවරුන් ඉතා බහුලව ලංකාවේ ඉන්නවා.මේක ඉතාම අහිතකර තත්ත්වයක්.

5. Dr. Lisa Shulman (child and adolescent psychiatrist specializing in autism.) 

ඇය Strongly පෙන්වා දුන්වා ස්ක්‍රීන් එක බලපාන්න පුළුවන් දරුවන්ගේ වර්ධනයට.එහෙත් එය කිසිසේත්ම ඔටිසම් වීමට හේතුව නෙමේ කියන එක.

6. Dr. Elizabeth McGhee Hassrick

Dr Elizabeth කියන්නේ රිසර්චර් කෙනෙක් වගේම ළමා සංවර්ධනය ගැන ප්‍රවීනයෙක්.ඇය මතු කරපු කාරණාව වුනේ නියමිත විද්‍යාත්මක සාධක නොමැතිව වර්චුවල් ඔටිසම් වගේ තියරි නිසා වෙන්න පුළුවන් විශාලම හානිය තමයි සමාජයේ ඔටිසම් සහ ස්ක්‍රීන් එක එකට සම්බන්ධ කරගෙන තියන Stigma එක නැත්තන් නිවැරිදි නොවන විනිශ්චය තව දුරටත් වැඩි වීම කියන එක කියලා.

එතකොට මේ හරහා සරළව කියන්න පුළුවන් දේ තමයි මේ වර්චුවල් ඔටිසම් කියන තියරි එකට Scientific community එකේ තිබෙන දැඩි විවේචනය.

දැන් මේ වර්චුවල් ඔටිසම් තියරි එක ගැන කතා කරනකොට අපිට psychologist ලා දෙන්නෙක්ව හම්බෙනවා.ඒ තමයි John P. Wilson සහ Marius Teodor Zamfir. මේ දෙන්නම මේ තියරි එක ගොඩ නගන්න මූලික උනත් මේ දෙන්නා මේ තියරි එක ගොඩ නැඟුවේ එකිනෙකාට වෙනස් පසුබිම් හරහා.එතකොට මේ තියරි එක විවේචනයට සහ ප්‍රතික්ෂේප කරන්න හේතු වුනු කාරණා කීපයක් තියනවා.එකින් එක ඒවා පැහැදිලි කරගමු.

1. Lack of Empirical Evidence ( ප්‍රායෝගික සාධක සහ දත්ත අවමකම) 

මේ වර්චුවල් ඔටිසම් තියරි එකේ තියන ප්‍රධානම ගැටළුව තමයි මේ තියරි එක ගොඩ නැගුවට පස්සේ ඒ සම්බන්ධ අදහස් දැක්වීමට ඒ අදාළ විශය ක්ශේත්‍රයේ පුද්ගලයින්ට මෙය ඉදිරිපත් නොකරපු එක.මේක සරළව පැහැදිලි කරොත් අපි නිකමට හිතමුකො ඔන්න කෘශි කර්මාන්තය කියන විශයට අදාළව කෙනෙක් යම් තියරි එකක් ගොඩ නගනවා කියලා.එහෙම කරලා ඒක එයා ඉදිරිපත් කරන්න ඕනේ කෘශිකර්මාන්තය පිළිබදව රටේ ඉන්න ප්‍රවීනයන් සහ මහාචාර්යවරුන්ට.අන්න එහෙම එකක් මේ තියරි එකේදී සිද්ධ වෙලා නෑ.John සහ Teodor දෙන්නා නිකන් එයාලම තියරි එක ගොඩ නගලා එතනින් එහාට එකේ ගුණාත්මක බව හෝ සත්‍යතාවය පිළිබඳව කිසිවෙක්ට තහවුරුවක් දෙන්න ඉදිරිපත් කරලා නැහැ.

2. Oversimplification of Autism

ඔටිසම් කියන්නේ ස්නායු විවිධත්වයක්.ඒ සම්බන්ධව තියන ජාන සහ පාරිසරක සාධක කියන කාරණා මඟ හැරලා කිසිම අදාලත්වයක් නැතුව ස්ක්‍රීන් එක අරගෙන ඒකට සම්බන්ධ කරන්න ගත්ත සරළ උත්සාහයක් විතරයි මේ වර්චුවල් ඔටිසම් තියරි එක.

3. Reactions from Professionals

 pediatricians, psychologists, සහ researchers.ලා බහුතරයක් විසින් මේ තියරි එක සම්බන්ධව එල්ල කරපු විවේචනයන් වල තියෙන්නේ ස්ක්‍රීන් එක සහ ඔටිසම් අතර වැරදි මතයක් නිර්මාණය කරන්න මේ තියරි එක පාදක වෙනවා කියලා.ස්ක්‍රීන් ටයිම් එක සමබර කරගන්න අවශ්‍යයි කියන එක නිවැරිදි උනත් ස්ක්‍රීන් එක නිසා ඔටිසම් ඇති වෙනවා යන මතය සම්පූර්ණයෙන් වැරදි මතයක් බව ඔවුන් පෙන්වා දුන්නා.

4. Critiques from Autism Advocacy Groups

Autistic Self Advocacy Network (ASAN) වැනි සංවිධාන තර්ක කරා ඔටිසම් කියන ස්නායු විවිධත්වය පිළිබඳව වටහා ගැනීම සම්පූර්ණයෙන් වෙන අතකට හරවන්න මේ වර්චුවල් ඔටිසම් කියන හැඳින්වීම සහිත තියරි එක සමත් වෙලා තියනවා කියන කාරණය.