සන්නිවේදන අසීරූතා සහ සංවේදන සංවේදීතා අභියෝග තියන දරුවන් ඉන්න දෙමව්පියන්ට මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා.

මේ මම ලියන හැම අකුරක්ම පාදක වෙන්නේ Marge Blanc, Alexandria Laris Zachos, / Meaghan Moriarty/ Abby Lynch/Kathryn Arnold /Jessica Teixeira/Kaitlin Mulcahey වගේ අවුරුදු ගණනාවක අත්දැකීම් තියන ඔටිසම් විවිධත්වය පිළිගන්න Neurodiversity-affirming therapy ප්‍රැක්ටිස් කරන Speech Pathologist ලාගේ දැනුම.ඒ නිසා මේ ලියන හැම වචනයක්ම මම එමලිට සහය දෙන්න මේ වගේ තෙරපිවරුන්ගෙන් නොමිළේ සහ යම් මුදලක් ගෙවලා ලබා ගන්නා දැනුම තමයි මම මේ ආයේ ලියන්නේ.

එමලිගේ Visual Sensory / දෘශ්‍ය සංවේදන සංවේදීතාවය ඉතාමත් අධිකයි සහ ශබ්ධ සංවේදන සංවේදීතාවය ඉතාමත් අධිකයි. මේක කොහොමද එමලිගේ සන්නිවේදනයට බලපාන්නේ සහ මම කොයිතරම් අසීරූ ගමනක්ද මේ හෙමින් යන්නේ කියන එක ගැන මම කියන්නම්. එමලිගේ Speech එකට ගොඩක් සහය ලබා ගත්තේ Visuals හරහා. ඒ කියන්නේ වීඩීයෝ , පොත්, රූප , Apps වලින්. බහුතරයක් ඔටිසම් දරුවන් Visuals හරහා තමයි පහසුවෙන් ඉගෙන ගන්නේ. ඒ වගේම play හරහා. ඉතිං මෙන්න මෙහෙම වචන , වාක්‍ය කොපි කරන් ඒවා ප්‍රායෝගිකව භාවිතා කරලා හෙමින් හෙමින් එමලිගේ Speech එකට මම සහය දුන්නා. එමලි එයාගේ වාචික සන්නිවේදනය ගොඩනගා ගන්නේ GLP ක්‍රමය හරහා. ඒ ගැන අපේ වෙබ්සයිට් එකට ගියාම පහසුවෙන් ඔයාලට දැනුවත් වෙන්න පුළුවන්. ඒක සෑහෙන්න වැදගත්.. හේතුව ඔටිසම් දරුවන්ගෙන් 99% ක්ම භාෂාව සංවර්ධනය කරගන්නේ GlP හරහා නිසා.

ඉතිං එමලිගේ ස්නායු සංවර්ධනයත් එක්ක visual සහ Sounds සංවේදන සංවේදීතාවය අධික උන නිසා එමලි තවදුරටත් වීඩීයෝස් Sounds එක්ක බලන එක නතර කරා. Apps පාවිච්චි කරන්නත් බෑ.එතකොට මට Digital device එකක් හරහා තවදුරටත් එමලිට වාක්‍ය ,වචන කොපි කරගන්න සහය දෙන්න බෑ.එතනින් එහාට රූප, පොත් මේ සියල්ලමත් බලන එක නතර උනා. එමලිගේ දෘශ්‍ය සංවේදන සංවේදීතාවයට දරාගන්න පුළුවන් පොත් සහ රූප විතරයි එමලිට බලන්න පුළුවන්. ඉතිං ඒ හරහාත් එමලිට ලබා ගන්න පුළුවන් සහය ඉතාම සීමා සහිත වුනා. මේ වගේ ගොඩක් මාර්ග අපිට සීමා වෙනකොට වෙන්න පුළුවන් නරකම දේ තමයි ශබ්ද සංවේදන සංවේදීතාවය අධික වීම නිසා මම කියන වචන හෝ වාක්‍ය පවා එමලිට දරාගන්න බැරි වීමත් එයා වෙනදා කියපු සමහර වචන කීමෙන් පවා ශබ්ද සංවේදන සංවේදීතාවය අධික නිසා දරාගන්න බැරි වීම. උදාහරණයක් විදියට මේ කාලේ සත්තුන්ගේ නම් එමලිට කියන්න හෝ අහන්න අපහසුයි. හේතුව ඒවා ශබ්ද වෙන විදිය ( ශබ්ධ තරංග) දරාගන්න අපහසු වීම. ඉස්සරම එමලිට ” Z” letter එක අහන්න හෝ කියන්න අපහසුයි ඒක ශබ්ධ වෙන විදිට කනට අමාරු නිසා.

දැන් ඔයාලට පැහැදිලි ඇති හැම ඔටිසම් දරුවෙක්ම එකම අභියෝග වලට නෙමේ මූණ දෙන්නේ සහ අපිට මේ අහියෝග මැද්දේ දරුවන්ට හිරිහැරක් ,පීඩාවක් නොවෙන්න සහය දෙන්න නම් ඔටිසම් විවිධත්වය ගැන කොයිතරම් දැනුවත් වෙන්න ඕනේද කියන එක.

දැන් මම මේ අභියෝග ඔක්කොම ඉදිරියේ Play හරහා සහ ප්‍රායෝගිකව එදිනෙදා ජිවිතයේ අපි එකතු වෙලා කරන දේවල් එක්ක එමලිගේ Speech එකට සහය දෙනවා.එමලිට අපහසු දේවල් ඈත් කරලා පහසු දේවල් හරහා තමයි මම අලුත් වචන , වාක්‍ය හඳුන්වා දෙන්නේ. මම කියන වචනයකට එමලි කන වහගත්තම මම Sorry කියලා ඒ වචනය ආයේ නොකියා ඉන්නවා.මම විතරක් නෙමේ එමලිගේ තාත්තා සහ අක්කත් එමලිට දරාගන්න අපහසු වචන ඇහෙන්නවත් කියන්නේ නෑ. ඒත් ඒ වචනය එමලිට දරාගන්න පුළුවන් උනාම එයාම ඒක කියනවා. දැන් අපිට මේ වගේ අභියෝග වලට මුහුණ දෙන දරුවන්ගෙ සන්නිවේදනයට සහය දෙන්න හැඩයක් සකස් කරගන්න ඕනේ. 

Gestural Communication වලට Real Communication වලට වගේම එක හා සමානව ගෞරව කරන්න ,පිළිගන්න සහ සවන් දෙන්න.

ඒ කියන්නේ දරුවාගේ අංග චලන, මුහුණේ ඉරියව්, ශබ්ධ,හැසිරිම යනාදී සෑම මාධ්‍යකටම සහය දෙන්න. ඒ අතරම දරුවාගේ අංග චලන වලට අදාළ වාක්‍ය කියන්න.උදාහරණයක් විදියට දරුවා අංග චලන වලින් බඩගිනී කියලා කිව්වම ඔයාට කියන්න පුළුවන් ” බඩගිනී/ කෑම කමු ” කියලා. ප්‍රායෝගිකව සෑම Gesture එකකටම වචන හෝ වාක්‍ය සම්බන්ධ කරන්න.එහෙම නැතුව කටින් වචන කියනකල් අවශ්‍ය දේ නොදී ඉන්න එපා. එහෙම කරොත් වෙන්නේ දරුවා පීඩාවට පත් වෙන එක සහ දරුවා gestures හරහා පවා සන්නිවේදනය නොකර ඉන්න එක.

ෆ්ලෑශ් කාර්ඩ්ස්, රූප, පොත් වලට අකමැති නම් ස්වාභාවික පරිසරය Tool එකක් විදියට පාවිච්චි කරන්න. එදිනෙදා ක්‍රියාකාරකම් එක්ක ඒ ක්‍රියාවන් ලේබල් කරන්න.

 උදා – දොර අරින්න, උඩට පනින්න, තව වතුර 

අපි මේවට කියනවා Functional phrases කියලා. ඒ කියන්නෙ දරුවා එදිනෙදා නිතරම කරන දේවල් , දරුවා රිපීට් කරන වැඩ, Routines පාවිච්චි කරලා ඒවා සරලව ලේබල් කරලා හඳුන්වන එක. එතකොට දරුවට දිනපතාම ඇහෙන එකම වචන, වාක්‍ය සෙට් එකක් තියනවා.ඒවා කොපි කරගන්න පහසුයි.මේක තමයි Gestalt language development ප්‍රධානම දේ.මම මෙහෙම තමයි මුලින්ම එමලිගේ Speech එකට සහය දෙන්න පටන් ගත්තේ සහ දැනුත් කරමින් යන්නේ ඒක.

Gestalt වල පළවෙනි පියවරෙ අපි කොහොමටවත්ම මහා දිග වාක්‍ය කතා කියන්නේ නෑ.පොඩි පොඩි වචන ක්‍රියාකාරකම් එක්ක තමයි දරුවට හඳුන්වා දෙන්නේ.ඒ කියන්නේ දරුවා Emotionally සම්බන්ධ වෙන දේවල් එක්ක.කෑම වෙලාව, Play කරනකොට, නාන වෙලාව , නිදාගන්න යනකොට වගේ..

උදාහරණ – 

  • Let’s go
  • All done
  • I want more
  • It’s so fun
  • No more

Visuals භාවිතා කරන්න. දරුවා රූප, පොත්,කාර්ඩ්ස් වලට අකමැති නං අපිට පුළුවන් එයාගෙම ෆොටෝස්, වීඩීයෝ පාවිච්චි කරන්න.

දරුවාගේ Toys, එයා කැමති ස්ටිකර්ස් හෝ ක්‍රියාකාරකම්, Play වගේ දේවල් ෆොටෝස් හරහා පෙන්නලා ඒවා සරළව හඳුන්වා දෙන්න.video modeling කරන්නත් පුළුවන්. ඔයාලා එකට ගියපු Trip, දරුවා Play කරන වීඩීයෝ වගේ ආයෙ එයා එක්ක බල බල ඒවාට අදාළ වචන, වාක්‍ය කියන්න පුළුවන්.

ඒ වගේම අපිට පුළුවන් පීඩනයක් නොදැනෙන්න Real life එකේ ෆොටොස් සහ සංකේත ඇතුළත් කරලා AAC app එකක් හඳුන්වා දෙන්න.

දරුවාට ඒක කරන්න කියලා කියන්නේ නැතුව එයාට පේන්න අපිට පුළුවන් වචන සහ වාක්‍ය Model කරන්න.

දරුවා වඩා ආසාවෙන් කරන දේවල් හරහා වාක්‍ය Model කරන්න.

Play-based modeling තමයි ගොඩක්ම සාර්ථක.

මේ දේවල් කරනකොට දරුවා ඒවාට අකමැති වෙලා නැගිටලා යනවා නම් ඒකත් දරුවා සන්නිවේදනය කිරීමක්. ඒකේ තේරුම දරුවාට ඒ කරන දේ meaningful නෑ කියන එක. එහෙම උනාම බලහත්කාරකමින් ඒ දේ ආයේ ආයේ නොකර දරුවාගේ කැමැත්ත ලැබෙනකල් අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. උදාහරණයක් විදියට මම එමලිට Muppets ලා ගෙනල්ලා දුන්නම එයා ඒවට කැමති උනා. ඒ හරහා මම සරල දෙබස් Model කරා . ඒත් එමලි බෝනික්කන්ට කැමති උනේ නෑ. ඒ නිසා මම බෝනික්කන්ව කොහොමටවත් Language Model කරන්න ගියේ නෑ.ඒත් එයාට දැන් බෝනික්කන් ගැන උනන්දුවක් ඇති වෙලා තියනවා. ඉතිං දැන් මට පුළුවන් බෝනික්කන් එක්ක එමලි Play කරනකොට වගේම එයාට පේන්න මම බෝනික්කන් එක්ක Play කර කර Language model කරන්න.

  • Co-Regulations හරහා Emotional connection එකක් හදාගන්න. මේක හරී වැදගත්. දරුවගේ Stimming අසාමාන්‍ය හැසිරීම් කියලා නොහිතා ඒ Stimming හරහා සම්බන්ධ වෙන්න. දරුවා කටින් නිකුත් කරන Repetitive sounds දරුවා එක්කම කරන්න.
  • Google search හරහාත් අපිට දරුවාගේ සන්නිවේදනය සංවර්ධනය කරගන්න සහය දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට හිතන්න අහසේ ප්ලේන් එකක් යන සද්දේ ඇහෙනවා කියලා. ඔයාට පුළුවන් දරුවගෙන් අහන්න මොකක්ද ඒ සද්දේ? එහෙම කියලා දරුවට Google search කරලා ප්ලේන් එක පෙන්නන්න. මම එමලි එක්ක Daraz, alliexpress වගේ සයිට් වලට ගිහින් ඒ Toys පෙන්නවා. ඒවගේ දේවල් වලට දරුවා උනන්දු වෙන්න පුළුවන්. ඒ පෙන්නන ගමන් Language model කරන්න. මේකෙන් Type කරලා තමන්ට සන්නිවේදනය කරගන්න පුළුවන් කියන තව ක්‍රමයක් අපි දරුවාට හඳුන්වා දෙනවා.
  • Musical සහ Rhythmic Phrases හරහා සහය දෙන්න. අපි ඒකාකාරීව කියන වාක්‍ය වලට වඩා රිදම් එකක් එක්ක කියන වාක්‍ය වලට දරුවන් ප්‍රතිචාර දක්වනවා වැඩී. ඒ නිසා Melody එකක් එක්කම සරල වාක්‍ය කියන්න. Repetitive Routines පාවිච්චි කරලා ඒවට සරළ සිංදු හදලා කියලා.සිංදු හදනවා කියන්නෙ දිගට නෙමේ. ඒක උපරිම සරල සහ කෙටි වෙන්න ඕනේ

🎵 “It’s time to play!”

🎵 “Let’s go outside!”

🎵 “Oh no! It’s gone!”

මෙහෙම කියන අතරේ අංග චලන පාවිච්චි කරන්න.

මේ හදාගන්න පිටපත් දවසින් දවස වෙනස් කරන්න එපා. එක play එකකට හෝ Routine එකකට හදන පිටපත වෙනස් කරන්න එපා.අපි ඒවා වෙනස් කරන්නේ දරුවා ඒ වාක්‍ය කියන්න ගත්තම.

  • වීඩීයෝ Journal එකක් තියාගන්න. ඒත් එක්කම දරුවගේ කෙටි වීඩීයෝ අම්මගේ Voice එකෙන් voiceover කරලා හදාගන්න. උදාහරණයක් විදියට බබා ඔංචිල්ලාවක් පදින කෙටි වීඩීයෝ එකක් නං ඒකට ඒ කරන ක්‍රියාව ” We’re swinging / Go fast / So fun වගේ Voice කරලා බබාට පෙන්නන්න.
  • වාක්‍ය වලට Emotions එකතු කරන්න. දරුවා හිනා වෙනකොට හේතු දන්නවා නැතා හෝ අම්මටත් හිනා වෙලා “So funny” කියලා කියන්න පුළුවන්. මේ වගේ Core words පාවිච්චි කරන්න .
  • වැදගත්ම දේ තමයි කිසිම වෙලාවක අයි කන්ටැක් වලට බල නොකිරීම. අපි කියන දේට ඇහුම් කන් දෙන්න හෝ අවධානය දෙනවා කියන එක පෙන්වන්න දරුවා අපේ මූණ දිහා බලන්නම ඕනේ නෑ . Stimming වලට සහය දෙන්න.

මේ පහළ තියන Resources බලන්න :

Neurodivergent_Lou

Meaningfulspeech

මුල් සබැඳිය : බලකිරීම් වෙනුවට සංවේදී සහයෝගය