Gestalt ක්‍රමයට භාශාව හැදෙන දරුවන්ගේ පියවරල් විදියට තමයි භාශාව සකස් වෙන්නේ. හරියට අපි වෙසක් කූඩුවක් අලනවා වගේ. එතකොට අපිට බැහැ මේ වෙසක් කූඩුවේ සැකිල්ල හදාගන්නේ නැතුව සව් කොළ අරන් රැළි කපලා සරසන්න. ඒ වගේ තමයි දරුවාගේ සන්නිවේදනය ක්‍රමයෙන් පියවරින් පියවර ගොඩ නැගෙන තුරු දෙමව්පියන් ඉවසීමෙන් සහය දීම ඉතාම වැදගත්.

දැන් දරුවෙක් එක්ක පිටපත් හදාගෙන වාක්‍ය කීම ඉතා වැදගත්. උදාහරණයක් විදියට දරුවට බිස්කට් එකක් දෙනකොට එකම වාක්‍ය භාවිතා කරන්න පුලුවන්. ඒ වාක්‍යම බබාගේ සන්නිවේදනයේ ඊළඟ පියවරදී වෙනස් කරලා තවත් වචන එකතු කරලා දික් කරන්න පුලුවන්.

1) මට බඩගිනී

2) බිස්කට් දෙන්න.

3) බිස්කට් එක රසයි

4) බිස්කට් එක රවුම්

5) දුඹුරු පාට බිස්කට් එකක්

6) චොක්ලට් රස බිස්කට් එකක්

මේක තමයි අපි Language Model කරනවා කියන්නේ සහ Script එකකට කතා කරනවා කියන්නේ. දරුවා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් පියවරට ආවහම අපිට අහන්න පුළුවන් 

1) ඔයාට තව බිස්කට් ඕනෙද?

2) ඔයාට බඩගිනීද?

3) මේ බිස්කට් එකේ හැඩය මොකක්ද ?

4) මේක රසයිද? 

play හරහා කොහොමද දරුවගේ භාශාව Improve කරන්නේ? අපි සාමාන්‍යයෙන් බබාලා හුරතල් කරනකොට එක එක දේවල් හදාගන්නවා. එක්කෝ ඔන්න සිංහයෙක් වගේ රඟපාලා එයාව වඩාගෙන දුවනවා වෙන්න පුළුවන් . එහෙම නැත්තන් කිති කවනවා වෙන්න පුළුවන්. මේ වගේ අපි කරන්න ඕනේ Play හදාගෙන ඒ play එකට Script එකක් හදාගන්න එක.

 බබාලා එදිනෙදා කරන ක්‍රියාවන් එක්ක නිවැරිදි වාක්‍ය පිටපත් හදාගන්න. උදාහරණයක් විදියට ඔටිසම් දරුවෙක් එයාගේ සංවේදන අවශ්‍යතාවයක් නිසා හෝ මනස සන්සුන් කරගැනීම නිසා ගෙදර ෆ්‍රිජ් එක අරිනවා වහනවා කියලා හිතන්න. එතකොට මෙන්න මේ ක්‍රියාවට Language Model කරලා පිටපත් හදන් වාක්‍ය කියන්න අපිට පුලුවන් . 

  • Open and shut (Nursery rhythm එකක කොටසක්) 
  • මට සීතලයි
  • ලොකු තක්කාලි/ පොඩි දෙහි 
  • සැර මිරිස්
  • වතුර බෝතලේ සීතලයි
  • මොනවද ඇතුලේ තියෙන්නෙ? 
  • දැන් ෆ්‍රිජ් එක වහන වෙලාව
  • බයි බායි ..ආයේ එන්නම්

මේ වගේ හැම දෙයක් එක්කම Scripts හදාගන්න පුළුවන්.

එතකොට ප්‍රශ්නයක ආකෘතිය හදුන්වාදෙන පියවරේ  බබා ඉන්නවා කියලා හිතනවා නම් මුලින්ම පටන් ගන්න පුළුවන් ප්‍රශ්නය සහ පිළිතුර දෙකම එකට අපිම දීලා.

  • මේ මොකක්ද ? මේක බෝලයක්
  • අද දවස මොකක්ද ? අද ඉරිදා 
  • චොක්ලට් එක රසද? ඔව් රසයි.

මේ විදියට අපිට පුළුවන් ප්‍රශ්නෙක ආකෘතිය දරුවාට හදුන්වා දෙන්න. සැලකිලිමත් වෙන්න ඕනේ මෙහෙම ඒ ඒ අවස්ථාවට හදාගන්න Scripts වෙනස් නොකර ඉන්න. අපි ඒවා වෙනස් කරන්නේ බබාගේ භාශාව හැදෙන පියවරවල් එක්ක. 

———

Gestalt language processing කියන්නේ සම්පූර්ණයෙන් විශාල විශයක්.මේ ගැන තියන අත් පොත් විදියට සළකන්නේ Marge blanc ගේ “Natural language acquisition on the autism spectrum” කියන පොත. කිසියම් කෙනෙක්ට ඔටිසම් දරුවන්ගේ භාශාව හැදෙන්නේ කොහොමද කියන එක ගැන තවත් Study කරන්න ඕනේ නම් මේ පොත Amazon එකෙන් මිලදී ගන්න පුළුවන් .