ඔටිසම් දරුවන් තොරතුරු ලබාගෙන ඒ තොරතුරු මොළයේ කළමනාකරණය කරගෙන ප්‍රතිචාර දක්වන හැඩය මේ වීඩීයෝ එකෙන් පෙන්නලා දීලා තියනවා . අපි නිතරම කතා කරනවා ඔටිසම් දරුවන්ගේ ස්නායු විවිධත්වය ගැන. ඒත් ඒවා මතුපිටින් කියවලා තේරුමක් නැහැ ප්‍රායෝගිකව දරුවාව වටහාගෙන දරුවාට සහය දෙන්න ඒවා පාවිච්චි කරන්නේ නැත්තන්. මේ තෙරපිවරිය දරුවගෙන් අහනවා ” ඔයා කැමතිම ග්‍රහලෝකය මොකක්ද ” කියලා. ඒකට උත්තරය දෙන්න දරුවා තත්ත්පර 40ක වෙලාව ගන්නවා. දරුවට ඒ ප්‍රශ්නය වටහාගෙන උත්තරය වාචිකව ප්‍රකාශ කරගන්න ගත වෙන කාලය මේ තෙරපිවරිය ලබා දෙනවා.කිසිම බාධාවක් කරන්නෙ නෑ. දරුවගෙන් නොනවත්වා ප්‍රශ්න කරන්නේ නෑ. දරුවව ඉක්මන් කරන්නේ නෑ. මේක තමයි සෑම දරුවෙක්ගේම හැඩය වටහාගෙන පීඩාවක් නැතුව සහය දෙන ක්‍රමය. මේ ඉවසීම සහ වටහාගැනීම දරුවාගේ වාචික සන්නිවේදය සංවර්ධනය කිරීමේ ඉඳන් දැනුම ලබා දීම සහ ඉන් එහාට දරුවාගෙ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනකල් අදාළයි.

මේ වීඩීයෝ එකේ පෙන්වන ඒ නිහැඬියාව තමයි වැදගත්ම කොටස. ලංකාවේ ගොඩක් වෙලාවට වෙන්නේ මේකේ අනික් පැත්ත. දරුවාගේ සන්නිවේදනය දියුණු කරන්න වැඩිහිටියන් නොනවත්වා කතා කිරීමේ සිට උදේ ඉදන් දරුවාට නොනවත්වා ඇක්ටිවිටීස් කරවීමේ ඉඳන් බලහත්කාරකමින් ඉගැන්වීමට උත්සාහ කිරීම දක්වා සියලුම දේ වෙන්නෙ වැඩිහිටියාගේ උවමනාවට මිසක් දරුවාව වටහා ගෙන , දරුවාගේ විවිධත්වයට ගෞරව කරල නෙමේ. ඔටිසම් දරුවන්ට තොරතුරු මනසේ කළමනාකරණය කරගන්න ගත වෙන කාලය අපි ලබා දෙන්න ඕනේ.විශේශයෙන් මානසික සහනය. පීඩාවක් , බලකිරීමක් නැති පරිසරයක් ඇතුළේ දරුවාට කුසලතා සංවර්ධනය කරගන්න පහසුයි වගේම තමන්ගේ අභියෝග වලට මූණ දෙන්නත් පහසුයි.

මුල් සබැඳිය : තොරතුරු මොළයේ කළමනාකරණය කරගෙන ප්‍රතිචාර දක්වන හැඩය