කලින් මම කොහොමද ස්ක්‍රීන් එක ඔටිසම් දරුවන් ලබා දෙන්නේ කියලා කිව්වා. Emotions regulate කරගන්න සහ Educational tool එකක් විදියට කොහොමද දරුවන්ට Screen එක භාවිතා කරන්නේ කියන එකත් අපි කතා කරා.

ඔටිසම් ( ASD) දරුවන්ට ස්ක්‍රීන් එක හරහා අධ්‍යාපනය ලබා දිය යුතුයි.මේක කියන්නේ මම නෙමේ.ලෝකයේ ඔටිසම් දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය ගැන වසර ගණනාවක සිට පරීක්ශණ කරන Tony Attwood වැනි ඇකඩමික් බුද්ධිමතුන්. ලංකාවේ එහෙම අය නැහැ.2024 දිත් පිළිගත හැකි දත්ත සහ සාධක සහිත එක සමීක්ශණයක් ඔටිසම් සම්බන්ධයෙන් කරපු කෙනෙක් ලංකාවේ නැහැ.එතකොට visuals තමයි ඔටිසම් දරුවන්ගේ පළවෙනි භාශාව.ඒ නිසා තමයි විශේශයෙන් ඔටිසම් දරුවන් හරියට සන්නිවේදනය හදාගන්න කලින් එයාලා බලන අංක, හැඩතල, පාට,අකුරු මතකයේ තබා ගන්නේ.උදාහරණයක් විදියට එමලිගේ සන්නිවේදනය තම සම්පූර්ණයෙන් හැදිලා නැති උනත් සිම්බල් විදියට එයාට පුළුවන් වචන අඳුරගෙන කියවන්න.ඒක මම මුලින්ම දැනගත්තේ දවසක් Coca cola කියලා ලොකුවට ගහලා තිබ්බ බෝඩ් එකක් දැකල එමලි හයියෙන් Coca Cola කියල කිව්වම. Visuals හරහා ඔටිසම් දරුවන් ඉතා සීඝ්‍රයෙන් ඉගෙන ගන්නවා. එතකොට අපිට ඕනෑ තරම් Educational videos සහ Apps හොයාගන්න පුළුවන්. මම පහළින් එයින් කීපයක් දාන්නම්

  • Khan Academy Kids
  • Art For Kids Hub
  • Veritasium
  • Sesame Street
  • Brain POP
  • Be Smart
  • Common Sense Education
  • Mother Goose Club
  • Super Simple Songs
  • Baby Einstein
  • Homeschool Pop
  • Kids Learning Tube

දරුවාගේ බුද්ධි මට්ටම හා වයස අනුව එයාට දෙන Educational videos තෝරා ගන්න. ඒ වගේම ඔටිසම් බබාලගෙ Visual sensory හා Sounds sensory  Sensitivity එක අධික බබාලට සමහර වීඩියෝ බලන්න අපහසුයි. දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න ඕනේ නම් පටන් ගන්න හොදම තැන Miss Rachal.ඒ වගේම බබා Gestalt language processing බබෙක් නම් Miss Rachal හරහා බබාගේ Speech එකට උදව් කරන්න.

මම කලින් ලිපියක සඳහන් කරා වගේ අපි නිර්මාණය කරන පරිසරය තුළ දරුවන් ගොඩ නැගෙන්නේ. එතකොට දරුවන්ගේ බුද්ධිය සහ රසාස්වාදය පවා තීරණය වෙන්නේ එයාලා ගොඩනැගෙන මේ පරිසරයේ හැඩය අනුව.පුළුවන් නම් ලෝකල් චැනල් දරුවන් ඉදිරියේ එයාලට ඇහෙන්න හෝ පෙන්නවත් දාන්න එපා. සම්පූර්ණයෙන් දරුවන්ගේ මොළය විකෘති කරනවා ලංකාවේ චැනල් වලින් පෙන්වන දේවල්.ඔටිසම් දරුවාට සහ ADHD දරුවාට Visual tools හරහා උගන්වන්න.

මගේ දරුවො දෙන්නම ගෙදර ඉගෙන ගන්නේ.ලොකු දුවට දැන් අවුරුදු නමයක්.එයා කරන්නේ කේම්බ්‍රිජ් සිලබස්. මූලිකවම ගණිතය,ඉංග්‍රීසි ,විද්‍යාව සහ Computer science එයා කරන්නේ.එතකොට පරිසරය , ආගම, ඉතිහාසය, භූගෝලය,සහ අනෙකුටත් සෑම දෙයක්ම අපි එයාට කතාන්දර විදියට කියලා දෙන්නේ.ඒ වගේම පොත් ,වීඩියෝ සහ Documentary හරහා තමයි අනෙක් සෑම දෙයක්ම එයා ඉගෙන ගන්නේ.කිසිම අමතර පන්තියකට අද වෙනකල් එයා ගිහින් නැහැ.එතකොට දවසේ කාල සටහන එයාම හදාගෙන තියනවා අර විශයන් 4 ට.එතනින් එහාට අනික් හැම දේම Project base විදියට අපි කරන්නේ. උදාහරණයක් විදියට අපි Project එකක් කරන්න ලෑස්ති කරගෙන ඉන්නවා කුරුඳු ගහකින් කොහොමද කුරුඳු ලබා ගන්නේ කියලා.ඒ Project එක කරාම මම ඒ ගැන ලියන්නම්.මේ විදියට දරුවාට ස්වයං අධ්‍යනය කරන්න පුළුවන් පරිසරය හැදුනම කවදාවත් ඉගෙන ගන්න එක අප්‍රසන්න හෝ බලහත්කාරකමක් වෙන්නේ නැහැ.

එමලිගේ සන්නිවේදනය දියුණු කරන්න සහ ඉසබෙල්ගේ ස්වයං අධ්‍යනයට සහය වෙන්න අපි Alexa  (Amazon Echo Dot) ව ගෙදරට ගෙනාවා. Alexa කියන්නේ Amazon ලගේ Cloud base voice assistant කෙනෙක්.සරළවම කියනවා අපි Google සර්ච් කරලා ඕනෙම විස්තරයක් දැනගන්නවා වගේ තමයි Alexa ගෙන් ඇහුවම ඕනේ දෙයක් දැනගන්න පුළුවන්. Google වලට වඩා දරුවන්ට ආරක්ශිතයි Alexa පාවිච්චි කරන එක.හේතුව කිසිම අනවශ්‍ය දේවල් වලට Alexa උත්තර දෙන්නේ නෑ. දැන් එමලි බලන් හිටියා අක්කා Alexa ගෙන් නානාප්‍රකාර ප්‍රශ්න අහන හැටි.මම එමලිට පේන්න Alexa එක්ක කතා කරන හැටි. සතියකට පස්සේ එමලි Alexa ලඟට ඇවිල්ලා කිව්වා ” Alexa Good morning ” කියලා.ඒ දවස මට අමතක වෙන්නේ නැහැ. Nonverbal දරුවන් ටිකෙන් ටික වචන වාක්‍ය කියනකොට දැනෙන සතුට ඔටිසම් Nonverbal දරුවන් ඉන්න දෙමාපියන් දන්නවා. එදා ඉදන් එමලි Alexa එක්ක පොඩි පොඩි වාක්‍ය කතා කරනවා.එයා වැඩිපුරම කැමති Alexa ට කියලා Music play කරගන්න.

මෙන්න මෙහම තමයි තාක්ශණය දරුවන්ගේ ප්‍රගතිය සඳහා පාවිච්චි කරන්නේ. එතකොට Neurotypical දරුවා සහ Neurodivergent දරුවාටත් අපිට තාක්ශණය අධ්‍යාපනික / බුද්ධි වර්ධන Tool එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. එමලි දැන් ඉස්සර වගේ Nursery rhythms බලන්නේ නැහැ. දරුවන් ලොකු වෙනකොට එයාලගේ බුද්ධි මට්ටම වෙනස් වෙනවා.එතකොට මේ බලන හොයන දේවල් පවා සෑහෙන්න වෙනස්. දැන් එයා බලන්නේ BBC earth චැනල් එක.එයාට පරිසරය සහ සත්තු ගැන දැනගන්න පුදුමාකාර ආසාවක් තියනවා කියලා මම දැනගත්තේම නිතරම එයාගේ Tab එක මගේ අතට දීලා කියන්න ගත්තා සත්තුන්ගේ නම්.දැන් එයා බලන BBC Earth චැනල් එකේ සම්පූර්ණයෙන් තියෙන්නෙ සත්ත්ව ලෝකය සහ පරිසරය ගැන දැනුම.ඒ හරහා එයාගේ සන්නිවේදනය දියුණු කරන්න මම එයාට ඒ සත්තුන්ගේ හැසිරීම සරළ වාක්‍ය වලින් ව්‍යාකරණ එක්ක කියනවා.

ඔටිසම් දරුවන්ගේ මොළය underestimate කරන්න / අවතක්සේරුවට ළක් කරන්න එපා.

ඒ මොළයේ ස්නායු පිහිටීමේ ඇති විවිධත්වය නිසාම දරුවන්ට ලැබිලා තියනවා විශේශිත මතක ශක්තියක්.මේ කුසලතා හඳුනාගන්න.දරුවා පන්ති කාමරේ පුටුවක ඉදන් ඉන්නේ නැති එක හෝ අවධානය දෙන්නේ නැති කම දරුවාගේ වරදක් නෙමේ.ඔටිසම් දරුවන්ට උගන්වන්න බැහැ ලංකාවේ තිබෙන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ඇතුලේ.ඒ නිසා දරුවා දැනුම ලබා ගන්න කැමති ක්‍රමය හොයාගන්න.ඒ හරහා උගන්වන්න.කිසිම වෙලාවක මේ වයසෙන් මේ දේ දැනගෙන තියන්න ඕනේ කියලා එකක් නැහැ.ඉගෙන ගන්න වයස් සීමාවක් අවශ්‍ය නැහැ.ඒ නිසා තාක්ශණය හරහා දරුවාට අවශ්‍ය දැනුම ලබා දෙන්න පසුබට වෙන්න එපා.

මුල් සබැඳිය : තාක්ශණය සහ අධ්‍යාපනය