මම ඔටිසම් දරුවන් Visual Learners ලා සහ ඒ දරුවන් Screen එක හරහා ලබා ගන්නා Benefit ගැන මීට කලින් කතා කරා. ඒ වගේම මම පැහැදිලි කරා ස්ක්‍රීන් එක Educational tool එකක් විදියට කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. එතකොට මම මේ වීඩියෝ එක හරහා ඔයාලට ඒක තවත් පැහැදිලි කරන්න යන්නේ. මට Technophobia තත්ත්වය නැහැ. ඒ කියන්නේ තාක්ශණයට අධිකව බය වෙන එක.ඒත් ලංකාවේ බහුතරයකට මේක තියනවා. ඒකට හේතුව තාක්ශණය පාවිච්චි කරන්නේ දන්නේ නැති කම.එතකොට දරුවෙක්ට තාක්ශණය හරහා උගන්වන්න සහ දැනීම ලබා දෙන්න වගේම දරුවාගේ Fine motor skills වර්ධනය කරන්නත් දරුවාගේ ඉවසීම සහ සන්සුන් කම පුහුණු කරන්නත් අපිට පුළුවන්. එකම දේ අපි නිවැරිදිව ඒක කරන්නේ කොහොමද සහ මොන වගේ Apps හෝ Games හරහාද කියන එක ගැන දැනුවත් වෙන්න ඕනේ.

එමලිට අවුරුදු හයයි. එමලිගේ භාශාව වගේම එයාගේ දැනුම වර්ධනය කරන්න,එයාට උගන්වන්න මම එක එක Fun ක්‍රම පාවිච්චි කරනවා. ඒ කිසිම ක්‍රමයක් හරහා එමලිට පොඩි පීඩාවක්වත් දැනෙන්නේ නැති වෙන්න මම වග බලා ගන්නවා. පුටුවේ බලෙන් ඉන්දවලා කිසිම ඇක්ටිවිටි එකක් අපි කරන්නේ නෑ. සරළවම කියනවා නම් ඇක්ටිවිටීස් කියන්නේ Play.එතකොට දරුවා Play කරනකොට ඒ හරහා තමයි අපි එයාට දැනුම ලබා දෙන්නේ වගේම සන්නිවේදනය දියුණු කරගන්න සහය දෙන්නේ.

ඔයාලට පේනවා මේ වීඩියෝ එකේ Emily කරන්නේ මොකක්ද කියලා. එයා චිත්‍රයක් පාට කරනවා. මේකේ විශේශත්වය තමයි මේ චිත්‍රය Puzzle එකක්.ඒකේ සෑම කුඩා කොටසකටම අංකයක් තියනවා.මේ අංකයට අදාළ පාට පහතින් තියනවා.එතකොට එමලිට කරන්න තියෙන්නෙ Puzzle එකේ තියන අංකයට අදාළ අංකයේ පාට හොයලා මේ චිත්‍රය පාට කරන්න.මේකෙන් වැඩ ගොඩක් වෙනවා.එකක් දරුවා අංක තවත් හොදින් මතකයේ තබාගන්නවා සහ ඉගෙන ගන්නවා.ගළපන්න හුරු වෙනවා. සන්සුන්කම පුහුනු වෙනවා.එක දෙයකට මනස තබාගෙන ඉන්න හුරු වෙනවා.ඇඟිලි ඉතා කඩිසරව එහා මෙහා ගෙනියන්න හුරු වෙනවා. ඒ වගේම මේක එක්තරා විදියක Memory game එකක්. ඒ වගේම Emotions regulate කරගන්න පුරුදු වෙනවා. ගොඩක් අය දන්නව ඔටිසම් බබාලට Puzzles වල පොඩි කොටසක් හරි සෙට් කරගන්න බැරි උනොත් හරියට මනස කළබල වෙනවා කියන එක.මේක වෙන්නේ එයාලට තමන්ට දැනෙන හැඟීම් දරාගන්න බැරි වීම.එතකොට ලංකාවේ වෛද්‍යවරුන් හා තෙරපිවරුන් කියන්නේ Puzzles දෙන්න එපා කියලා. වරද තියෙන්නෙ Puzzles වල නෙමේ. අපි කරන්න ඕනේ දරුවාට උගන්වන එක හැඟීම් දරාගන්න.එතකොට මුල් කාලයේ එමලිට Puzzle කෑල්ලක් එහා මෙහා උනොත් හරියට මනස කළබල වෙනවා.ඒ වෙලාවට මම කරන්නේ Calm down කියලා 1 ඉදන් 10 ට ගණන් කරන එක.ඊට පස්සේ පස්සේ මම එයාගෙන් අහන්න පටන් ගත්තා ඔයාට අම්මගේ Help එක ඕනෙද කියලා.මේ විදියට එයා හුරු උනා ඉවසීම.

මේ චිත්‍රය එහෙම නැත්නම් Puzzle එක සරළ නැහැ.සංකීර්ණ එකක්.තනි රූපයක් නෙමේ තියෙන්නෙ.නොයෙක් අංග තියනවා නත්තල් ගහත් එක්ක.එතකොට කුඩාම කොටසට පවා අංකයක් තියනවා.එකම අංකය තැන් ගොඩක තියනවා.බලන්න එමලි ඒ හැම අංකයක්ම හොය හොයා Screen එක Zoom කර කර ආයේ Zoom Out කරගෙන ඉවසීමෙන් චිත්‍රය සම්පූර්ණයෙන් පාට කරන විදිය.මම නිතරම එයාට බාධාවක් නොවෙන්න තමයි ලගට වෙලා ඉන්නේ.අවශ්‍ය තැනදි මම එයාට අංක ආයේ නම් කරනවා.පාට නම් කරනවා.Help එකක් ඕනේද අහනවා.මේ වගේ ඕනෑම Play එකක් හරහා දරුවා එක්ක එකතු වෙන්න අපිට පුළුවන්.

ඉතිං මට අවශ්‍ය උනේ ඔයාලට කියන්න තාක්ශණය කියන්නේ යකෙක් නෙමේ. අපි මේ තාක්ශණය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් වෙන්න ඕනේ. දරුවාට ලබා දිය යුත්තේ මොකක්ද සහ දරුවාගෙන් ඈත් කර යුත්තේ මොනවාද කියන එක තෝරගන්න. ඔටිසම් බබාලා ගොඩක් Intelligent. ඒ වගේම ඔවුන් ඉගෙන ගන්නේ Visuals හරහා.මෙන්න මේ කාරණා දෙක මතකයේ තියාගෙන දරුවන්ට අධ්‍යාපනය සහ දැනුම ලබා දෙන්න.