බහුතරයක් ඔටිසම් / ADHD දරුවන්ට ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමය සහ පාසල් සැකැස්ම, ඉගැන්වීමේ ක්‍රමය දරාගන්න අපහසුයි. ඒකට හේතුව ඔටිසම් දරුවන්ගේ ස්නායු පිහිටීම , අවශ්‍යතා ඔටිසම් නොවෙන දරුවන්ට වඩා වෙනස් වීම. ඉතා හොඳින් , උනන්දුවෙන් සහ කැමැත්තෙන් අධ්‍යාපනය ලබන දරුවෙක්ට තමන්ගේ සංවේදන අවශ්‍යතා සම්පූර්ණය නොවීම, පාසල් පරිසරය දරාගැනීමට නොහැකිවීම, උගන්වන ක්‍රමය නොගැළපීම වගේ කාරණා නිසා ඉතා ඉක්මනින් පීඩාවට පත් වෙන්න සහ Autistic burnout තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසයි ඔටිසම් දරුවන් කොටසක් මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ තමන්ගේ කුසලතා සංවර්ධනය කරගන්න කොට තවත් කොටසක් අතරමං වෙන්නේ.
එමලිට Homeschooling කරනවා කියන එක පොඩ්ඩ්ඩක්වත් අසීරු දෙයක් නෙමේ. මම කරේ උගන්වනවා වෙනුවට ඉගෙන ගන්න, කැමැත්තෙන් දැනුම හොයාගෙන යන්න පරිසරයක් නිර්මාණය කරපු එක. ඒත් එක්කම එමලිගේ දැනීම සංවර්ධනය වෙන හැඩයට අනුපාතව එයාට දැනුම ලබා ගන්න අවශ්‍ය මූලාශ්‍ර ලබා දීම.උදාහරණයක් විදියට මම කිසිම වෙලවක ආගම, ඉතිහාසය වගේ පැති ගැන දැන්ම එමලිට දැනුම දෙන්න උත්සාහ කරන්නෙවත් නෑ.හේතුව එමලිට තාම ඒවා වටහාගන්න අපහසු නිසා. එයා වැඩි උනන්දුවක් දක්වන්නේ Letters ,Numbers , Puzzles ,රූප ගැළපීම, සත්තු, පුද්ගල සම්බන්ධතා වගේ පැති ගැන. එමලිගේ දැනීම වර්ධනය වෙන්න වෙන්න තමයි මම හෙමින් ඒ ඒ පරාසයන්ට අදාළ දැනුම එමලිට ලබා දෙන්නේ.
මම එමලිට දැනුම දෙන්නේ Play, Visuals සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක. කිසිම වෙලාවක පොතක් අරන් මේක දැන් කරන්න ඕනේ, ඔයා දැන් අකුරු ලියන්න ඕනේ කියලා එමලිට උගන්වන්න මට බැහැ. එක හේතුවක් තමයි මම පුද්ගලිකව විශ්වාස කරනවා සුළු බලහත්කාරකමක් හරි පීඩනයක් හරි දරුවට දැනුනම දැනුම හොයාගෙන යන්න තියන උත්තේජන නැතිවෙනවාය කියලා.අනික් පැත්තෙන් මම සහය දෙන්න self learning වලට. ඒ කියන්නේ මම දරුවාට කුතුහලය සහ විනෝදය දැනෙන විදියට දැනුම ලබා ගන්න මූලාශ්‍ර දුන්නම එතනින් එහාට දරුවා ස්ව කැමැත්තෙන් ඒ මූලාශ්‍ර පාවිච්චි කරලා තමන්ගේ නිදහස ඇතුළේ බල කිරීමකින් තොරව දැනුම හොයාගෙන යන එක . ඉතිං දැන් එමලි ඉගෙන ගන්නේ ස්වාධීනව.සහය අවශ්‍ය තැන් වල එයා සහය ඉල්ලා හිටිනවා. එතනින් එහාට පොතක් බලලා ඒ පොතේ රූප බලලා මොකක්ද කරන්න තියෙන්නේ කියලා තේරුම් අරන් එමලි එයාගේ පාඩුවේ වැඩිහිටියන්ගේ බලපෑමක් නැතුව ඒ ටික කරනවා.
ඊයේ රෑ 9 ට කිට්ටු කරලා එමලි එයාගේ පොත් මේසෙන් එයා කැමති පොතක් අරන් කුස්සියේ මේසේ ළඟට ඇවිල්ලා ඉඳගෙන රෑ 10 කිට්ටු වෙනකල් ඒ සම්පූර්ණ පොතම ඉවර කරා. මම කරේ ළඟට වෙලා ඉඳන් හිටපු එක.උදව්වක් ඕනේ උනාම මගේ අත අරන් පොතේ අදාළ තැනට එමලි Point කරනවා.එතකොට මම කියනවා කරන්න තියන දේ. සමහර වෙලාවට එමලි එයාට කැමති දේ පොතේ කරනවා. උදාහරණයක් විදියට ඔය පොතේ තියනවා කොටු ගාණක් පාට කරන්න කියලා කොටු නමයක රූපයක්. එමලි ඒකේ මොකක්ද කරන්නේ කියලා මම බලන් හිටියා. එමලි කරේ ඒ කොටු ටික පාවිච්චි කරලා Tick tac toe ගේම් එකක් ඇඳපු එක.මම කිසිම වෙලාවක එමලිට කියන්න ගියේ නෑ ඕක නෙමේ කරන්න ඕනේ කියන එක. ඒ වෙනුවට මම තේරුම් ගත්තා එමලි කොයිතරම් බුද්ධිමත් ද කියලා එයාම Tick tac toe ගේම් එක හිතලා කොටු වල ඇඳලා එයාම ඒක Play කරපු එක ගැන.
එමලි වැඩ කරන්නේ එයාට පහසු සහ කැමති වෙලාවට.මගේ පැත්තෙන් වෙන්න ඕනේ එමලිගේ සංවේදන අවශ්‍යතා තේරුම් අරන් ඒවා සම්පූර්ණ කරගන්න සහය දෙන එක සහ පුළුවන් තරම් මානසික නිදහස එමලිට දෙන එක.ඒ වගේම මම ඇහුම් කන් දෙනවා.අම්මා විදියට නෙමේ එමලිගෙන් ඉගෙන ගන්න කෙනෙක් විදියට. ඒ නිසාම පොතක වැඩ කරනකොට ඒ පොතේ තියන ඒවා එමලි මට උගන්නවා.පළවෙනි පාරට ඒක දැනගත්තා වගේ මම ප්‍රතිචාර දක්වනවා. ඒ හරහාත් එමලිගේ දැනුම හොයාගෙන යන්න තියන උත්තේජනය වැඩි වෙනවා.
වැඩිහිටියන්ට පුළුවන් උනාට තමන්ට කිසිම උනන්දුවක් ,කැමැත්තක් නැති දේකට බොරුවට අවධානය දෙනවා වගේ රඟපාන්න පොඩි දරුවන් එහෙම කරන්නේ නෑ . එයාලා තමන්ගේ Emotions වලට හරි අවංකයි. අකමැති නං අවධානය දෙන්නේ නෑ. හිරිහැරයක් නං පීඩාවක් නං දෙමව්පියන්ව පවා ප්‍රතික්ශේප කරනවා. දරුවන් කැමති විදියට ඉගෙන ගන්න ඉඩ දෙන්න. දරුවාගේ විවිවිධත්වය වටහා ගන්න.
අපි ඊයේ රෑ එමලි මේ පොතම ඉවර කරනකල් කිසිම බාධාවක් නොකර බලන් හිටියා. නිකන් ඊළඟ දවසේ Exam එකක් තියන ගාණට එමලි හරි උනන්දුවෙන් වැඩ කරා
නිකන් හරි මම කිව්වා නං දැන් ඇති හෙට ඉතිරි ටික කරමු කියලා එහෙනං එමලිට රෑට නින්ද යන එකක් නෑ.හේතුව එයාට එයාගේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න බැරි වීමේ මානසික ආතතිය දැනෙන්න පුළුවන් නිසා.ඉතිං මුලු පොතම ඉවර කරාම අපි වට වෙලා අත් පුඩි ගැහුවා. Good Job එමලි කියලා කිව්වා. එමලිට හරි සතුටුයි. නාලා බණ්ඩිය පුරෝගෙන Happy Mood එකෙන් නිදාගන්න ගියා. නිදාගන්න යනකොට මම කිව්වා අම්මා හෙට අලුත් බෝනික්කෙක් අරන් දෙන්නං කියලා.එමලි දැන් බෝනික්කො ගැන උනන්දුයි.

නිකන් හරි මම කිව්වා නං දැන් ඇති හෙට ඉතිරි ටික කරමු කියලා එහෙනං එමලිට රෑට නින්ද යන එකක් නෑ.හේතුව එයාට එයාගේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න බැරි වීමේ මානසික ආතතිය දැනෙන්න පුළුවන් නිසා.ඉතිං මුලු පොතම ඉවර කරාම අපි වට වෙලා අත් පුඩි ගැහුවා. Good Job එමලි කියලා කිව්වා. එමලිට හරි සතුටුයි. නාලා බණ්ඩිය පුරෝගෙන Happy Mood එකෙන් නිදාගන්න ගියා. නිදාගන්න යනකොට මම කිව්වා අම්මා හෙට අලුත් බෝනික්කෙක් අරන් දෙන්නං කියලා.එමලි දැන් බෝනික්කො ගැන උනන්දුයි.