මේක ගැටළුවක් වගේ නොපෙනුනාට අම්මලාට තියන ඇත්තම ප්‍රශ්නයක් තමයි මේක. Autism බබාලා Play කරන විදිය වෙනස්.මේ වෙනස් කියන්නෙ වැරදි කියන එක නෙමේ.අපි වැඩිහිටියන් විදියට අපිට බැහැ දරුවෙක් Play කරන විදිය හදන්න.ඒ දරුවා Toy එකක් එක්ක හරි තනියම හරි තවත් ළමයි එක්ක හරි Play කරන්නේ ඒ දරුවා කැමති විදියට.

 දෙන දෙන හැම Toy එකම විසික් කරන බබාලා ඉන්නවා.ගෙදර තියන හැන්ද,පොත් වගේ දේවල් අහු උනත් විසික් කරනවා. මේවාට කියන්නේ Schematic Play කියලා. යම් වස්තුවක් එහා මෙහා යන විදිය බලන එක.දරුවන් වතුර වළවල් වලට පනින එකත් මේ Play එකට අයිතියි.වතුර එහා මෙහා යන විදිය සහ ශබ්ධය අහන්න එයාලා ආස නිසා.එතකොට උඩක ඉදන් පහළට Toys දාන එකත් එක්තරා Play එකක්.සමහර වෙලාවට මේක Visual sensory සංවේදනයේ අවම කම නිසා කරන වෙලාවලුත් තියනවා.එතකොට අපි කරන්න ඕනේ බබා එක්ක ඊට අදාළ Play හදාගෙන කරන එක.උදාහරණයක් විදියට අපිට පුළුවන් බාස්කට් එකකට කොළ ගුලි හදලා විසික් කරන්න.පිහාටු පිඹලා උඩ යවන්න.බැලුන් සහ Bubbles උඩ යවන්න.

Schematic Play වර්ග තියනවා.

*Trajectory Schema 

මේ කියන්නේ අපි කලින් කතා කරපු Toys විසික් කරන එක.Toys විතරක් නෙමේ අතට දෙන ඕනේ දෙයක් විසික් කරනවා.බබාට තරහ ගිහින් ඒක පෙන්නන්න බඩු විසික් කරන එක ගැන නෙමේ මේ කතා කරන්නේ. වැලි බකට් එකක් දුන්නොත් එයා හැම තැනම වැලි විසික් කරනවා නම් ඔන්න ඒක බබා Play කරන විදිය.එහෙම නැතුව බබා මුරණ්ඩු කමකට කරනවා කියලා හිතන්න එපා.

* Transporting Schema

මේකෙන් කියන්නේ බබා එක එක දේවල් බකට් එකකට ,බෑග් එකකට හෝ එයාගේ පොඩි Toy Truck එකට දාලා එහේ මෙහේ අරන් යන එක.ඒ වගේම අතට ගන්නවත් බැරි මහා ගොඩක් බඩු අරන් එහා මෙහා ගෙනියන එක. සමහර දරුවො කලිසම් සාක්කු වල එක එක Objects දාගන්නවා.මේ ඔක්කොම අයිති වෙන්නේ Play එකකට.

Enclosing Schema

එක එක බඩු වලින් වැටක් වගේ හෝ රවුමක් හදලා ඒ මැද්දේ Toys තියන එක වගේම කාර්ඩ්බෝඩ් Box වලට බකට් වලට බැහැලා ඉන්න එක. සමහර ඔටිසම් බබාලා හරි කැමතියි කාර්ඩ් බෝඩ් බොක්ස් වල බැහැලා ඉන්න.ඒක play එකක් වගේම Sensory need එකක්.ඒ නිසා ගෙදරට ලොකු කාර්ඩ් බෝඩ් බොක්ස් හම්බුනාම විසික් කරන්න එපා.බබාට Play කරන්න,බැහැලා ඉන්න ඉඩ දෙන්න.

Rotational Schema 

බයිසිකල් රෝද හරි ඕනෑම රෝදයක් කරකවමින් Play කරන එක සහ රෝදය තල්ලු කරගෙන ඒ පස්සේ දුවන එක.ඔටිසම් බබාලා මේ වගේ play හරහා Stimming කරනවා.

Enveloping Schema

නොයෙක් Toys සහ අතට අහුවෙන එක එක බඩු හංඟන එක තමයි මේ Play එකෙන් අදහස් වෙන්නේ.එතකොට බබාලත් තැන් තැන් වල හැංඟෙනවා.විශේශයෙන් ඔටිසම් බබාලා හරි කැමතියි කොට්ටේ යට ,ඇඳ යට බඩු හංඟන්න.

Connecting Schema

මේක හරි වැදගත්.හේතුව බහුතරයක් ඔටිසම් බබාලා මේ Play එක කරනවා.ඒක එයාලගේ Stimming එකක්.ටෝයිස් එකට ලයින් කරලා දිගට හෝ රවුමට එක එක හැඩ වලට හදන එක.

Orientation Schema

මේ play එකෙන් කියන්නේ බබාලා ඔලුව හරවලා එහෙම නැත්තන් කොහේ හරි එල්ලිලා ආපස්සට ටීවී එක හරි වීඩියෝ එකක් හරි යමක් දිහා බලන් ඉන්න එක.නැත්තන් සමහර වෙලාවට නැවිලා කකුල් දෙක අස්සෙන් යමක් දිහා බලනවා.

දැන් ඔටිසම් බබාලට Play කරන විදිය මේකයි කියලා උගන්වන්න හදනවා නම් ඒක නතර කරන්න.මේ උඩ තියනවා වගේ හැම Play එකක්ම Play එකක්. සෙල්ලම් වලට නිවැරිදි හැඩයක් කියලා දෙයක් නැහැ.දරුවා එයාගෙම හැඩයකට කරන සමහර Play දැකලා අම්මලා කළබල වෙන්න එපා.Nerotypical දරුවන්ට වගේම Neurodivergent දරුවන්ටත් එයාලා මවා ගත් ලෝක තියනවා.එයාලා මවා ගන්නා දේවල් හරහා ඒ Play නිර්මාණය කරගන්නවා. ඒ නිසා Toys විසික් කරත් Toys දිහා ඇහැක් ඇරලා බැලුවේ නැතත් දරුවාට එයාගේ නිදහස් ඉඩ ඇතුලේ ලොකු වෙන්න ඉඩ දෙන්න.

එමලි මේ දවස් වල කරන්නේ පොත් එක්ක Play එකක්.කබඩ් එකේ පොත් ඔක්කොම එලියට අරන් ඒවා Matching books කියලා ගොඩවල් වලට වෙන් කරනවා.අපිට මේ Play එකේ තේරුමක් පේන්න තිබ්බත් නැතත් දරුවා ඒක කරන්නේ එයාගේ ඔලුවේ ඇඳිලා තියන සෙල්ලමක්.ඒ නිසා Toys ගෙනල්ලා දුන්නට ගෙදර තියන හැදි පිඟන් වලින් දරුවා Play කරත් ඒවා වල තේරුම් හොයන්න යන්න එපා.හැම දරුවෙක්ම සෙල්ලම් කඩවල් දාගෙන සෙල්ලම් බත් උයාගෙන Play කරන්න අවශ්‍ය නැහැ.

දරුවා අයිති ළමා ලෝකෙට මිසක් වැඩිහිටියන් විසින් නිර්මාණය කරලා දෙන ලෝකෙට නෙමේ. විශේශයෙන් ඔටිසම් දරුවන්ව Fix කරන්න යන්න එපා.දරුවාට එයාගේ හැඩයට ලොකු වෙන්න සහය දෙන්න.