About Us

 

 

“ඔටිසම් “යනු ස්නායු විවිධත්වයකි. අප මේ විවිධත්වය රෝගයක් ලෙස හඳුන්වන්නේ නැත.විවිධත්වය යන හැඳින්වීම අප Neurodiversity යනුවෙන් හඳුන්වන අතර විවිධත්වයෙන් යුතු පුද්ගලයින් අප හඳුන්වන්නේ Neurodivergent යනුවෙනි. ලංකාවේ “ඔටිසම්” විවිධත්වය සහිත දරුවන්, තරුණ තරුණියන් සහ වැඩිහිටියන් සැළකිය යුතු ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ගේ අනන්‍යතාවය පිළිගැනීමට සහ වටහා ගැනීමට අප සමාජයට නිවැරදි “නව දැනුම” බෙදා දීමේ අවශ්‍යතාවය මතු වී තිබේ. මෙම වෙබ් පිටුව එමලිගේ දෙමවපියන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ Rotaract සමාජය (දිවියට දිවියක් 4.0) එක්ව පවත්වාගෙන යනු ලබන්නකි.

ලෝකයේ ජීවත් වන සෑම පුද්ගලයෙක්ම ශරීර ස්වාභාවයේ සිට, ගති පැවතුම්, සිතීමේ සහ ක්‍රියාකිරීමේදී එකිනෙකාට වෙනස්‍ වේ. මෙකී වෙනස කිසිදු විටක අසාමාන්‍ය වන්නේ නැත. සෑම පුද්ගලයෙක්ටම තමන්ගේ හැඩය තුළ ජීවිත් වීමේ පරම අයිතිය සහ නිදහස ඇත. ඒ ආකාරයෙන්ම ඔටිසම් පුද්ගලයින්ට තමන්ගේ අනන්‍යතාවය සහිතව නොබියව, නොපැකිළිව මේ සමාජයේ ජීවත් වීමේ අයිතිවාසිකම වෙනුවෙන් අප පෙනී සිටින්නෙමු.

ඔටිසම් විවිධත්වය වඩා පහසුවෙන් වටහා ගැනීමට අප අපගේ කියවීම පුළුල් කර ගත යුතුය. මේ සමාජය තුළ ඔටිසම් ප්‍රජාවට වඩාත් පහසුවෙන් එකිනෙකා සමඟ ගනුදෙනු කළ හැකි වන්නේ ඔවුන්ගේ විවිධත්වය පිළිබඳව සමාජ කියවීම නිවැරදි වුවහොත් පමණි. ඉතිං අපි විවිධත්වය වටහාගෙන සෑම පුරවැසියෙක්ටම සමාන වටිනාකමක් ලබා දීමේ ව්‍යාපෘතියට එකතු වෙමු.