අද පළවෙනි වතාවට එමලිව අරන් ගියා Clothing Shop එකකට. මම අන්තිම පාර ඇඳුමක් ගන්න ගියේ මට මතක හැටියට ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දේ.නැත්තන් හැමදේම online තමයි. හේතුව එමලිව ගොඩක් කාර්ය් බහුල තැන් වලට එක පාර අරන් යන්න අපහසුයි. Sensory overload වෙන්න පුළුවන් නිසා. එමලිව දාලා මට එහෙම තනියම එළියට ගිහින් ගොඩක් වෙලා ඉන්නත් බැහැ. එමලි මාව හොයලා අඩන්නෙ නෑ. තාත්තායි අක්කයි එක්ක හොඳට ඉන්නවා. ඒත් මට එළියට ගියත් හිතට නිදහසක් නෑ එමලිව පේන්න නැති නිසා
. ඒ නිසා මම කැමැත්තෙන්ම තමයි කොහේවත්ම නොගිහින් ඉන්නේ.
මට හිතුනා මේ හොඳම කාලේ කියලා එමලිව ඇඳුම් ගන්න එක්කන් යන්න. හේතුව එමලි දැන් කාලෙක ඉදන් ලස්සන ඩිසයින් වල ගවුම්, ටීශර්ට් බිත්ති වල අඳිනවා.ඒ අඳින ගවුම් වලට කොලර්, පොකට්ස්, බොත්තම් පවා අදිනවා. ඉතිං එමලිගේ පළවෙනි Shopping Experience එක ලස්සන එකක් වෙන්න ඕනේ කියලා හිතලා ටිකක් පොඩි ඒත් අඳුරු නැති Shop එකකට එක්කන් ගියා. මම ඊයේ ඉඳන් කිය කියා හිටියේ එමලි අපි හෙට ඇඳුම් ගන්න යනවා කියලා.
ඉතිං එමලි මම හිතුවටත් වඩා සතුටින් ඇඳුම් ගන්න ගියා. කඩේට ඇතුළ් වෙලා එක එක ඇඳුම් දිහා බලලා සතුටින් කෑ ගැහුවා.උඩ පැන්නා
. ඒවා එකින් එක අල්ලලා බැලුවා. කඩේ හිටපු Sweet Girl කෙනෙක් එමලිගේ ලඟින් හිටියා.එමලි මම ඇඳුම් ගන්නකල් එතන බංකුවේ ඉදන් හිටියා. ඒ අතරේ එයා අර Girl දිහා බලලා හිනා වෙලා ” I LOVE YOU” කිව්වා
. මම ඒක බලාපොරොතු නොවුන දෙයක්. ඒ Sweet girl එමලිට පෙරලා I LOVE YOU කිව්වා. මට ඒ මොහොත නං අමතක වෙන එකක් නෑ. ඉතිං ඒ Girl එමලිගේ අතින් අල්ලන් ගිහින් ඇඳුම් පෙන්නුවා. එමලි ගවුම් දෙකක් තෝරගත්තා. ඒත් ඒ දෙකම ගොඩක් පොඩි බබාලාට අන්දන්න පුළුවන් සයිස් එකේ ගවුම්. ඒත් මම ඒ ඇඳුම් දෙකම එමලිට ගන්න දුන්නා. ඒ එමලි පළවෙනි වතාවට කැමැත්තෙන්ම තෝරගත්ත ඇඳුම් නිසා සහ කොහොමත් ඒ ගන්න ඇඳුම් එමලි අඳින්නෙ නෑ කියලා මම දන්න නිසා.එමලි ඒ ඇදුම් දෙක තෝරගත්තේ ඒ පාට සහ ඩිසයින් එක එමලිගේ ස්නායු වලට උත්තේජනයක් ගේන නිසා.
ඉතිං ඇඳුම් අරගෙන ඉවර වෙලා Shop එකේ හිටපු ඒ හරීම හොඳ ගෑනු ළමයටත් Thank you කියලා අපි කැශියර් එක ළඟට ආවා. බිල ගෙවනකල් එමලි එතන තිබ්බ ඇඳුම් ගෝනියක් උඩ ඉඳගෙන කිසිම කලබලයක් නැතුව හිටියා. ඉතිං අද හරිම සාර්ථක ලස්සන දවසක්.
මට වැඩියෙන්ම සතුටු එමලි Shop එකේ Girl ට I Love you කියපු එකට තමයි 

එමලි තෝරපු ගවුම් දෙක
