” Inside ඔටිසම් “පොත ලංකාවේ ඔටිසම් සම්බන්ධව ලියවුනු පළමු Guide book එක වෙන්නේ ඒ පොතේ තියෙන්නේ එමලිගේ ඔටිසම් අත්දැකීම සහ මම එමලිට සහය දෙන්න තෝරාගත් මාර්ගය ගැන, මම මුහුණ දෙන අභියෝග ගැන විතරක්ම නෙමේ නිසා . මගේ පුද්ගලික අත්දැකීම කෙනෙක්ට සහයක් වෙන්න පුළුවන් වගේම නොවෙන්නත් පුළුවන්. ඒත් Spectrum එක වටහාගෙන දරුවාගේ විවිධත්වය පිළිඅරගෙන දරුවාට සහය දීමේදී කාටවත් මගේ පුද්ගලික අත්දැකීම් ඒ තරම් වැඩක් වෙන්නේ නැහැ.
ඒ නිසා මම හැකිතාක් Spectrum එක වටහා ගන්න අවශ්‍ය අප්ඩේට් දැනුම එක තැනකට එකතු කරා.විද්‍යාත්මකව තහවුරු වුන කාරණා සහ අප්ඩේට් දැනුම ගොනු කරා.
බහුතරයක් දෙනා දන්නවා එමලිට සම්පූර්ණයෙන් සහය දෙන්නේ මම කියන එක. ඒකට මට පුද්ගලික කාරණා සහ මම ලංකාවේ දකින සහය ක්‍රමවේදයේ හැඩය ඇතුළු හේතූ කීපයක්ම තියනවා. ඒ නිසාම මට සිද්ධ වුනා නොනවත්වාම Spectrum එක ගැන දැනුවත් වෙන්න.ප්‍රශ්න කරන්න, උත්තර හොයන් යන්න. ඒ සොයා යෑම තව අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට වගේම ඔටිසම් ගැන නිවැරදි අවබෝධයක් ගන්න අවශ්‍ය ඕනේම කෙනෙක්ට වඩා පහසුවක් වෙන්න තමයි මම ඒ එකතු කරගත්ත දැනුම එක තැනකට එකතු කරේ. මම මූණ දුන්න අසීරුම දේ තමයි කොහොමද අවශ්‍යම වැදගත්ම කාරණා ටික තෝරගන්නේ කියලා. මම පොතට ඇතුළත් කරලා තියන්නේ මොනවද කියලා මම පහළින් දාන්නම්.දැන් මේ ඉංග්‍රීසි වලින් තියෙන මාතෘකා පොතේ ඉතාමත් සරල සිංහලෙන් උදාහරණ මහා ගොඩක් එක්ක පැහැදිලි කරලා තියනවා. උදාහරණයක් විදියට දැනට ලෝකයේ පවතින ප්‍රධාන තෙරපි සකැස්මවල් වල වෙනස වගු ඇතුළේ වෙන වෙනම උදාහරණ , සිදුවීම් එක්ක පැහැදිලි කරලා තියනවා.
මෙම පොතේ අන්තර්ගත වන්නේ,
- Neurodiversity සහ Neurodiversity-Affirming Practice
- Sensory Differences, Sensory Seeking, Sensory Avoidance, Hypersensitivity, Hyposensitivity
- Intense World Theory (IWT)
- Hyper-Attention
- Hyper-Reaction
- Sensory Toys
- Joint Attention
- ABA පිළිබඳ විශ්ලේෂණය
- “Scream, Slap and Love” ලිපියේ සිංහල පරිවර්තනය
- ABA සහ Neurodivergent-Affirming ආකෘතිය අතර වෙනස්කම්
- Stimming
- Pattern, Routine සහ Emotional Regulation අතර සම්බන්ධතාවය
- Gestalt Language Processing (GLP)
- Marge Blanc ගේ Natural Language Acquisition ආකෘතිය
- Strong Long-Term Memory
- Visual Memory
- Rote Memory
- Memory සහ Sensory Details අතර සම්බන්ධය
- Hyper-Memory සහ Special Interests
- ශ්‍රී ලංකාවේ පැතිරී ඇති ඔටිසම් මිත්‍යාවන්
- Autism Elopement / Wandering
- Autistic Burnout
- Potty Training
- Autistic Masking
- Eye Contact පිළිබඳ විද්‍යාත්මක අවබෝධය
- Weak Central Coherence Theory
- Empathizing-Systemizing Theory
- Behavioral Patterns
- Cognitive Patterns
- Communication Patterns
- Sensory Patterns
- Emotional Patterns
- Special Interests හරහා ඉගෙනීම
- Spoon Theory
- Whole Body Listening සහ ඒ පිළිබඳ විවේචන
- Eugenics ඉතිහාසය
- Nazi T4 Program
- Iceberg Analogy
- Double Empathy Theory
- The Autistic Subject: On the Threshold of Language
- Monotropism Theory
- Brain-Body Disconnection
- Autism Support Levels පිළිබඳව
මම මේ හැම අදහසක්ම, මූලාශ්රයක්ම සහ Structure එකක්ම ප්‍රායෝගිකව එමලිට සහය දෙන්න පාවිච්චි කරපු හැටි සහ මට එමලිව තේරුම් ගන්න සහය දුන්න හැටි මගේ පුද්ගලික අත්දැකීම් කොටසේ ලියලා තියනවා. ඉන් එහාට නයනා හේවගේ, සංජි ගමගේ සහ සමාලි , ශලනි,පාරමී තමන්ගේ අත්දැකීම් බෙදාගෙන තියනවා.
” Inside ඔටිසම් ” පොත විසි වෙනි සෙනසුරාදා උදේ 10 ට බොරැල්ලේ මරදාන පාරේ Samudra studio එකේදී එළිදැක්වෙනවා. ඒත් එක්කම සමුද්‍රා පොත් හල් හරහා සහා අනෙක් සියළුම පොත් හල් වලින් පොත ලබා ගන්න පුළුවන්. එහෙම ගන්න අපහසු ලංකාවේ සහ වෙනත් රටවල් වල ඉන්න අයට පුළුවන් මේ පහළ සදහන් කරලා තියන ලින්ක් එකෙන් online පොත ගෙන්වා ගන්න.
සමුද්‍රා පොත් වෙබ් පිටුව : https://samudrabooks.com/
ඒ වගේම එන්න තියන තැන තියෙන්නේ බොරැල්ල හන්දියේ ඉඳන් කොලඹ පැත්තට එනකොට කොළඹත් පුංචි බොරැල්ලත් අතර දකුණු පැත්තේ. මම මැප් එකේ ලින්ක් එකත් පහළින් දාන්නම්.
Samudra Book Shop – Colombo : https://maps.app.goo.gl/ZeKGhx4Emw6pkkTj9?g_st=aw
