මම එමලිගෙ video බලන්න පටන් ගත්ත මුල් කාලයේ වගේ රමේශා ගිනි ගත් ආයතනයට අදාල දරැවකුගෙ post එකක් දාල තිබුන. මේ අසරන දරුව පුංචි කවුළුවෙන් අත දාල දානය දෙන්න ආපු අයකුගෙන් කෑම ලබාගත්ත. පලමු වතාවට මම මේ ආයතනය ගැන දැනගත්තෙ එදා. අදටත් ඒ හැගීම් විරහිත අසරන මූන මාව කම්පනයට පත් කරනව.

 මේ page එකේම තවත් රැකබලාගන්නා මධ්‍යයස්තානයකට දන් පිරිනමන්නට ආ විශාකාවක් උඩ පැන පැන පින් පව් ගැන පාඩමක් සමාජයට කියාදුන්න video එකක් ගැනත් අපි කතා කලා.එතනත් දරැවෙක් හිරකරගෙන හිටිය.ඒ දරැවත් අත එලියට දමමින් යමක් පවසන්නට උත්සාහ කරද්දී ඒ විශාකාව දරුවාට අත වනමින්ම ඉගිල ගියා.

අද වෙනකොට අපේ දරැවන්ගේ සුරක්ෂිතබව ගෞරවය වෙනුවෙන් හඩක් නගන්නන් වැරදිකරුවන් නැතිනම් මානසික ලෙඩුන් වී දරුවන් විකුනන් කනවුන් වීරයන් වී ඇත. වගකිව යුත්තන් මුනිවත රකිමින් ඇත.

ලෝකයේ අනෙකුත් රටවල පවතින community living models ගැන පුංචි සටහනක් ලියන්නෙ ඔයාලට අපේ දරුවන්ට අවශ්‍ය කුමක්ද යන්න ගැන දැනුවත් කිරීමක් කරන්න. මේ ලියවීම් හෝ දැනුවත් කිරීම් හරහා එකිනෙකට හාත්පසින්ම වෙනස් ආර්ථික, සමාජීය හා සංස්කෘතික වෙනස්කම් ඇති රටවල් සංසන්දනය කිරීමට උත්සාහ ගන්නේ නැත. එහෙත් මානුෂික ක්‍රමවේදයන් සහ සහය, පිළිගැනීම සහ ගෞරවයට අමතර පිරිවැයක් දරන්නට අවශ්‍ය වන්නේද නැත.

Special disability accommodation (SDA)

මේ ඛාන්ඩයට අයත් නිවාස ඉතා ශක්තිමත්ව ගල් පාවිච්චියට අරගෙන හදල තියෙන්නෙ (robust houses) ක්‍රියාකාරී දුර්වලතා(extrem functional impairment) අවධානයට යොමුකල යුතු හැසිරීම් ( behavior of concern) පෙන්නුම්කරන සාමාජිකයන් සදහා වෙන් කරල තියෙනව. මේ රැකවරණ මද්‍යස්තාන තුලම සමාජගතවීම සිදුකරනව.

Supported independent living ( SIL)

24/7 සහාය ලබාදීම කරන අතර ,තනි පුද්ගල නිවාස හෝ කිහිප දෙනකුට එකට ජීවත්වන නිවාස වශයෙන් වෙන්කර තියනව. මේ නිවාස J ගෙ පයින් පාරකට උනත් හිල් හැදෙන වගේ නිවාස. 🤭

Group homes

සාමාජිකයන් 4ක් හෝ වැඩි ප්‍රමානයක් සහාය දක්වන්නන් සහයෝගයෙන් බෙදාගෙන ජීවත්වන නිවාස. මේ නිවාස වල සාමාජිකයන් බොහෝ දුරට ස්වාධීනයි.

Short-term accommodation ( STA)

මේ ස්ථාන කෙටිකාලීන විවේක රැකවරණ ලබාදීම කරනව. මේක ඇත්තටම primary career ට පොඩි විවේකයක් ගන්න සලසපු මධ්‍යයස්තාන. සහාය දක්වන්න ඵම ආයතනම සපයනව වගේම තමාගේම සහායක සමගත් නවාතැන් ගන්න හැකියාව තියනව.camping site, farms වලත් පවත්වාගෙන යනව.

ඒ වගේම assistive devices සහ විශේෂයෙන් train කරන ලද සහායකයන් 2: 1 ඉන්නව වගේම මේ හැම accommodation එකකම therapy සහාය ලැබෙනව .

අපේ රටේ මේ තරමටම නැතිවුනත් .ආරක්ෂිත, ගෞරවනීය ලෙස ජීවත්විය හැකි.පුහුණු සහායකයන් සහිත නේවාසික පහසුකම් ලබා දිය නොහැකි ඇයි? යම් ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නට නොහැකි ඇයි?

මේ සදහා සටන් කල යුත්තේ ඇයි?

සටන් කිරීමට මානසික ලෙඩක් විදියට දකින්නේ ඇයි?

රජය ,රාජ්‍ය නිලධාරීන් මේ සදහා නිසි ක්‍රියාමාර්ග දැන්වත් නොගන්නේ නම්,තව තවත් විශාකාවන්, අනේ පිඬු සිටානන්, මේ අවකාශය තුළ රගනු ඇත.සහාය අවශ්‍ය ප්‍රජාව තව දුරටත් සුපින්වතුන්ගේ පින් පොත් පුරවමින් මූලික පහසුකමක් වත් නොමැතිව බිත්ති හතරකට කොටුව දෙමාපියන්ගේ ගායට හදාගත්ත පවු කාරයින්ට ලෙසට මිය යනු ඇත.

රමේශා මින් පෙර මේ සම්බන්ධව ලියූ ලිපියක ලින්ක් එක එකතු කරනවා.

මුල් සබැඳිය : Community Living Models