Autism සහිත දරුවෙකු ඇති දැඩි කරන සියලුම අමිමලාට ආදරෙන්….
කොතරම් වෙහෙස වුවත් අද
කඩා වැටුනත් මෙ සිත
කෙතරමි හැඩුවත් ඇස් දෙක
නමුත් ආයෙමත්
නැගිට හෙට
සියල්ල මුල සිට කරන ඔබ
ඒ දහිරියට වචන නැත…..
යම් මතු දිනක දකිනට
පුංචිම හෝ එලියකට හීන මවන
ඒ දවස ඈත නැත ඇත්තමය….
කිසිදා නොසිතූ දේවල් ඉගෙන ගෙන
ඒ අමුතු ලෝකයට හැඩගැසෙන
ඔබේ ඒ දහිරියෙන් මග දකින
දිනෙක ඒ දරුවා දිනනු නියතය…..
මැදියමි රෑ , පාන්දර දෙකට
නිදිමරා වෙහෙසෙන
එකම එක තැනක් විය
ඒ ඔබෙ නිවස මිස වෙන කොහෙද
කෙතරමි වෙහෙසද
ඒ හැගුම
කවදා හෝ අවසන් වෙයිද
මේ ගමන…..
කෑ ගසා බිම වැටී අඩන ඒ පොඩි හිත
උදවිවට උත්තර හොයන
කඩා වැටුනු ඔය හිත…..
කියා ගන්නට වචන නෙමැතිව අතරමංව
ඒ අත පය පහර දෙන විට ඔබට
තමාට තමා නැති කරන් වෙහෙසෙන
ඔය හිත පෑරෙන තරම……
රෝහලට , වෙලද සැලට , සාදයට
ගියත් ඔය කොයි තැනක
වියවුල් වී අසරන වූ ඒ පොඩි හිතට
සහයක් නැතූව පොර බදන
ඔබ විතරමය…..
ලැබිය යුතු දේ ලබා ගන්නට
දිනපතා වෙහෙසෙන ඔබට
ඇහුන්කමි නොදෙන බව දැන දැනම
සටන අත නොහරින හයිය
ඒ ඔබෙ සැටිය…..
දරැවාට ලෙඩක්ද අපලද
අනුන්ගේ ප්රශ්න නිමක් නැත
හරිම මූසලය පවිකාරය
ඔබට ඇනුමි පද එමටය
සියල්ල තනිවම උසුලන
ඔබට ඔබ පමනය….
ඔබ තරම් දරා ගත්
කෙනෙක් තවත් නැත
ඒ ශක්තියට සම වන කිසිත් නැත
ඔබ තනිවී නොමැත මිතුරිය
ඔබ සමග මාත් මෙතැනය
ඉතින් මෙ ගමන අපි ඇවිද යමු නොවෙද….
-නිසංසලා අබේසේන-
