එමලි අද පාන්දර තුනේ ඉඳන් ඇහැරිලා.එයත් එක්ක මාත් ඇහැරිලා.ඇහැරිලා ඉන්න ගමන් Verbal stimming මහා ගොඩක් කරා. එක එක වචන , වාක්‍ය කිව්වා. මාත් නිදි මරගාතෙම ඒවා රිපීට් කරා.ඊට පස්සේ උදේම චිත්‍ර අදින්න ගත්තා.චිත්‍ර ඇදලා ඒවා පාට කරලා කතුර අරන් කපන එක තමයි කරන්නේ.හැබැයි දැන් ඉස්සර වගේ නෙමේ මේ මොකක්ද ඇඳලා තියෙන්නේ කියලා ඇහුවම ඒ ඇදපු එක කියනවා🥹. ඉතිං මම උදේ ඇහුවා ඇදපු චිත්‍ර අරන් මේ මොකක්ද? මේ කවුද කියල. එක චිත්‍රයක් පෙන්නලා ඇහුවම උත්තර දුන්නා ” Mommy ” කියලා. ආයේ කිව්වා ” Mommy – Ramee “ කියල.මට මගේ පවුලේ අයයි සමීපතම යාලුවොයි කියන්නේ Ramee කියලා 🤭.

ඉතිං මෙච්චර ලස්සනට මාව කිසිම කෙනෙක් ඇදලා නෑ. මම හිතන්නේ මේ චිත්‍රේ දීලා ඒක මම ටීශර්ට් එකක ප්‍රින්ට් කර ගත්තා නං හොඳයි කියලා 😍. මේක තමයි එමලි එයාගේ ” අම්මව” චිත්‍රේකට ඇන්ද පළවෙනිම වතාව 🥹

මුල් සබැඳිය : එමලි එයාගේ ” අම්මව” චිත්‍රේකට ඇන්ද පළවෙනිම වතාව